ඊයෙ හවසත්
මම ගෙදර එනකොට
කාමරේ ජනෙලයක්
යන්තම් ඇරී තිබුනා..

වෙනදා වාගෙම
වෙනසක් නැතිව මම
ගනන් නොගෙනම
ඔහේ උන්නා..

සුළඟ ඇවිදින්
විටින් විට ගෙට
නුඹ කොහේදැයි
විපරමේ උන්නා...

මම ආවේ අද
නුඹ නැතිව වග
නොදන්නවා වාගේ
මමත් උන්නා..

හිතට එකඟව
ඉන්න බැරි තැන
ජනේලය මම
වසා දැම්මා...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021