Posts

Showing posts from January, 2014
හෙඩ් ලයිට් දාගෙන... හෙල්මට් එකත් අතේ දාගෙන... _____________ Safety 1st
ඔබ මෙන්ම අප ආගිය මගතොටද වෙනස් වී ඇත නමුදු එමග රැඳි අපේ මතකයන් දිනෙන් දින අලුත් වනු ඇත
මට එපා හඳේ තවත් උඹේ හාදකම්.... දුටුවා මම අදත් තරු එක්ක නටන නාඩගම්... උඹ වෙනුවෙන් ගෙතූ කවි අදින් අවසන්... මතකයි නේද මම උඹේ ඔරායන්...
ඔයා අහලා ඉවර උනාට... මම තාම කියලා ඉවර නෑ... ඔයා කියලා ඉවර උනාට... මම තාම අහලා ඉවර නෑ...
කැරකිලා ලෝකේ කැරකෙන හැම පැත්තටම... මත් වෙලා අපිත් හොඳටම
යනෙන මගතොටදි නුඹහට අපේ මතකයද හමුවෙත එවිට දුක සිතොත් නුඹහට දොසක් විසිකරනු මා වෙත උඩු හිත වගෙ නෙමෙයි යටි සිත නිතර නුඹ ගෙනෙනවා මතකෙට ආයෙමත් මා සිතින් යමි අතීතෙට තියන්නට ඉඩක් නෑ මතට තිත
දැක්කද ඔයා කොහෙදි හරි මාව.. මට තාමත් බැරි උනා...
Friendships forever... i have realised that it is depend on what you have that interested ur friends... if u dont have it, they will leave and dont know even who you are. You have to introduce your self to them again, and they will ask who you are, and do you know me. No wonder, that is the reality....
මට හිමි නුඹ, අහිමි කල නුඹ හිමි.. මට අහිමි නුඹ දැන් ඔහුට හිමි.. දුක ඉරිසියාව අතර මා තනිවුනි.. සතුට හා දුක වෙන් වෙන්ව එකම විදියට විඳි හැටි,. තවම මට සිහිනයකි

වියපත් බඹරාගේ විලාපය

කොල්ලො කුරුට්ටන් කොටු පනිනකොට තරඟෙට.... හෙන ඉරිසියයි බන් වාරු නැති වයසක මට... ඩයි කලත් කොන්ඩ රැවුල් ලස්සනට... අන්කල්මයි කියන්නේ මුන් මට... ________________________

වෙඩිමකට ගියාම

පිරිමි කරන්නේ... යහමින් බොන එක... ගැහැණු කරන්නේ කිට මරලා ගිහින්, පින්තූර ගන්න එක.... දෙකටම නැති උන් කරන්නේ ඒවා බල බල හිනා වෙන එක...
උපාසකයෙක් උනා නම් මමත් ආදර වන්තයෙක්... _____________________ ආදරේ කියන්නේ භාවනාවක්ලු
වත්මන් ආණ්ඩුව අනවශ්‍ය විදියට රටේ සියලු කටයුතු වලට ඇඟිලි ගහනවා. රාජ්‍ය පුද්ගලික සියලුම වගේ අංශ වලට එක දිගටම මේ යන විදියේ බලපෑම් එල්ල උනොත් ආසියාවේ ආශ්චර්යම තමයි. අසාධාරණ බදු ප්‍රතිපත්ති, ආයතනවලට අයතා ලෙස සේවකයන් බඳවාගැනීම් ඉන් කිහිපයක්. නාමල් බේබි තමයි දැන් ගේම් එකේ ලොකු රෝල් එකක් ප්ලේ කරන්නේ. ඊයේ පෙරේදා කියලා තිබුනා එක්තරා රටක ශ්‍රී ලාංකික සේවකයන් සඳහා ගෙවන වැටුප වැඩියි, ඊට අඩු වැටුපට තව කට්ටිය වැඩිපුර එවන්න පුලුවන් කියලා.. හෙට අනිද්දට ගන්න පඩියෙන් කොටසක් ආන්ඩුවට ඕන කියලා කිව්වොත් පුදුම වෙන්න එපා. ප්‍රාදේශීය සභාවල ලොක්කන් වැඩිහරියක් ඉන්නේ බන්ධනාගාරවල. වැඩිපුරම ඉන්නේ කාන්තා හිංසනය හේතුවෙන් අතඩංගුවට ගනිපු උන්. කොසොල් රජ්ජුරුවෝ දැකපු හීන ඔක්කොම කෙටි කාලෙකින් සැබෑ කරපු එකම රාජ්‍ය නායකයාගේ රටේ පුරවැසියෙක් වීමම කොච්චර ආඩම්බරයක්ද... අරින්නෙපා මහ රජෝ, තව කන්න දේවල් ගොඩක් තියෙනවා මේ රටේ..
මගේ හදවත නුඹට දුන්වග.. හැම කෙනෙක් දන්නා රහසෙකී.. ඒ හදම නුඹ විසිකරපු වග අපි පමනක්ම දන්නා රහසෙකී.. හිතට එකඟව ඉන්න බැරි වග නුඹත් දන්නා රහසෙකී.. නුඹ අදත් මගේ හදෙහි සිටි වග මම පමණක්ම දන්නා රහසෙකී..
ඊයෙ හවසත් මම ගෙදර එනකොට කාමරේ ජනෙලයක් යන්තම් ඇරී තිබුනා.. වෙනදා වාගෙම වෙනසක් නැතිව මම ගනන් නොගෙනම ඔහේ උන්නා.. සුළඟ ඇවිදින් විටින් විට ගෙට නුඹ කොහේදැයි විපරමේ උන්නා... මම ආවේ අද නුඹ නැතිව වග නොදන්නවා වාගේ මමත් උන්නා.. හිතට එකඟව ඉන්න බැරි තැන ජනේලය මම වසා දැම්මා...
හන්තානට පායනා හඳ  ලස්සනට තිබු බව  කියා තිබුනා ඉඳ හිට හෝ නුඹ  එවූ ලියුම් වල  නුපුරුදු ගතියකුත්  දැනුනා.. නුඹට රහසින්  මමත් මෙහි හිඳ  කොළඹ හඳකට  කවක් ලියුවා දෙතැන ඉඳගෙන  අපිටත් හොරෙන් අපි  එකම කවියක  පේලි ගෙතුවා..
අහසේ තරු කැට  කඩා වැටෙනකොට.. මූනිච්චාවට හිනාවුනා  සඳවත..
කාගෙන්වත් උදව් නැති තැන.. මම මගේ අතින්ම වැඩේ ඉවරයක් කරලා දැම්මා.. ______________________ දැන් ටික කාලෙකට හරි හිත නිදහස්
"මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති.. මේ අයුරින් අපි දවසක්දා සසර මගදි වෙන්වෙන්න ඇති..." සලසුම් නැති ඒ හමුවීම එදා වගේම අදත් මට පුදුමයක්... කෙටි කාලෙකින් අඳුනගෙන... කෙටි කාලෙකින් ගොඩක් දුර ගියපු අපි... දිගු කාලීනව වෙන් වන්නේ අපිටත් හොරෙන්.. තාමත් හිතේ හොල්මන් කරන නින්දෙනුත් හොයන ඔයාගේ රූපෙ තවත් දුරයි.. දැන් මගේ හීනත් මට අයිති නෑ.. ඒත් අයිති නැති හීන කාටත් හොරෙන් ආයෙත් ආයෙත් මං බැලුවේ ඒ හීනමයි..
අපි අතර පරතර වැඩිවෙයි අදට වඩා හෙට
බැඳගනිපු බෙරේ බැන බැන ගහනගමන්... අහල පහල බෙරත් රෙන්ට් එකටහරි අරන් ගහන උන්.. සිල් ගන්නවලු හතරපෝයටම...
ඇඩ්‍රස් නැති කුඩු කන්ටේනර් වගේද... නැති උන කැස්බෑවෝ... අන්න නිව්ස්... හදන්න දන්නේ නැත්නම් රෙසිපිය රජවාසලෙන්... අපි තමයි ඉතින් ආසියාවෙ හෙන පොරවල්
නුඹ ඇවිදින් ගියොත් මෙහි කවදා හරි දවසක... කියවලා බලනවද මගේ කවි එකින් එක... හමුවුනොත් එක කවක් කියවිලා නැති නුඹේ වග... කාට කුමට ලිව්වද අතොරක් නැතිව අසනු ඇත..

දන්නවද..

උඩ ඇරපු රොකට්ටුවේ සිංහයා මග මැරිලා බැලින්නම් ඌත් Made in china
කනාමැදිරි එලියෙනුත් බැට කෑ නිසා... මට දැන් ඔක්කොම පේන්නේ ගිණි පෙනෙලි වගේ....
කුසගින්නේ ඉඳන්... රජගෙදර ඉඳුල් පිඟන් සෝදන අපි...
ඉර ට තරම් දුර නැති උනාට... හඳ තියෙන්නෙත් අහසේ...
අතීතය අමතක කිරීමට පහසුම මග නව මිනිසුන් සොයා යාමයි...
ඉස්සර වගේ නෙමෙයි දැන්... ගොඩක් දුරයි ඔය හිතට...