ගමේ සුවඳ

ගමේ සුවඳ
කහවනුවලට
දිය කර..
හිරිවැටුනු බඹර තුඩට
සුවය සදන..
ගමේ සිහිල හැරදා
කොළඹ ආ ඇය..
කොළොම්පුරේ සිට සැදු
සිහින මාලිගාව
අහිමිව..
මාරයා සමග
සටන් කරමින්..
අන්න
ජාතික රෝහලේ
ඇඳක් උඩ...
රොන් ගත් බඹරුන්
එයිද පිළිසරණට...
ගමේ නෑයන්
එයිද මලගමට...

Comments

  1. ඇත්ත තමා.වැරැද්දක් කලාම ඒකේ අරුම තේරෙන්නේ ගොඩක් පහු වෙලා.

    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරානම් ගොඩක් පහසුවෙයි කමෙන්ට් කරන්න.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Father's Day 2021