කාමරේ මුල්ලක තනිවෙලා උන්
සිතුම් පොදි එකිනෙක අරන්
තුඩු කැඩී පරන වී ගිය
පැන්සල් කොටත් එකතු කරන්
කෙලවරක් මීයන් කා දැමු
කැන්වස් රෙද්දකුත් දිගහැරන්
රැයක් නිදිවරා ඇන්ද සිතුවම
මෙන්න බොලේ අද හොරු අරන්...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021