දෑසත් පියා
සුදුවතින් සැරසිලා
දෑතත් එකට බැඳ තබා
නුඹ ඉඳියි අද සැතපිලා..

වෙනදා නුඹ සිටියා
මා එනතුරු දොරකඩට වෙලා
සිනහව කතාව නැවතිලා
නුඹ ඉඳියි අද සැතපිලා..

මා තවමත් හිඳියි
නුඹ ලඟටම වෙලා
මගේ රන් කඳ ඇයි මා තනි වෙලා
නුඹ ඉඳියි අද සැතපිලා..

මගේ ජීවිතෙත් මග නැවතිලා
නුඹේ චරිතය හදිසියේම නවතලා
යන්නේ කොහේද ප්‍රියේ මා දමා
නුඹ ඉඳියි අද සැතපිලා..

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021