"මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති..
මේ අයුරින් අපි දවසක්දා සසර මගදි වෙන්වෙන්න ඇති..."

සලසුම් නැති ඒ හමුවීම
එදා වගේම අදත් මට පුදුමයක්...

කෙටි කාලෙකින් අඳුනගෙන...
කෙටි කාලෙකින් ගොඩක් දුර ගියපු අපි...

දිගු කාලීනව වෙන් වන්නේ
අපිටත් හොරෙන්..

තාමත් හිතේ හොල්මන් කරන
නින්දෙනුත් හොයන
ඔයාගේ රූපෙ තවත් දුරයි..

දැන් මගේ හීනත්
මට අයිති නෑ..

ඒත් අයිති නැති හීන
කාටත් හොරෙන් ආයෙත් ආයෙත්
මං බැලුවේ ඒ හීනමයි..

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021