කවි පොත Missed

පරන කුණු ඔක්කොම
හොඳ හැටි අතුගාලා
ගුලිකර තඩි බක්කියකට
තද කර ඔබාලා

විසි කෙරුවා ලොබ කම්
පැත්තක තියාලා
අද උදේ නැගිට බලුවෙමි
කවි පොත සොයාලා

මලකෙලියයි ඒකත් මම
කුණු ගොඩටම විසි කරලා
නොදැනිම මගේ අත
ලොකු වරදක් කරලා

මගෙ තනිකම ගැන නුඹ විතරයි
දැනගෙන උන්නේ..

හිතට ආපු හැම මගුලම
එතනනෙ තිබුනේ...

දුටුවොත් මගදි මගහැරදා
නුඹ නොයන්නේ...
පිං සිදුවෙයි පොත හැකිනම්
රිටර්න් කරන්නේ...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...