හන්තානට පායනා හඳ 
ලස්සනට තිබු බව 
කියා තිබුනා

ඉඳ හිට හෝ නුඹ 

එවූ ලියුම් වල 
නුපුරුදු ගතියකුත් 
දැනුනා..

නුඹට රහසින් 

මමත් මෙහි හිඳ 
කොළඹ හඳකට 
කවක් ලියුවා

දෙතැන ඉඳගෙන 

අපිටත් හොරෙන් අපි 
එකම කවියක 
පේලි ගෙතුවා..

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021