මට කතා කරන්න බෑ
උපතින්ම ගොලුයි
මම ජීවත් වෙන්නේ
කුලී වැඩ කරලා

මගේ අත් දෙකම නෑ..
මම ජීවත් වෙන්නේ
වලන් හදන වැඩපලක
කකුල් දෙකෙන් මැටි අනලා
හම්බවෙන මුදලින්...

මම උපතින්ම අන්දයි
මම ජීවත් වෙන්නේ
පාරේ සින්දු කියලා
හම්බෙන මුදලින්...

මගේ කකුල් දෙකම නෑ..
මම ජීවත් වෙන්නේ..
රෝද පුටුවෙන්
පාරවල් ගානේ ගිහින්
ලොතරැයි විකුණලා...

මම හොඳට ඉගෙනගෙන
කාර්‍යාලයක ගිණුම් වැඩ කරන්නේ...
මම කැතයි, කලුයි, කොටයි කියලා
එයා මට කැමති උනේ නෑ,
මට ඉතින් මෙහෙම ජීවත් වෙලා වැඩක් නෑ,
මං යනවා මැරෙන්න...


*කවියක් නම් නෙමෙයි, කියවලා ගන්න තියෙන දෙයක් ගන්න... එහෙම දෙයක් හම්බුනේ නැත්නම් කතා කරන්න.. :)

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021