අතට අසුවන
හැඩ ගලපමින්
මවා ගත්තෙමි
නුඹේ රුව මම

කනට ඇසෙනා
හඬ ගලපමින්
මවා ගත්තෙමි
නුඹේ හඬ මම

තනිවෙලා මම
අඳුරු ලෝකෙක
එළිය කවදද
දකින්නේ මම

දහසකුන් නෙක
ප්‍රශ්න අසමින
ලොව දකින්නට
වෙර දරමි මම

නිරතුරා මගේ
ලඟම රැඳෙමින
අඳුරු ලෝකෙට
පහණ වුනි ඔබ

හෙට දිනක යලි
එලිය දකිනට
දිරිය දුන් ඔබේ
හඬ නොමැත අද

වෙනදා උදයෙම
ලඟට විත් හිඳ
නලලත සිඹ
උනි මා තුරුල් කර

මහ සෙනග විත්
කෑ ගසන හඬ
සමහරෙකු ඉඳහිට
ඉකි ගසයි තව

ඇසුනි සමහරු
විමසනා හඬ
අර ඉන්නේ තනි වුන
කොලු පැටියා නෙව

දින දෙකක් ගතවුනි
නොනිදාම මම
ඔබේ හඬ තවම නෑ
ඇසුනේ මගේ කනට

මටත් නොකියා
නුඹ ගොසින් ඇත
මගේ ලොව තිබු
එකම පහණ් සිල

පතමි නුඹ හට
උතුම් බුදු බව
මතු සසරෙ
උපදිනා භවයෙක

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...