Posts

Showing posts from 2011

__කනෙක්ශන්.

ගන්නකොට කිව්වේ නම් අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා.. ඒත්.. කනෙක්ශන් එක පරන වෙද්දි.... ඒ කතා මොනවත් නෑ... බිල් එක ගෙවන්න එක දවසයි පරක්කු උනේ... මෙන්න බොලේ ඩිස්කනෙක්ටඩ්.....
සඳු හොරැහින් මුකුළු කරන සීත සොඳුරු රැයේ..... මං ආසයි රණ්ඩුවෙන්න නුඹත් එක්ක ඔහේ..... විසකටු වැනි වදන්වලට උතුරන දුක ළයේ..... යාළුවෙලා සුසුම් මැදින් කියන්න මගෙ ප්‍රියේ..... බෝල ගෙඩිය වගේ ඇවිත් දඟකරන්න ඔහේ..... මට ඩිංගක් ඉඩ තියන්න ඒ ටික මට අගේ..... තොරක් නැතුව ආදරයෙන් ළඟින් ඉන්න නුඹේ..... අමනාපය තමයි ප්‍රියේ සෙත් කවියක් වුණේ.....

__මාර වැඩේ

මම කෙල්ලගෙ ගෙදර ගියේ, අදනම් කොහොම හරි ගහනවාමයි කියලා  හිතාගෙන.... එදා කවුරුත් ගෙදර  හිටියෙත් නෑ... අපි දෙන්නා හිටියේ  දෙපැත්තෙන් වාඩි වෙලා... මේ කෙල්ල කියපි.. අයියේ ඔයා කඩන්න කියලා... ඉතින් මමත් ගැහුවා විතරයි... රතු පාට එක ගියා... ටොක් ගාලා වල ඇතුලටම.. ඒත් මගේ,  සුදු පාට එව්ව ගියේ නෑ... අපි මාරුවෙන් මාරුවට  ගැහුවා.. අන්තිමට මගේ  සුදු පාට එව්වා ඔක්කොම ගියා.... ඉතින්... .. .. .. .. එදා   .. .. .. කැරම් ගහලා මම දිනුම්.... ------------------------------------------------ sms පණිවිඩයකින් උපුටා ගන්නා ලදී...

__අපි නොදන්න භශාව.

මං තාමත් දස අතේ කල්පනා කොරනවා.. එයා කතා කොරපු භාශාව මොකද්ද කියලා... සිංහලත් නෙමෙයි... ඉංගිරීසිත් නෙමෙයි...... මමත් එහෙන් මෙහෙන් කෑල්ලක් දෙකක් දැම්මා, හරි ගියේ නෑ... සාය තව චුට්ටක් කොට උනා නම්.... අම්මා ගහයිද බැට් එකෙන් කිව්වලු....__kaZza~"~

___ටෙම්පරි ලව්

මට මුලින්ම ආදරේ කරපු අම්මා තාත්තා, තාමත් මට පණටත් වඩා ආදරෙයි..... ඒත්... ඒ ඔක්කොම අමතක කරලා පණටත් වඩා වැඩියෙන් මම ආදරේ කරපු කෙල්ලෝ කීයක් නම් මාව දාල ගියාද..... ඒකෙත් හැටි....

__නොහැඳිනූ සහෝදර පෙම

නුඹෙ වයසට නොතේරෙනා දහසක් දේ මට දැනෙනා ආදරයෙන් නුඹ අමතා ඔවදන් ලෙස මම දුන්නා කී වචනෙට සිත රිදිලා මගෙ නංගිය තරහා වෙලා නුඹෙ අයියට බැන වැදිලා යන්න ගියා නිවහන හැරලා විභගයත් ඉවර වෙලා දැන් සතියක් ඉක්මවෙලා නුඹ එනතුරු පාර බලා සිටිනෙමි මම දැසත් නොසලා සිටිනා තැනක නුඹ සතුටින් ඉඳහන් හමනා සුලඟෙ හෝ පනිවිඩ එවාපන් නුඹ යන මග දෙපස දහසක් මල් පිපීයන් පින් ගත් දෙවියනේ චූටියා ගැන බලාපන්

වරද කාගේද...?

මගේ අම්මා මාව පොඩි කාලෙ ඉඳන්ම යන යන තැන මාව වඩාගෙන ගියා අම්මා තනියම මාව බලාගත්තේ.... ඉතින් මමත්  මගේ අම්මා වයසට ගියාම ඒ විදියටම බලාගන්නවා.... එයාගෙ අම්මා කවදාවත් එයාව වඩාගෙන නැතිලු... ආයා අම්මා ලඟ ඩේ කෙයාර් සෙන්ටර් එකේලු හැදුනේ... ඉතින් එයාගෙ අම්මා වයසට ගියාම අම්මව ඒ විදියටම බලාගන්නවලු...

__කව්ද බයිට්..?

බූට් කාපු මම පිස්සා වගේ කොන්ඩ රැවුල් වවාගෙන බඩගින්නේ පාරවල් ගානේ තනියම කියව කියව ඇවිදිනවා.... ඔයා, මේකප් එක දාගෙන අළුත් කොල්ලා එක්ක සුද්දි වගේ පොප් කෝන් කකා පර්ක් එකේ ඇවිදිනවා...__kaZza~"~

__තහනම් ගහේ ගෙඩි.

ඔයා බබෙක් වගේ කියලා දැනුන වෙලේ මම හොඳටම බය උනා... බෝයි ෆ්‍රෙන්ඩ් ගැන කිව්ව ගමන් තිබ්බ බය ටිකක් අඩු උනා... මැරි කරලා ඉන්නේ කිව්වම තවත් ටිකක් බය අඩු උනා... මොන්ටිසෝරි යන බබෙකුත් ඉන්නවලු ඒ ගමන කියනවා... දැන් නම් මම පොඩ්ඩක් වත් බය නෑ ඕන්...__kaZza~"~
ඔයා යන්න ගිහින් දුර ඈතකට මටත් නොකියාම පොරවගෙන ඉඳපු මගේ බැටළු හමත් අරගෙන.....__kaZza~"~

__නොගැලපීම....

මට ඕන උනේ කවි ලියන්න... ඔයාට ඕන උනේ සින්දු කියන්න... මට ඕන උනේ බන්කුවක වාඩි වෙලා කතා කරන්න... ඔයාට ඔන උනේ රූම් එකකට ගිහින් ඉන්න... මට ඕන උනේ ලඟ ඉඳගෙන ෆිල්ම් එක බලන්න ඔයාට ඕන උනේ බොක්ස් එකකට රින්ගන්න.... මට ඕන උනේ ආදරේ කරන්න... ඔයාට ඔන උනේ වෙන වෙන දේවල් කරන්න... තවත් කොච්චර නම් දේවල් තිබුනද...

__වරද කාගේද...

Image
ඉස්සර මගේ අතේ තුවක්කුව තියෙද්දි, රට ජාතිය බේරගෙන එද්දි, ජාතික වීරයෝ කියලා උපහාර දක්වපු එවුන්..... අද, උදැල්ල, මේසන් හැන්ද අතින් අරගෙන රට හදන්න දායක වෙන අපි දිහා හැරිලා වත් බලන්නේ නැත්තේ ඇයි...?

__වාකරේ ජර මරේ

එදා උඹ වේලි වේලි ඉන්නකොට වාකරේ වතුර ටිකත් මමයි දුන්නේ සින්නදොරේ.. අහවර උනා විතරයි උතුරේ ජර මරේ... යන්න ගියා උඹත් මා හැර දා වාකරේ.... උඹ හින්දා මම වැටුනෙ මහ කරදරේ.. ගමේ එකෙක් ආවා එල්ලෙන්න මගේ කරේ... පුලුවන් හැටියට ගහගන්නවා බැඳ ගත්තු බෙරේ ගියාට කමක් නෑ මට හැමදාටම උනත් හිරේ.. දැනගෙන උන්න නම් මම උඹගෙ විස්තරේ හොයා ගන්නව මම පීරලා හරි දීපන්කරේ උඹ එදා එල්ලල ගියපු මාලෙ මගෙ කරේ අන්න මම එල්ලුව අවජාතක පුතාගෙ කරේ
දකින සිහිනය සැබෑවේ නම් ජීව්තය සුන්ඳරයි මට නම් සිහින ලොව අද තනි වෙලා මං නුඹ ගොසින් දුර ඈත ගව් ගනන්__kaZza~"~
වැට උඩ ඉඳලා වැරදි පැත්තට වැටුනොත්... .. .. .. .. .. .. කොට උඩ.....

___අසරණකම

පෙරලුන පිට හොඳයි කියලා බලාගෙන ඉන්නවා.... වෙන පිටක් පෙරල ගන්න තරම් හයියක් නැති කමට....

__බෝතලේ

දුක - සැප දෙකේදිම මම ඔයා ලඟ... හැබැයි..... පර්ස් එකේ සල්ලි තියෙනවනම් විතරයි ඈහ්.....
වෙලාවකට සතුට දරාගන්න බැරි කමට ඇඬෙනවා..... ඒ උනාට හිතින් රජ වෙනවා.... තවත් වෙලාවකට දුක දරාගන්න බැරි කමට ඇඬෙනවා... හිතින් විඳවනවා..... ඇස් වල කඳුලු කාටවත් නොපෙනෙන්න හිරකරගෙන හිටියත්.... හිතට දැනෙන හැඟීම........?
එක හීනෙන් රෑ එලි නොවුනට... එලිවෙනකන් හීන බල බල හිටියොත්.... මං පරාදයි... ------------------------------ --------------- eka heenen re eli nowunata... eliwenakan heena bala bala hitiyoth.... man paraadhayi...

___දවසේ කඳුල.

දින සති ගනන් ඇතැඟිලි ගනිමින් බලා සිටියෙමි දකගන්නට නුඹ දෙණුවන් අවසාන මොහොතෙදි නොසිතු අයුරින් බිඳ වැටුනි පැතුමන් තෙමමින් මා දෙණුවන්

ඇඬියාව......

ලියන්නට කවි කොතෙක් තිබුනද සිත ඇතුලෙදිම මියදුනා හෙමිහිට එකින් එක ගෙන පොතක ලිව්වද බලා හැඬුවේ මමයි ඉකිබිඳ.... සතුට විඳිනා පෙම්වතුන් මැද තනිව හිඳිනෙමි බංකුවක් මත වැටෙන කඳුලැලි පිසිමි හෙමිහිට මගෙ සෙනෙහස නොදැනුනේ ඇයි නුඹට....

__වරද කාගේද....?

පුංචි කාලෙදි දොස්තර කෙනෙක් වෙන්න හීන දැකපු එවුන් ඉස්කෝලෙන් අවුට් වෙලා සිමෙන්ති අනනවා... එකට කියන්නෙත් ඉතින්... MBBS තමයි...
Image

__රුහුණු කුමාරි.

පෙට්ටි දෙක තුනක් ගලවගත්තම හිතන්න ඇති මගේ ගමන අහවරයි කියලා...... බලහල්ලකෝ හෙට අනිද්දට.. පවර් සෙට් එක දාලා වෙනදටත් වඩා හොඳට දුවන හැටි.......
කවිය මම තනුව නුඹ ගයනු කෝම නැතිව නුඹ

___මගේ සිහිනය..

පාලුව දැනෙන හැඳෑවක අත් අල්ලාගෙන.. ඇවිද යමුද අපි අපේම සිහින කොදෙව්වට... සැමට හොරෙන් යෙදෙමුද අපි සොඳුරු කතාවක.. ඒ සැමගෙන් ලියමුද අපෙ ජීවිත පොත.... සුන්ඳරතම කතා පොතක් නොවෙද මිහිරියේ එය.... වැස්සේ නැතත් අප සිටිනා සොඳුරු ඉසව්වට.... කුඩේ යටින් ඇවිද යන්න ආසයි මට අරගෙන නුඹේ අත.... මතක නේද මම ආසම කරන වචන තුන.... තවත් වරක් මුමුනනවද මගේ කනට කර....

__කුඩු උන ඒන්ජල්.. __Broken Angel.

මට පට්ට පාලුයි කුඩු උන ඒන්ජල්... මට පට්ට පාලුයි - අහගෙන ඉන්න මගේ හදවතට... එකම එක කුඩු උන ඒන්ජල්... ඇවිල්ලා මාව බේරගනින් මාව කෑලි වලට කැඩෙන්න කලින්... I'm so lonely broken angel... I'm so lonely - listen to my heart... one and only broken angel... come and save me before i fall a part...

__මගේ ආදරේ...

කාර් එක මගේ උනාට පෙට්‍රල් ඔයාගෙනේ.....
මමවත් ආදරේ නැති මට ඔයා කොච්චරනම් ආදරේ කරනවද... මමවත් හිතන්නේ නැති මං ගැන ඔයා කොච්චරනම් හිතනවද.... ම්ම්... සුන්ඳර වේවි නේද ජීවිතේ..

__කසාදය.

සමහරුන්ට බෙරයක්... සමහරුන්ට කොටි වලිගයක්... තවත් සමහරක්ට සුන්ඳර අත්දැකීමක්..

__මිරිඟුව

දුවලා දුවලා ඇවිත්, පුළුවන් නම් මාව අල්ලගනින්කෝ.. එහෙම උනොත්, උඹ තමයි දවසකටවත් මුවා....

___ආදරය

අප දෙසිත් යා කර තැනුන... සිත් ගඟේ දිය එකතු කරනට උර දුන්... වැව් බැම්ම......

සිත හිමි මට අහිමි නුඹ...

තබා සිත පමණක් මගේ ලඟ.. නොපෙනී ගියා නුඹ මට අහිමි ලෝකයක් වෙත.... දුර සිට නුඹ මා හට අත වැනුවිට.... යලි තෙමුනා දෙනෙත යලිත් මට නොදැනීම.... දැනෙයි මහ දුකක් මගෙ සිතට වාගේම නුඹට... ලැබුණා නොවෙද දඬුවම් අපට... කවුරුන් හෝ කල වරදකට.... සාප කරනු එපා ප්‍රියේ උන් හට... එයම හේතුවක් වෙයි වෙන් වන්නට ලබන මතු භවයෙද අපහට... අහිමි වූයේ නුඹ හට... මා පමණක් නොවෙද... නුඹට දුන් මගේ හිත... තවමත් නුඹේ ලඟ නොවෙද...

___අහස

වැස්සත් මට බනිනවා.. පෑව්වත් මට බනිනවා.. ඇයි යකෝ මේක හරි කෙලියක්නේ....

___හඳ

උඹලා මට කවි ලියයි ඉතින් දුර ඉඳගෙන දකිනකල්....., ආවාට ටික වහගන්න දෙන ගේම දන්නේ මමනේ... හිකිස්..

____හොර ඡන්ද හිමියෝ...

කට්ටිය කොච්චර දැඟලුවත් අන්තිමට, වැඩේ තියෙන්නේ අපේ අතේ....

___රේස් අශ්වයා..

මම දිව්වේ මට පුළුවන් විදියට... උඹ ඔට්ටුව පරාද උනාට මම පලිද.....
ඉන්නම් නුඹ දෑස මානෙන්... යන්න බෑ මට නුඹ ලඟින්....

_____ගල් බෝතලේ

කොච්චර ගනන් ඉස්සුවත් මේ මෝඩයන්ගෙන් බේරිලා ඉන්න බැරි හැටි...

___සොහොන් පල්ලා

ගමටම වල් කපපු මට, කවුරු වල කපයිද මන්ද.....

ඔබ වෙනුවෙන් අපි....

කතා කරගන්න බැරි උනාට කියාගන්න බැරිව හිතේ දහසකුත් දේවල් හිරවෙලා ඇති... දැකගන්න බැරි උනාට දකින්න ආස කරන දෙවල් හිතේ දහසකුත් ඇති... ඇවිදගන්න බැරි උනාට ඇවිදින්න යන්න ආස තැන් දහසකුත් හිතේ ගොඩ ගැහිලා ඇති... කතා කරන්න මුව දෙන්න බැරි උනත්.. ලොව දැකගන්න දැස දෙන්න බැරි උනත්... සවන් දෙන්න දෙසවන දෙන්න බැරි උනත්.... කලහැකි යමක් ඔවුන් වෙනුවෙන් ඉටුකිරීමට කාටත් සිත් දේවා..... ~~වස්සාන සිහින~~
පැන ගියොත් හඳ ඇති රෑක.... ලෝක ලෙඩක්... දීග ගියොත් නැකැත් දාට.... රජ මගුළක්.... වෙන්නේ එකම දේ.... ඒත්, පැනලා ගියාම විතරක් කට්ටිය තරහා වෙන්නේ පාටි නොදෙන නිසාද...?
ගල් වගේ හිත ආදරේ ඉස්සරහා මෙලෙක් වෙන හැටි.... ඒ හිතම ආදරේ අහිමි වුන කලට... නැවතත් ගලක් වෙන හැටි....
දෑස මානෙන් නොමිදෙනා නුඹේ රුව..... සවන් පත් අතර රැව් දෙනා නුඹේ හඬ..... හදෙහි කොනක පීදෙනා නුඹේ පෙම... කොයි තරම් නම් සොඳුරුයිද අපි අපේම වූ ලොව....  
වයින් විස්කි බ්‍රැන්ඩි රම් වොඩ්කා ගල් වෙල් ෆැන්ටා .. .. .. .. .. මේ මොක බිව්වත් වෙන්නේ එකම දේ.... ලොකු බ්‍රෑන්ඩ් වලින් ගන්න එවුන් හෙන පොරවල්.... පොඩි බ්‍රැන්ඩ් වලින් ගන්න එවුන් සත පහකට ගනන් ගන්නේ නැති බෙබාලා..... ඒකෙත් හැටි අම්මපා...
මටත් බහින්න තිබ්බා ඕන තැනක ලොකු සීන් එකෙන්.... අපේ තාත්තත් ඇමතියෙක් උනා නම්... කරුමෙට, එයා තාම ඡන්ද දායකයෙක්නේ...
කව්ද හිතුවේ.. මෙහෙම ෆන් එකේ FB එකට වෙලා වගාවක් දාගෙන, චැටක් දාගෙන දවසෙම ඉන්න පුලුවන් ජොබ් එකක් සෙට් වෙයි කියලා...
සැනසීමක් නොමැති.... නුඹ වසාගත් වලාකුලට පවා වයිර කරන... සදාකාලිකවම දුක් විඳින සුපෙම් පෘථිවි මම නොවෙද....
සඳවත සිරිය දැක සැනසුනාද නුබේ හද අහිමි උන දා ඒ සඳ නුඹ සිතින් නගනවද
බාගෙට වහපු ජනෙල් පියන් අස්සෙන් දාල බැලුව ඔලුව ටිකක්.... සීතල හුළඟ මදිවට නොනවතින රැහැයි සද්දේ.... වෙලාවකට මහා හිසරදයක්... වරුසාව නිසා සිග්නලුත් නෑ... ඇහෙන්නේ නෑ ඉතින් කියන මෙලෝ දෙයක්.. ඔක්කොටම හපං... පෝන් එකේ සල්ලිත් ඉවරයි.... අදට මල් කඩලා හමාරයි සුදූ... දැන් ඉතින් නිදාගමු..... :(
සදා රැඳුන මතකයකි මගේ සිතේ... මුනගැසුනා දිනක නුඹ නොසිතු විලසේ.... විඳගන්නේමි ආදරයේ මිහිර රිසිසේ.... රැකගන්නෙමි නුඹේ සෙනෙහෙ පණ සේ.....
සිය දහසක් දෙනා අතර හිටියත් ඔයා නැති අඩුව මට ලොකුවටම දැනෙන හැටි..... ඒ අතර නැති බව දැන දැනත් ඔයාවම මගේ නෙත සොයන හැටි...... කන පිරෙන ගෝශාවන් අතරින් ඔයාගෙ කට හඬ සිහිනෙන් වගේ ඇවිදින් මගේ දෙසවන පිනවන හැටි.... අපේ මතකයන් අතරෙම මම තනිවෙන හැටි... ඔයාටත් එහෙමද...
සිය දහසක් දෙනා අතර හිටියත් ඔයා නැති අඩුව මට ලොකුවටම දැනෙන හැටි..... ඒ අතර නැති බව දැන දැනත් ඔයාවම මගේ නෙත සොයන හැටි...... කන පිරෙන ගෝශාවන් අතරින් ඔයාගෙ කට හඬ සිහිනෙන් වගේ ඇවිදින් මගේ දෙසවන පිනවන හැටි.... අපේ මතකයන් අතරෙම මම තනිවෙන හැටි... ඔයාටත් එහෙමද...
මතකය නුඹේ හඬන කල් හදවත මගේ ගැහෙන කල් නුඹේ පෙම ලැබෙන කල් බලා ඉන්නෙමි සදා කල්
ඔබේ සෙනෙහෙ දියෙන් පණ ලැබුනු මගේ ආදර කෙත.... ඔබේ සුසුමෙන් පවා සැනසෙන අපූරුව...
වසත් කාලයට පාලු ජීවිතේ පිපුනු කිසි සුවඳ මලක් නැතේ පොහොට්ටුව පරවුනි නොසිතු සේ යලි මල් පූදින බවක් නම් නැතේ
වසත් කාලයට පාලු ජීවිතේ පිපුනු කිසි සුවඳ මලක් නැතේ පොහොට්ටුව පරවුනි නොසිතු සේ යලි මල් පූදින බවක් නම් නැතේ
සිතෙහි නම් කවි කොතෙක් ලියවී ඇතිදෝ.... ඉන් එකිනෙක ගෙන නුඹ කොහේ ලියා තැබුවාදෝ.. කවි ලියූ පොතේ පිටු ගැලවී වත් ගියාදෝ... ඉඳහිට වත් මගේ සිහිනෙට නුඹ එනවාදෝ....

හීන කන්ද ....

මගේ අතින් බලෙන්ම වගේ ඇදගෙන... එක්කන් ගියා ඔයා හීන කන්ද මුදුනටම.... ඇහැරුනාට පස්සෙයි දැක්කේ..... .. .. .. .. මගේ අත තනියම... .. ඔයා ඊට එහා කන්ද නගිනවා... .. තවත් බූරුවෙක්ගෙ පිට උඩ වාඩි වෙලා... .. හිකිස්
නෙතු දකින හීනයේ නුඹමයි සැමදා මා ලඟ රැඳුනේ සිහිවෙනා හැම වාරයේ සිත ඇයි මාගෙ කීරි ගැහුනේ නුඹ දනික්න හැම වාරයේ මගෙ කට ඇයි ගොලු උනේ පැතූ පැතුමන් පූදින්න තවමත් පින් මදිවාද අනේ
වෙරලේ ඇඳි සිතුවමක් විය අපේ ආදරය..... ඇඳ අවසන් . වන්නටත් මත්තෙන් සැඩ රල පහරකින් මැකී ගිය අරුම..... "_________________"
හීනයකට පාට දෙන්න ජීවිතයට සතුට වෙන්න කවි සිතකට සෙනෙහෙ දෙන්න පිං මදි විය ඔබේ වෙන්න සිහින මතින් දිවි ගෙවන්න පැතුම් මතින් අවිද යන්න සෙනෙහෙ සිතින් දරා ගන්න පිං මදි විය ඔබේ වෙන්න
හීනයට හීනයක් වෙන්න ඉඩ දෙන්න... සැබෑවට සැබෑවක් වෙන්න ඉඩ දෙන්න... ජීවිතයට ජීවිතයක් වෙන්න ඉඩ දෙන්න....
හීනයට හීනයක් වෙන්න ඉඩ දෙන්න... සැබෑවට සැබෑවක් වෙන්න ඉඩ දෙන්න... ජීවිතයට ජීවිතයක් වෙන්න ඉඩ දෙන්න....
නුඹේ නෙතු දැකගන්න පැතුමක් ඇත හිත පිරෙන්න එපා කිසිවිටකදි සිතන්න නෙත කඳුලින් තෙමන්න සුව සිහිනෙක මට නිදන්න මගෙ සිහිනෙට නුඹ වඩින්න මම එනකන් මග බලන්න හනිකට එමි නුඹ දකින්න...
වැනසුමෙන් සැනසුනා සමහරු... සිහිනයත් බොඳ කලා පිය කරු.... නැගෙනවා අමිහිරි කඳුලු නිරතුරු... රැක ගනින් නුඹේ සතුට නිරතුරු...
අඳුරු වූ අහස මෙනි ඔබේ ආදරේ... තෙත් වූ පොලව වගේ මගේ ජීවිතේ... නිමක් නෑ ගෙවන දුක මහ මෙර වගේ... කුමට එක් වුනාද වෙන් වන්නට මේ ලෙසේ..

ප්‍රේමය හැඳින්නෙමි...

මනරම් වස්සාන කාලයේ තවත් දිනයකි.... සදාදරණීය වූ සොඳුරුතම හමුවකි... දුටුවනම නෙත් පිනා ගිය සෙනෙහෙබර දසුනකි.... පොද වැස්සේ කුඩයක් අතින් ගත් සොඳුරුතම ලඳකි.... සීතල පිනි බිඳු අතරින් ලස්සනම සිනාවකි.. හෙමි හෙමිහිට කෙඳිරූ මුතුවන් වචන අහුරකි... මතක පොතට තවත් සොඳුරුතම පිටුවකි.... .. .. .. ප්‍රේමය හැඳින්නෙමි...
. සමුගැන්ම මෙතරම් දුක් බරනම් සිදු උනේ ඇයි හමුවීමක් හදගැස්ම මට තවමත් දැනේ නම් නැහැ නේද දුරස් වීමක් ආදරයට ආදරය හිමි උනා නම් නැහ නේද සිත් රිද වීමක් නුඹ මගෙන් සමුගෙන ගියේ සිතකින් නම් ඇයි මගෙ නෙත තෙමුවෙ උනු කඳුලක්

මොඩ් ගොවියා...

අද කලේ ගොවියෙක් වෙන එක පට්ට ලේසියි... ගොවියන්ට රජවෙන්න බැරි උනාට.. රජා දැන් ගොවියා වෙලා ෆේස් බුක් එකේ වගා කරනවා..

ආදරය....

මම එයාගෙන් අහුවා.... එයා මට කිව්වා.... මම එයාට දුන්නා... එයත් මට දුන්නා... එයා මගෙන් වින්දා... මමත් එයාගෙන් වින්දා... එයා මගෙන් දැන් අහන්නේ නෑ.. ඒත් මම අහනවා... එයා මට දැන් දෙන්නේ නෑ.. ඒත් මම දෙනවා... එයා මගෙන් දැන් විඳින්න කැමති නෑ.. ඒත් මම එයාගෙන් විඳින්න කැමතී...... .. .. .. .. ආදරය.... ~~වස්සාන සිහින~~
ඔයාව මුලින්ම දැක්ක දවසේ මොකද්දෝ උනා මට... මල් සරා පොල්ලෙන් ගහුවා වගේ මට දැනුනේ.... ආයෙත් දවසක හිටපු ගමන් ඔයත් ගියා හදවතට තට්ටුවක් දාල... ඒකත් හරියට පොල්ලෙන් ගැහුවා වගේ.... තාමත් රිදෙනවා...

ඇඹලයා..

මම සීනි කකා හිටියේ බෝතලේ... කව්දඩෝ මාව තේ එකට දැම්මේ... නෑවෙත් නෑ කාලෙකින්... හිකිස්... තේ එක රසයිද ඇහ්.....
ලද දෙයින් සතුටු වෙන්න පුලුවන් ඉතින්.... මොනවා හරි ලබුනා නම්... නැති හකුරට නාඩා ඉන්න තිබ්බා ඉතින්.... තව හකුරක් තිබ්බා නම්.... මේකටද අම්මපා... ජීවිතේ කියන්නේ.....
ඔය නෙත් දෙකට මා පෙම් කල බව සත්තයි ඒ නෙත් දෙකින් නුඹේ පෙම දුටු බව ඇත්තයි කොහෙ සිටියත් සොයා එන්නට මට සිත් දෙයි හැර යන්නට නම් එපා මා සිත පව් සිදු වෙයි
ඔය නෙත් දෙකට මා පෙම් කල බව සත්තයි ඒ නෙත් දෙකින් නුඹේ පෙම දුටු බව ඇත්තයි කොහෙ සිටියත් සොයා එන්නට මට සිත් දෙයි හැර යන්නට නම් එපා මා සිත පව් සිදු වෙයි
ලද දෙයින් සතුටු වෙන්න පුලුවන් ඉතින්.... ... මොනවා හරි ලබුනා නම්... නැති හකුරට නාඩා ඉන්න තිබ්බා ඉතින්.... තව හකුරක් තිබ්බා නම්.... මේකටද අම්මපා... ජීවිතේ කියන්නේ.....
ඔයා කාලා බීලා ඔන්ලයින් එනකන් මම බඩගින්නේ පැය ගානක් තිස්සේ බලන් ඉන්න හැටි... ඒ ඉඳලත්.. ඔයාගෙන් චැට් එකක් එනකන් ඇස් දෙක අමාරුවෙන් ඇරගෙන බලා ඉන්න හැටි... ඒ ඉඳලත්.. ඔයාගෙ චැට් එකකට රිප්ලයි එක පොඩ්ඩක් පරක්කු උනාම හොඳටම බනින හැටි...
අම්මපා, බඩේ ඉන්න පනුවො දන්නවානම් මම බඩගින්නෙම ඉන්නෙ ඇයි කියලා උන් මට අනිත් පැත්තෙනුත් හිනා වෙනවා.. ශුවර්....... ~~වස්සාන සිහින~~
කළුවරේ උන් මට කළුවර සුපුරුදු උනාට සඳ එලිය මට විතරක් අයිති නැති උනාට නුඹ මා සිත් අහසින් නොකියාම බැස ගියාට දෝස නගන්නට බැරි ආදරේ වැඩි කමට
නුඹ නොමැතිව බැහ හිඳින්න සැඟවී ඔබ එපා ඉන්න සිහිනෙන් වත් ඔබ දකින්න වරමක් මට අරන් දෙන්න... මගෙ හිත කියවල බලන්න වරක් හදට එබී බලන්න එච්චර කල් බලන් ඉන්න මට බෑ තව දුක් විඳින්න... මා යන මග එලිය වන්න පහන් සිලක් රැගෙන එන්න තනි නොතනිය මකා ගන්න එනවා නේද මට කියන්න...  
සිත් අහසට සිරිය දෙන්න සුපුන් සඳක් වී වඩින්න සිනා සපිරි මුව දකින්න නිවාඩුවට ඇවිත් යන්න...... මගෙ පාලුව මකා ගන්න නුඹෙ සොඳුරු හඬ අහන්න කවි සිතිවිලි පුබුදු වන්න නිවාඩුවට ඇවිත් යන්න.... ~~වස්සාන සිහින~~
හිනා පොකුරු පළන්දන්න සුව සිහිනෙක නිදි කරන්න ඔබ ලඟින්ම සැතපි ඉන්න මගේ ලොවට ඔබ වඩින්න... සඳ පානේ ගමන් යන්න රෑ අහසේ තරු ගනින්න හිස හෙමිහිට පිරිමදින්න මගේ ලොවට ඔබ වඩින්න... ~~වස්සාන සිහින~~
කවදා හරි බිඳෙන බව දැන දැනත් රැක ගනියි බඳුන වීදුරු උනත් සියල්ල තාවකාලික බව දැන දැනත් සිත බැඳුනේ ඇයිද මෙහෙමත් දුක කොතරම් අමිහිරි උනත් දැන දැනම වටෙනවා නැවත නැවතත් සතුට කොතරම් ම්හිරිද යත් ඒ මත්තෙම නහිනවා පරිදි සිත් දිවියට කොතරම් ප්‍රශ්න ආවත් ජය ගැනුමයි වඩා වැදගත් මොන දේ නොලැබී ගියත් ලද දෙයින් සතුටු වීමයි වැදගත් ~~වස්සාන සිහින~~
තිත්ත වී දුකින් ඉහ වහා ගිය මගේ ජීවිතයට අමරස කියා දුනි පෙම සිරකර නුඹ මා සිත යට ඔබ සිත රිදවන්නට නොසිතුවෙමි මම කිසි විට වරම් දෙන්නට හැක දිවිය පුරා සිනාසෙන්නට
ජීවිතේ   වටිනාම   කාලේ රිම්  එකෙන්  යන  වේලේ දුක   හිතුනා   මට  මලේ එහෙම තමයි නරක කාලේ විරැකියාවෙන් වේලේ ඇතත් පඩි නෑ මේ කලේ දුක තමයි තරුණ කාලේ කවුද වග කියන්නෙ බොලේ චන්දෙට උන් එනවා රැලේ කියනා බොරු පැලවෙයි අල්ලේ බැරි දේවල් කියන්නෙ ඇයිද රාලේ ගෙනියන්නේ කවුද මේ රෝලේ
මට ආසයි ලඟින් ඉන්න මගෙ ලඟින්ම තියා ගන්න එනවද නුඹ සිනා සෙන්න හැමදා මගෙ ලඟින් ඉන්න කඳුලට මගෙ තිත තියන්න සිනා පොකුරු පලන්ඳන්න සඳ කුමරියෙ ඔබ වඩින්න මගෙ දිවියම සරසවන්න කඳුල ඉතින් සමා වෙන්න ඇය එනවලු ලඟින් ඉන්න නුඹ මෙහි නෑවිදින් ඉන්න හැකිවෙයි මට නොඅඬ ඉන්න
යන්න ගියා නුඹ මටත් නොකියාම තවමත් සොයනවා හිත නුඹව පෙර සේම.. දකින්නට වෙර දරමි සිතින් වත් අහිමි නුඹව සිහිනෙන් වත් එන්න නවතින්න මගේ ලඟ... ආදරේ කවියක් වග කියාදුන්නේ නුඹයි මට ආදරේ විරහවද දැනෙනවා තමි මට අද... දැනේනා දුක කවියක් කර ලියනවා පොතක මම කවි සිතත් ගොළු වෙලා නුඹ රැගෙන ගියා වත්ද... තවත් මා හඬන්නද නොලැබෙනා නුඹ මතම තිත්තයි කොහොමත් ඇත්ත එහෙත් මුහුන දිය යුතුය හෙට... පතන්නෙමි මම... තබනා සැම පියවරම ජය කනුව වෙතම යන්නයි ගතවෙනා සැම මොහොතක්ම සතුටින් පිරී ඉතිරී යන්නයි... නොදුටු "~~වස්සාන සිහින~~"
යන්න ගියා නුඹ මටත් නොකියාම තවමත් සොයනවා හිත නුඹව පෙර සේම.. දකින්නට වෙර දරමි සිතින් වත් අහිමි නුඹව සිහිනෙන් වත් එන්න නවතින්න මගේ ලඟ... ආදරේ කවියක් වග කියාදුන්නේ නුඹයි මට ආදරේ විරහවද දැනෙනවා තමි මට අද... දැනේනා දුක කවියක් කර ලියනවා පොතක මම කවි සිතත් ගොළු වෙලා නුඹ රැගෙන ගියා වත්ද... තවත් මා හඬන්නද නොලැබෙනා නුඹ මතම තිත්තයි කොහොමත් ඇත්ත එහෙත් මුහුන දිය යුතුය හෙට... පතන්නෙමි මම... තබනා සැම පියවරම ජය කනුව වෙතම යන්නයි ගතවෙනා සැම මොහොතක්ම සතුටින් පිරී ඉතිරී යන්නයි... නොදුටු "~~වස්සාන සිහින~~"
හිටියට කොයි වෙලෙත් ඔන්ලයින් මාව දැක්ක ගමන් යනවා ඕෆ්ලයින් ඔයාගෙත් දැන් හරි ලොකු ලයින් එන්නේ නෑ මම ආයෙත් ඔන්ලයින්
මගෙ ජීවිතෙත් ලුනු ඇටයක් වෙලා.... දිය වී ගියත් කම් නෑ නුඹෙ දිවිය රසවත් වෙලා... සෙනෙහෙන් රසවත් කරන්නට පැතුවෙමි මම දිවි තුරා... මඩ දියෙන් සෝදා නොහරින් අහිංසක දිවිය කිසිදා... නොදුටු... "වස්සාන සිහින"
වැහි බිඳු නැත වලාකුලින් තොර හිස් අහසේ... නෙත තෙමනා කඳුලු එක්කර එවන්නද පොද වැස්සක් මම රහසේ.....
වැහි බිඳු නැත වලාකුලින් තොර හිස් අහසේ... නෙත තෙමනා කඳුලු එක්කර එවන්නද පොද වැස්සක් මම රහසේ.....
හමුවූ එකම කිඳුරිය ඇයයි මා දිවි තෙරේ පුදදුන් සෙනෙහස සුවඳයි මා කෙරේ රැකගන්නට වෙර දරමි මා නිරතුරේ අපෙ කූඩුවට දඬු විසි නොකරන් මිතුරේ දිවියට ලද එකම වස්තුව ඇයයි මගේ දිවියට ලද එකම ආලෝකය ඇයයි මගේ දිවියට ලද එකම සෙනෙහස ඇයයි මගේ දිවියට ලද එකම සැනසුම ඇයයි මගේ
අලුතෙන් ගෙනා බිරිය සතුටින් තියන්නට ඇගෙ නැන්ඳම්මා පැන්නුව ගෙදරින් එලියට ඒ තමන්ගේ මව බව දැනුනෙ නෑ උගෙ හිතට බිව් කිරි වල රස අමතක උනා වත්ද පුතුට
ලෝකේ ගෝලාකාරයි නම්.. මිනිස්සු විවිධාකාරයි නම්.. ඒක තේරුම් ගන්න බැරි නම්... රෑ වලේම දවල්ටත් පනිනවා නම්... උඹට ඉතින් තවත් කියන්නේ නැ මං නම්...
දවසක් සැන්ඳෑ යාමෙක බලා උන්නා මම මහ සයුර දෙස... උඩ බැලුවම හිතෙනවා.. අහස තියෙන්නේ කොච්චර නම් දුරින්ද කියලා...... ඒත්.. ඈත මුහුද කොහොමද අහසෙ ගෑවෙන්නේ... මම පොඩි කාලෙ අම්මගෙන් ඇහුවා මට තාම මතකයි... එදත් මේ මුහුද ඒ වගේමයි.... මට දැනෙන්නේ එහෙමයි.. මිනිස්සු කොච්චර නම් වෙනස් වෙලාද... ටිකක් ලොකු රැල්ලක් දැක්කම මගේ මතකයට ආව සුනාමි දවස..... කවදාවත් නැතිව මුහුද ගොඩක් ඈතට ගිය.... එ ටික වෙලාවට කී දෙනෙක් නම් මායිම් ගහගෙන තමන්ගෙ ඉඩම් කොටසට රන්ඩු උනාද... වැඩි වෙලාවක් ගියේ නෑ... මුහුද ගොඩට ආවෙ ඒ මායිම් විතරක් නෙමෙයි හැමදෙයක්ම අකුලගෙන.... ජීවිත දහස් ගනනක් බිලිගෙන.... මගෙ ජීවිතේ ලබපු පුදුමාකර අත්දකීමක්... එත් ඒක ආයෙත් විඳගන්න නම් මගේ හිතේ කිසිම අදහසක් නෑ.... මුහුදට විතරක් නෙමෙයි මිනිස්සුන්ටත් දැන් ඒකෙ වගක් නෑ.... පරන කෝන්තර හිතේ තියන් ඉන්න එක කොහොමත් හොඳ නෑ....
මම කවදාවත් ඔයාට එහෙම නොකරන නිසා.... ඒක කොච්චර අමාරු වැඩක්ද කියලා ඔයාට තේරෙන්නේ නෑ.... ඔයා ඒක කරද්දි මම ඒක කොච්චර ආමරුවෙන්ද නොකර ඉන්නේ කියලා ඔයාට දැනෙන්නේ නෑ.... ඒ ඉවසන ඉවසීම කොච්චරක්ද කියල ඔයාට කව්දාවත් දැනෙන්නේ නෑ... මම වගේම ඔයාටත් ඒක කරන්න කියලා මට ඔයාට බල කරන්නත් බෑ.... ඒක එච්චරම අමාරු වැඩක් නෙමෙයිනෙ නේද...... . . . . චැට් එකක් එව්වම පුලුවන් ඉක්මනින් රිප්ලයි කරන්න පුරුදු වෙන්න........
මගේ හිත රත්ත්වුන කබලක් වගෙයි... බලාපොරොත්තු පිපිරිලා යන්නේ අබ ඇට වගෙයි... ටික් ටික් හඬ ඇහුනද ඔයාට..... ඉතින්.... ඇයි මේ තවත් අබ ඇට ගොඩක් අතේ තියාගෙන දාන්නද යන්නෙ කබලට.... ආසයිද අහන්න ඒ ටික් ටික් හඬ... ම්.... ම්...... එහෙනම් දාන්නකො බලන්න....
මොකටද අප්පා මෙහෙම ජීවත් වෙලා... කොයි තරම් නම් හිතිල ඇත්ද මට... එහෙමට මැරුණ නම් මම........ . . . . . .
ඔයා ඔන්ලයින් ඉන්නවා දැක්කම මම කරන්නේ ඔක්කොම වැඩ පැත්තකට දාලා ඔයත් එක්ක චැට් කරන එක.... ඔයා කරන්නේ මාව පැත්තකට දාල.. අනිත් වැඩ ඔක්කොම කරන එක...
නුඹ එනතෙක් බලා හිඳින මා නෙත් තෙත් වූයේ කිම ඒ නෙත් මත නුඹේ රුවම සිත්තම් වී දිලුනේ කිම
ලියන්නට ආසයි මට පෙම් හසුනක්..... දහසක් සිතිවිලි එක් තැන් කරමින්... එත් ඒක කවදා ඔයාගෙ අතට ලැබෙයිද කව්ද දන්නේ නෑ නෑ... එවන්නම් මම එස් එම් එස් එකක්.... ඒත් එච්චර කෙටියෙන් කොහොමද හැමදෙයක්ම කියන්නේ මම නෑ නෑ.... ගන්නවා මම කෝල් එකක්.... ඒත් ඉතින් ඔය විනාඩි දෙක තුනට මොනවා කියන්නද... නෑ නෑ.... අපි හම්බවෙලාම කතා කරමු.... නිදහසේ... මොනවා කතා කරගන්න බැරිද.... පියුම් කාරයගෙ ආඩම්බර බලන්න ඔනත් නෑ... ඩයලොග් කාරයට ණය ගෙවන්න ඔනත් නෑ... ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද.... ~~වස්සාන සිහින~~
දෙයක් හම්බකර ගන්නවට වඩා අමාරුයි ලු ඒක රැකගන්න එක...... සිල් සමාදන් වෙනවට වඩා අමාරුයි ලු ඒක රැකගෙන ඉන්න එක.... රජ වෙනවට වඩා අමාරුයි ලු රජකම රැකගෙන ඉන්න එක.... ඊට හපන් මේක..... .... .... .... අද කාලෙ යන්තම් හරි ජීවිතේ ගැටගහගෙන ඉන්න එක.....
ආලෝකය දෙන පහන්සිලේ..... ආසයි ඉතින් මට බලා හිඳින්නට... සුළගට වැනෙනා නුඹේ වත දෙස... කහ පැහ වතට උඩින් විටකදි දිස් වේ නිල් පැහ එලියක්... ලඟින්ම ඉඳගෙන විඳින්නෙමි නුඹේ පහස මම... නුඹට නොරිදෙන්නට මා සිත් සේ.... ~~වස්සාන සිහින~~
සුළඟක් වෙලා ඔබ ගියාට නොකියාම... මා සිත තුලම රැඳුනා නුඹ් පෙරසේම...... නුඹ සිත රිදී ඇති බව මට දැනුනාම... හඬා වැටුනි මම කාටත් රහසේම.... සඳ බැස ගියා වත්ද අහසට නොකියාම... හඬන සිත මගෙන් විමසනවා නුඹ ගැනම.... මසිත සනසවන්නට එන්නෙද නුඹ පෙරසේම.... කෙදිනක හෝ යලිත් නුඹ එන වග දනිමි මම.... සිතට දැනෙනා දුක නුඹට පවසන්නේ කොහොම... එයද නුඹට දුකක් ගෙනදේවි අපමන... නොහඬනු මැනවි මා වෙනුවෙන් කිසිදාක... හිනැහෙනු මැනවි නුඹ සිත්සේ හැමදාම... ජීතයට ඇති එකම සැනසුම නුඹයි මට... නුඹ වෙනුවෙන් මම ගෙතුවෙමි පදවැල් එමට.... නුඹ මගෙම වී මා වෙත එනදාට.... සිත සතුටින් ඉපිල යයි කිසිදා නොවුන විලසට... ~~වස්සාන සිහින~~
Image
සතියකට වරක් පමනක් මම දකින මගේ අම්මා නුබේ සිත මම ලඟ බව දනිමි මම නිම්මා මතු බුදු වන්නට එපා මගෙ රත්තරං අම්මා ලබනා හැම භවයෙදිම මගෙම වෙන්න අම්මා....
සිත තුල ගොලු උන දහසක් සිතිවිලි කැටි කොට ලිව්වෙමි පොතක් පිරෙන තුරු... කඳුලෙන් තෙත් වූ දෑස් පිහ බැලුවෙමි නැවත වරක් මම... ලියූ කවි කිසිත් නැති.. පොත පුරාවටම අත්තේ නුඹේ නම පමනකි.... අත්තටම එයත්.. ලස්සනම කවියක් නොවෙද මට... ~~වස්සාන සිහින~~
සිත රිදවන පද වැල්ම ඇයි නුඹගෙන් ලියවෙන්නේ... එය දකිනා මා සිත රිදෙනා වග නැතිදෝ දැනුනේ....
රෝදෙක හුලන් ගියත්... ගහක අත්තක් පාත් උනත්.. ටිවී එකට ඇන්ටනාව හයි කරන්නත්.. කොම්පියුටර් එකෙන් සින්දු අහන්නත්... බස් එකකේ කෝච්චියේ ගියත්..... ... අපේ කට්ටිය ගහන්නෙම ඉතින්..... ..... ..... ..... ..... ..... ..... ..... ..... ජැක් එක තමයි........
ඇසුනේ නෑ මට අද නුඹේ කට හඬ තවම.... තුන් හිතම පාලුවට ගිහින් වගෙයි.... කෙලෙස නුඹෙ තතු දැනගන්නෙමිද මම..... බලා හිඳිමි තවමත් අසරන කමින් දවමින් මගේ හද.... වැහි බරයි නිල් අහස අද... සෝ බරයි මා සිත් අහස අද... කෙසේ ගෙවමිද දවස අද... ~~වස්සාන සිහින~~
රැකියාවට ආවත් මම කොළඹ රටේ මා සිත නුඹ වෙත දිව යයි හොර රහසේ දැනෙනා පාලුව තනිකම නම් ඉමක් නැතේ නුඹ දකිනා දින තෙක් අතැඟිලි ගනිමි මෙසේ කාලය හෙමිහිට දිව යයි හොර රහසේ නුඹ මගෙන් උදුර ගන්නට තවෙකෙකු සැරසේ කාටත් වැඩියෙන් නුඹ මට විශ්වාසයි පණ සේ දිවි මෙන් රකිමි දුන් සෙනෙහස නුඹ කාටත් රහසේ නෙතඟින් ගලන්නට උනු කඳුලක් සැරසේ පිහදා දමමි මම කාටත් හොර රහසේ නුඹ දැකුමට එන්නට මට නිතර සිතේ සෙනෙහෙ විඳින්නට ඔබගේ මා සිත් සේ ~~වස්සාන සිහින~~
දහසක් බොරු මවා නුඹව රවටන්නේ නැහැ මං ආදරේ මිස දුක නුඹ වෙත ගෙනෙන්නේම නැහැ මං හිරිහැර කර නුඹෙ සිරුරට දුක් දෙන්නේ නැහැ මං සැමදාමත් නුඹෙ ආදරයේ උල්පත වී ඉමි මං ~~වස්සාන සිහින~~
අමාවකට අව සිහියෙන් සඳ බලන්න දිව්වෙමි මං.... පාලු රැයක හිතේ දුකට කවි පද වැල් ගෙතුවෙමි මං.... මගෙ සිතට සඳක් වෙන්න සොඳුරු හදකට පුලුවනි නම්... ආදරයට කවි දහසක් නුඹ වෙනුවෙන් ලියනෙමි මං....
මල් කඩලා අහවරයි.... ලයින් එක කපලා... චැට් කරලා අහවරයි.. ඩොන්ගල් එකත් කැඩිලා... හම්බවෙලත් අහවරයි... ගෙදරින් තහන්චි දාලා... සිතින් පෙම් කරමු අපි.. ඔක්කොටම කොලේ වහලා...
සද්දේ ඇහුනෙත් නෑ හුඟ කාලෙකින් දකින්නවත් බැරි උනා හුඟ කාලෙකින් කෑවද බිව්වද දන්නෙත් නෑ.... සනිපෙන් ඉන්නවද දන්නෙත් නෑ.... .... .... .... .... .... .... .... කෝ මේ බලු පැටියා හැබෑටම.......
ඉවසුම් නැති මට සමා කරන්....... සිදුවුනි නම් ඔබ සිත රිදවෙන යමක් නුඹ සමගින් ඉන්නට බැඳි පතුමන් අහිමි නොකරන් මා සිත රිදවමින් ඉවසුම් නැති මට සමා කරන්...... ~~වස්සාන සිහින~~
හදේ සියුම් තැන් ආදරෙන් පිරිමදින්නට සිතේ සිතිවිලි හදේ කුරුටු ගාන්නට ජීවිතයේ මිහිර එක්ව වින්දගන්නට අවසර දෙනවාද සැමදා ලඟින් ඉන්නට ~~වස්සාන සිහින~~
ගලා එන මතකයන් අතරින් සැඟවුනු රුවක සේයා දුටිමි බොඳ වී යන සිහිනයන් අතරින් පැතුමන් අහිමි වී යනු දුටිමි...... ගෙවුනු යුගයක සුන්ඳරත්වය ඔබ මා එක්ව ගිය මගක අසිරිය මතකයට එන්නේ මන්ද නිතරම දෙනත් කන්දුලින් බොඳ කරන්නද.....
එකමදේ සිය ගමනක් අහද්දි ඔයා ඇහුනෙ නෑ දැක්කෙ නෑ වගේ ඉන්න හැටි..... මොහොතකට හිතුනද මගේ හිත රිදෙයි කියලා.... මොහොතකට හිතුනද මම ඔයාට කොච්චරනම් ආදරෙයිද කියලා..... තවමත් ඉතින් මම බලාගෙන ඉන්නවා ඇස් දෙකත් අමාරුවෙන් ඇරගෙන.......
නුඹේ කඳුලැල් මතින් දුටිමි ආදරයක නැවුම් බවක් තවමත් සිහිනෙන් දකිනෙමි ජිවිතයේ සොඳුරු බවක් අවිදින් යන්නට හැකි නම් හද මඩලට එකම වරක් දැනේවි ඔබටත් මිහිරියේ ජීවිතයේ මිහිරි බවක්
හාවා වගේ ලඟින්ම ඉන්න පින් නොකලත් නුඹ දිහා බලාගෙනම ඉන්නම්.... නුඹ වටා තරු දහසක් දිලුනත් එය නොදැක්කා වගේ ඉන්නම්.... ඉන්ද හිට නුඹ වසා ගන්නා වලකුලටත් බැන වදින්නම්.... නුඹ නැති අමාවකක් ගැන හීනෙකින්වත් නොසිත ඉන්නම්....... ......මගේ සඳවත......
දිනෙන් දින ඉහ වහා යන ආදරෙ මහිමයෙන්.... මා දකින හැම සිහින සරසවයි නුඹ ඉතින්...... කොතෙක් දුරක සිටියමුත් ඔබ සිතින් මා ලඟ තමයි...... ගෙවෙන හැම මොහොතකම මා සිතන්නෙ නුඹ ගැන තමයි.....
මගෙ සිහිනය මට දකින්න එකම වරක් ඉඩ හරින්න.. මගෙ සැනසුම මට ලබන්න එකම වරක් ඉඩ හරින්න... මගෙ ආදරෙ මට විඳින්න එකම වරක් ඉඩ හරින්න... මගෙ දිවියේ එකම සැනසුම එපා මගෙන් උදුරගන්න...
හමා යන සුළන් රොදේ... ඇය සතුටින් දැයි බලන්න... ආයෙත් මා වෙත අවිදින්.... ඇගෙ තතු පවසාල යන්න... අවසරනෑ ඇ වෙත යන්න... මුහුණ ටිකක් බලා ගන්න... ආදරයෙන් ලඟට වෙලා... මොහොතක් සිත සනසවන්න... ඇගෙ සියොලඟ දැවටෙමින්ම.... ඇගේ සොඳුරු හද දකින්න... ආසයි මට තවත් වරක්... ඇගෙ සියුමලි මුව සිඹින්න... අවසරනෑ හිතුන විටදි... ඇගෙ දෙස වත් බලා ඉන්න... පුලුවනි නම් ඔබ එන විට... ඇගෙ සුවඳත් අරන් එන්න... නිදි නැති රැය ගෙවා ගන්න.. මගෙ සිහිනෙට ඇය එවන්න... දෙවියනි මගෙ දුක් ගීයට... එකම වරක් සවන් දෙන්න...
දවසේ වැඩ කටයුතු නිමවි මා එනතුරු මග බලා සිටින්නේ නුඹමයි නිරතුරු දකින විට නුඹගෙ මුහුණ පියකරු සියලු විඩාවන් නිවි යයි අම්මේ සැනෙකිඳු මතකයි තවමත් නුඹ කියාදුන් හැටි මුලකුරු තිබුනේ නැහ නුඹ ලඟ කිසිදිනක මුශ්ටිය ගුරු මගේ සෙවනැල්ල මෙන් මා පසු පස ආ නිරතුරු තවමත් නුඹගෙ බැල්ම මා වෙතමයි නිරතුරු
නුඹේ සිනහව නුඹේ කතාව නුඹේ සුවඳ නුඹේ ආදරය වෙන කවරදාටත් වැඩියෙන් දැනුනා මට අද... ජීවිතයේ තවත් සුන්ඳරතම දවසක් උනා මට අද.... ඒත්.... ඒක රහසක්.... දන්නෙ ඔයයි මමයි විතරමයි....
නින්දට යන්නට මත්තෙන් කියනවද මට ආයෙත් එකම එක වතාවක් කාටත් රහසින්.....
කවි සිතිවිලි හිත පුරාම අරක් ගෙන.... නිතරම සිත දිව යයි නුඹම සොයාගෙන.... ගෙවෙන සම දිනම මට ලොකු අරුතක් අරගෙන.... පායන සඳ නුඹමයි මගෙ ලොවට එලිය දෙන.... ගලා හැලෙන දිය ඇල්ලක සිරිය විදහ ගෙන.... සුලන් රැල්ලෙ දඟ කරනා කෙහෙරැල් මිටට ගෙන.... පිරිමදින්න ආසයි නුඹ ලඟින්ම ඉඳගෙන..... එනවද නුඹ තව සැරයක් උනුසුම අරගෙන....
ඔයාට පුළුවන්ද මට කියල දෙන්න ෆෝන් එක රින්ග් වෙනකොට මැසේජස් එනකොට චැට් එකක් එව්වම .................... ..................... ..................... දැක්කෙ නෑ, ඇහුනෙ නෑ වගේ ඉන්නෙ කොහොමද කියලා.......
මගෙ ජිවිතේ මට දැනුනා රත්තරනේ ඔය ආදරෙ මගේ හදවතට පැමිනි දිනේ මගේ පැලට නුඹ කැන්දන් ගෙනෙන දිනේ එයම තමයි මමත් සැමදා දකින සිහිනේ
නුඹ හා එක්ව දිවි ගෙවනදා සතුටක් දැනේවි මට නොවිඳි කිසිදා අප දෙදෙනා අති නත් බඳෙන දා එනතුරු පෙරුම් පුරමි මම සැමදා
පව් කියලා හිතුනේ නැද්ද ඉතින් මම මග බලාගෙන හිටියා මුලු දවසෙම ලැබුනේ නෑ කිසි තොරතුරක් ඔබ ගැන රිදුනා මගේ හිත හොඳටම ... කිසි වැඩක් කෙරුනෙ නැ අද දින බැනුම් අහුව ඉතින් හොඳටම ඔබ දන්නේ නෑ කිසිත් ඒ ගැන දන්නවා නම් මට කරයිද මෙහෙම කිසිම කේන්තියක් නෑ ඔබ ගැන ඔයත් හිරවෙලා ඉන්න ඇති හොඳටම හැමදෙයක්ම හොඳින් තේරුම් ගෙන ආදරෙන් ඉඳිමු අපි සැම දින
මට රිද්දන එක ඔයට සතුටක් නම් ඔයා එහෙම කරන්න..... ඒ වෙන මොකවත් නිසා නෙමෙයි.... ඔයාගෙ සතුට මට අනිත් හැමදේටම වඩා ගොඩක් වටිනවා......
ආසයි මට හැමදාමත් ඔබ ලඟටම වෙලා ඉන්න.... ඔය සුන්වඳේ දැවටෙමින්ම ඔබෙ උනුසුමෙ තුරුලු වන්න..... රැය ගෙවිලා සඳ නැගුනත් මට බැහ ඉතින් නික්ම යන්න..... අද සමුගන්නට මත්තෙන් තවත් වරක් ආදරේ කියන්න..... නුඹෙ නලලත සිප හෙමිහිට හිස අතගා සනසවන්න..... යලි එනවග හිත තියාන මා එනමග බලා ඉන්න.....
පිය සෙනෙහසෙ උතුරා යන සෙනෙහෙ දියෙන් ගලා බසින දිය දෝතින් නහවා ගත් කිරි කැටියා දොයි........
බර ගානක් දීලයි ෆෝන් එක ගත්තේ, කැමරාව සුපිරි... සව්න්ඩ් එල... ලොකු මෙමරි එකකුත් තියෙනවා.. අරවද මෙව්වද නැත්තේ... වොශින් මැශින් එකයි අවන් එකයි ඇරුනම අනිත් ඔක්කොම තියෙනවා.. ඒ උනාට....... කෝල්ස් ගන්න නම් බෑ... කෝ ඉතින් රීලොර්ඩ් දාන්න සල්ලි.....
ජීවිතේ හැමදෙයක්ම රුපියල් සත මතම තීරණය වන වග දැනුන පළමු දින ගොඩක්ම අසරණ උනා මම.....
අරඹුන තැනම ජීවිතේ අයි මේ ලෙස විරහවෙන් යලිදු එක වතාවක් වත් උත්සාහ ගනින් නැගනියේ...
ලියන්නට හිතෙනවා මට මහා කවි පොතක්... ඒත්..... පන්හිඳ මගේ ලඟ කවි සිත නුඹේ ලඟ.... ගයන්නට හිතෙනවා මට ලෝකෙටම අහෙන්නට ඒත්.... ගීතය මගේ ලඟ තනුව නුඹෙ ලඟ.... දිනන්නට හිතෙනවා මට මුලු ලෝකයම ඒත්.... ඇරඹුම මගෙ ලඟ දිනුම් කනුව නුඹෙ ලඟ.... ඉතින්... මා සැනසුම නුඹ ලඟම නොවෙද...
ජීවිතය දකින්නට පෙරුම් පිරූ මම පිරුව එකම පාරමිතාව නුඹ නොවෙද...... සතුට සොයා ගිය මාවතේ හමුවු එකම නවාතැන්පල නුඹ නොවෙද..... වියලී ගිය දෙතොලට සිහිල් දිය බිඳක් වූයේ නුඹ නොවෙද..... වේදනාවෙන් පිරී හදවතට සැනසුමක් ගෙන ආවේ නුඹ නොවෙද..... ~~~වස්සාන සිහින~~~
පාර සොයන් එන්නෙමි මම සඳ සාවියේ නුඹ දකින්න.... දෝත පුරා සෙනෙහෙ අරන් මා එන මග බලා ඉන්න... අඩ අඳුරේ සඳ එලියෙන් ... නුඹෙ දිදුලන රුව දකින්න... ආසයි මට හැමදාමත් ලඟට වෙලා ගී කියන්න.... ~~~වස්සාන සිහින~~~
ජීවිතය දකින්නට පෙරුම් පිරූ මම පිරුව එකම පාරමිතාව නුඹ නොවෙද...... සතුට සොයා ගිය මාවතේ හමුවු එකම නවාතැන්පල නුඹ නොවෙද..... වියලී ගිය දෙතොලට සිහිල් දිය බිඳක් වූයේ නුඹ නොවෙද..... වේදනාවෙන් පිරී හදවතට සැනසුමක් ගෙන ආවේ නුඹ නොවෙද.....
සිහිනයත් මෙලෙස මියැදෙන්නටම සරසේ දකින්නට උත්සාහ ගනිමි පෙරලෙසේ කඳුලින් නෙතඟ බොඳ කරන් මෙලෙසේ අහිමි නුම්බෙ රුව දකිනෙමි මා ලොවට රහසේ යන්නට නොහැක ඇවිද දිවි ගමන පෙරසේ අඩාල වී ගිය සොඳුරු අප දිවි පෙවෙතේ දකින්නට නොහැක සතුටු කඳුලක් දෙනෙතේ මා කල පවක් වෙන්නට ඇති පෙර සසරේ සිටින්නට නොහැක මට තවත් මෙලෙසේ විඳිමින් සියලු දුක් ගිනි මහ මෙරක් ලෙසේ පින් ගත් දෙවියනුත් නොමැත ඒ මොහොතේ බලන්නට සිටියේ අවිනින්සක අප දෙස කිසි ලෙසේ රැකගන්නට තිබූ එකම වස්තුව නුඹයි මගේ එයද මාගෙන් උදුරා ගත් කරුමයක මහිමේ දුටු සිහිනය මතකයි තවමත් රත්තරන් මගේ එලිවන දිනක් නැත නින්ඳක් ලබා කිසි ලෙසේ ~~~වස්සාන සිහින~~~
දනුනා මහ දුකක්.. දුටුවා අවිදින් ගොස් ඇතිබව නුඹ මටත් හොරෙන්.. ගැලුවා නෙත පිරි කඳුලක් දෙකම්මුල් තෙත් කරමින් කාටත් හොරාම.. හිතුනේ නැතිද මොහොතකටවත් නුඹට.. අමතන්නට මා එකම එක වතාවක්.. නොකර ඉන්නෙ නැහැ නුඹ බලා සිටි අයුරු දන්නවානම්... දෙනෙත් කඳුලින් පුරෝගෙන ටික දිනක සමුගැන්ම දැනුනා නම් මෙතරම් වේදනාවක් වන වග... දෙන්නෙ නෑ ඉඩක් නුඹ හට මොහොතකටවත් ඈත් වන්නට... ඉතින් සඳවතියේ.... එකම වරක් තව පායන්න,, සැමදා සිත් අහසේම ඉන්න.. කිසිදා බැස යන්න, එපා නුඹ මොහොතකටවත් සිතන්න..... ....~වස්සාන සිහිනය~.....
මා නෙතඟට කඳුලක් එක් කරන්න මොහොතකටවත් එපා නුඹ සිතන්න මගේ සතුට නුඹ පමනක්ම බව සිතන්න නුම්බ සැමදා සතුටින් හිඳින්න ජිවිතයේ දිගු ගමනක් එක්ව යන්න සිතේ ඇති බලාපොරොත්තුව පුබුදන්න ආදර වදනින් මා සිත සනසවන්න සැමදාම මා ලඟටම වී හිඳින්න
රැය දහවල වෙනසක් නොමැතිව ඉන්න තවත් වටක් නුඹ මගේ සිත් අහසට පායන්න පාලු කොදෙව්ව සුන්දරතම තැනක් කරන්න තවත් වරක් නුඹ මෙහි අවිදින් යන්න වියලී ගිය හද මඩල සෙනෙහෙ දියෙන් නහවන්න තවත් වරක් නුඹ පැමින මා සිප ගන්න ගොලු වී ගිය මගේ කවි සිත යලිත් පුබුදන්න තවත් වරක් ආදරෙන් මා අමතන්න
වැහිදාට කඩදාසි ඔරුවක් හදන්න ඒකෙ නැගල ගම වටේ රව්මක් යන්න හඳ නැති රැයක පහනක් දල්වන්න එ එලියෙන් නුඹේ මුව මඩල දකින්න පාලු දැනෙන හැන්ඳෑවක ගීයක් කියන්න නුඹ එන විට තනුවත් අරගෙන එන්න මුලු ජීවිත කාලෙම සතුටින් ඉන්න නුඹ එන විට ආදරේ අරගෙන එන්න
සඳ පායන තුරු... පොලව මග බලාසිටි අයුරු... අහස දන්නවානම්..... වලකුලු වලින් වසාගෙන ඉඳීවිද...
අඳුර කෙමෙන් ලන් උනා අදට සමු ගනිමි මා..... හෙට දින යලිත් පමිණිලා හිඳිමු අපි අපේ වෙලා.....
ආයෙත් ලියනවා මම මගේ කවිය හැකිතාක් දුරට වැරදි හදාගෙන පුළුවනිද උන වැරදි වලට සමා දෙන්න පොරොන්ඳු වෙමි යලිත් නොකරන්න
මට තප්පරයක් දැනුනෙ පැයක් වගේ මිනිත්තුවක් දනුනෙ දවසක් වගේ පැයක් දනුනෙ අවුරුද්දක් වගේ ඔබ එනතුරු මග බලා සිටි මොහොතේ.........
පුලුවනි නම් යලිත් එන්න ජිවිතයට සතුට අරන් නැතිනම් ඔබ අරන් යන්න මගේ මේ ජිවිතයත් නැති නම් හෙට එලිවන විට මටවත් එය නැතිව යාවි උන වරදට සමාවෙන්න පින් සිදුවෙයි නුඹට බොහොම නොදැනම උන මගෙ වරදට එකම වරක් සමාදෙන්න
මදහසින් පිරී ගිය නෙතකට කඳුලු එක් කලේ කවුරුද......... සෙනෙහසින් ඉතිරී ගිය හදකට දුක් සුසුමන් එක් කලේ කවුරුද....... පතුමන් මතින් ගලා ගිය දිවියට ලතැවුලක් එක් කලේ කවුරුද........... නුඹ සමග අරඹුනු ඒ දිවි මග තනිව යන්නෙ කෙලෙසකද........
නැතිද පොඩි දුකක් වත් දැනුනෙ හැරයන්න මගේ සිත ලොව දෙස නෙත් යොමන්නේ කෙලෙස සඟවමින් මගේ දුක විඳින්නට එක වතාවක් ... ආදරයේ සුමුදු පහස එන්නේද ඔබ එකම එක වතවක් අපෙ සුපුරුදු කොදෙව්වට
විඳගන්න නම් සැරසෙන්න දුක සැප දෙකම සමබරව හැකිවේවිද දකින්න ජිවිතයේ මිහිර සිතින් තරුනයි නොවෙද අප නර කෙසක් නැගි මුත් හිසේ අතරින් පතර
දැනෙන දුක නිවාලන්න කඳුලකට සමු දෙන්න යලිත් ඔබ පැමිණෙන්න ආදරෙන් සිප ගන්න
කවියක් ලියා බලා සිටිමි මම like එකක් වැටෙන තුරු comment එකක් වටුනොතින් එදා දවස මරේ මරු දිරි දෙන ඔබ සැමට තුති පුදමි මගෙ මිතුරු ඔබයි මා ලබා ගත් ප්‍රගතියේ සහකරු
හමුවෙන හැම විටක ආදරෙන් අමතන්න නුඹේ ඔය වදනින් මා දෙසවන් පිනවන්න කවදාඩා ඔබ එන්නේ හඬන සිත සනසන්න එකම එක වතාවක් නලලත සිඹලා යන්න දුක් කඳුලු කිසිදා එපා අපේ මේ ලෝකයට සෙනෙහසින් පිරි ගිය අපූරු නිවහනකි එය ඔප්පු තිරප්පු කිසිවක් නොමැති එහි නුබ නොවෙද එකම හිමි කාරිය
නුඹේ සිතත් දිය ඇල්ල වගෙයි ගලන සෙනෙහෙ ජල කඳක් වගෙයි මගේ සෙනෙහෙ ඒ තුල සැඟවෙයි ලොවට හොරා අපි පෙම් කෙරුවයි විටෙක නුඹ වැසි දිය හා සම වෙයි විඩාබර මගේ හද සනසයි නුඹේ සෙනෙහෙ මහ මෙරක් වගෙයි සැම විටකදි මා ලඟම රැඳෙයි මා ලඟ නුඹ සඳ සාවි වගෙයි නුඹෙ සිරියෙන් මගෙ මුලු ලොව නැහැවෙයි දෝරෙ ගලා යන මගෙ සෙනෙහෙ ඔබයි මගෙ ආදර සඳ සාවි නුඹයි හුස්ම පවා අපි ගත්තේ එකටයි නුඹෙ සුසුමේ සුව මටද දැනෙයි මගේ ලොවට ඔබ මිනි කිරණයි ඒ කිරනින් මගෙ ලොව සැරසෙයි
හඳ වඩින තුරු අහසට මුලු රැයම මග බලයි ඉඟි මරන තරු රෑන යන්තමින් එලිය දෙයි ගලා එන සුලන් රොද මොන මොනවදෝ මුමුනයි ඔබ එවන පනිවිඩද ඒ මොහොතකට මට සිතෙයි ඉතින් නුඹ තවම නෑ මගෙ හිත රිදුම් දෙයි
ආයෙමත් ඔබ එන්න මට ජිවිතේ අරන් විඳගමු එහි සිසිල උනුහුමේ තුරුලු වෙමින්...
මතකයිද මාව ගෙනාපු උජාරුව මගේ ලස්සන ගැන වර්ණනා කර කර මම ඔයත් එක්ක කොහෙද නොගියේ සමහර දවසට මම තෙම්මලා ඔය නොතෙමි ගියා සමහර දවසට මම අව්වෙ වේලි වේලි යනවා ඔයා හෙවනෙ යනවා ඔයාට විහිළු කරන අයට ගහුවෙත් මම තමයි ඉතින් ඒ දවස් වල ඉතින් මම චන්ඩියා දැන් ඒ කිසි දෙයක් මතක නෑ නේද මගේ දිහාවත් බලන්නෙ නෑ ඔයා ඔව් මම දැන් වයසට ගිහින්නේ ඉස්සර තිබ්බ ලස්සන මගේ නැහැනේ කුනු දූවිලි පිරිලා හරියට මම කර ගත්තු දෙයක් වගේ අලුතෙන් ගෙනාපු කෙනා ලස්සනයිද මටත් වඩා ලස්සනයිද කමක් නෑ ඉතින් ඔයාට හොඳ නම් ඉතින් මගේ හිතට දුකක් නෑ මම ඉතින් කුනු මුල්ලට වෙලා ඉන්නම් තව වැඩි කල් ජීවත් වෙන්නෙ නෑ මං කොහොමත් ඇත්තටම මම කව්ද...?
ගිලිහුනු පෙත්ත තමන්ගේ වග මලටද අමතක උන හැඩයි ගිලිහුන මල තමන්ගේ වග නටුවටද අමතක උන හැඩයි දුර අදුන මුත් නුඹ සිත තවමත් මා සොයන බව සැබයි අවිලෙන ගිඳර රළු වුවත් පපුවට බර නැති හැඩයි
නෙතට උනන කඳුලැල් පිසලන්න ඉතින් නැගෙන සුසුම් වැල් නවතන්නෙමි ඉතින් කොතෙක් කල් මම දුරින් ඉන්නද ඉතින් නුඹ නැති දිවියක ලබන ජය කුමටද ඉතින්
ලස්සනයි සඳවතියේ නුඹේ සිනා මුව මඩල අහබ්බෙන් මෙන් මගේ සිත් අහසට පැමිනි විඳිමි මම ඒ ජීවිතයේ මිහිර කාටත් හොරෙන් මෙතෙක් කිසිදා නොවිඳි.. දුකක් නොම වෙයි කිසිත් නුම්බ මටද මම නුඹටඩ ආදරේ නිසාවෙන් අන් කිසිවකටත් වඩා.... මතකයේ රැඳෙයි සැමදා නුඹේ මුවින් පිටවූ දින ආදරෙයි නුඹ හට අන් සැම දේටත් වැඩියෙන් ලෙස.. නුම්බට හිතැති මගේ සිතද නුඹවම සොයයි ගෙවෙන හැම මොහොතක්ම හරිම සුන්ඳරයි ඔබ සැමගම රැඳෙමින්... යන්නට දිගු ගමනක් නුඹේ සඳ කිරනින් නැගෙන ආලෝකයෙන් මා දකින මාවත මතින්... ඉතින් නුඹවම සොයන සිත සනසවන්නට ආදරයෙන්.... බලාසිටිමි යලිත් වරක් වඩින තුරු මගේ අහස් ගැබට නුඹ ඉතින්...
පෙරුම් පිරුවට මම ඉන්නට නුඹ ලඟින් ඉඩක් නැ මට ලොව එරෙහි වූ නිසාවෙන් දුරින් ඉඳ සැනසෙමි මා අඩ නුඹේ නමින් තවමත් ඇත ඒ පතුමන් සැම එලෙසින්
රාළහාමි මාමේ.. අපි කොහේටද මේ ආවේ.. කොහෙද අපේ අම්මව ගෙනියන්න හදන්නේ.. මම තාම උදේට කිරි බිව්වෙත් නෑ.. ඇයි අද මාව බැඳල දාල බෙල්ල රිදෙනව මගේ.. අනේ ඇයි අපේ අම්මට ගහන්නේ.. කව්ද අර තව කෑ ගහනව ඇහෙන්නේ ඇයි එයාව බේර ගන්න කියන්නේ අනේ එයා ගොඩක් අමාරුවෙන් කෑ ගහන්නේ මගෙ සුදු අම්මේ... අපිත් එතනටද මේ ගෙනියන්නෙ.. අන්න රාළහාමි මාම අපි දිහ බල බල අර අලුගෝසුවට මොන්වද කියනව රාළහාමි මාම මොනවද අර ඉනේ ගහ ගත්තේ රාළහාමි මමේ.. රළහාමි මමේ... ඇහුනෙ නැඩ්ඩ මන්ද.. මාව ගහේ බැඳලනෙ නැත්තන් වෙනද වගේ පස්සෙන් දුවන්න තිබ්බා අන්න අම්මෙ අර අලුගෝසුව එනවා ඒයි ඒයි අපේ අම්මව අරන් යන්න හදන්නෙ කොහේද රාළහාමි මාමේ.... රාළහාමි මාමේ.... මෙන්න අපේ අම්මව ගෙනියනවා... අනේ මගේ සුදු අම්මට ගහන්න එපා.. ඕනෙම නම් මට ගහන්න.. අනේ අම්මෙ ඇඉ මගෙ දිහා ඔහොම බලන්නේ.. ඔයා මොනවද අමාරුවෙන් වගේ කියන්න හදන්නෙ අනේ ඇහෙන්නෙ නෑ මගෙ සුදු අම්මේ ඇඉ මේ ඇස් වල කඳුලු පුරවගෙන මගේ අම්ම ඇඉ අඬන්නෙ මොකඩ්ඩ ඒ සද්දේ.. අනේ ඩෙයියනෙ මගේ සුදු අම්ම නේඩ ඒ..... ඒ ගමන මාවත් ඇදගෙන යනවා.. අනේ ඩෙයියනේ මගේ සුදු අම්මා... ලේ හැම තැනම... ඔලුවට මොකද්ද උනා මග
ඉතින් නුඹ සැරසුනේ එලෙසින් දීගෙක යන්නද අළුත් දිවියක් එලෙස ඔහු සමඟින් අරඹන්නද මම ඉතින් සුභ පතනවා හැර මක් කරන්නද නව දිවිය ඔබට කොතරම් සොඳුරු වේවිද
සැබෑ වෙන සුන්ඳර සිහිනයක අත්දැකීම වින්ඳගන්නට ලඟදීම මම එනවා නුඹගෙ ඔය හද මඩලට ඇවිද යන්නට නුඹ සමගින්ම දිවිය නම් වූ දිගු ගමනේ බලා සිටිනෙමි දහසක් පැතුම් මතින් එදවස එනකන්ම
ඉතින් මම මෙහි තනි වෙලා විඳින දුක් ඔබ දන්නෙ නෑ හිතින් නුඹට පෙම් කරමින් දුරින් හිඳ ඔබ දෙස බලනවා එයද ඔබ දන්නෙ නෑ මගෙ හිස් අහස දෙස බලා ගත් නෙතු මතින් ගලා එන කඳුලු කැට මගෙ දෙකොපුල් තෙමන නිතර එයද ඔබ දන්නෙ නෑ පායන්න සඳ වතියේ එකම එක වතාවක් විඳින්නට ආසයි මමත් දිවිය එකම එක වතාවක් සුඳරත්වයෙන් සපිරුනු
හිතට එන හැම සතුටක්ම මහා දුකක් ඉතිරි කරල යන්නෙ ඇයි........ ඒ ඉතිරි වන දුක හැමදාමත් හිතේ ලගුම් ගෙන විඳවන්නෙ ඇයි...... පුන්චිම සැනසීමක් වත් හිතේ ඉතිරි නොවන්නේ ඇයි........ හිතේ ඇති වන එකම මලකට වත් එකම එක වරක් වත් පිපෙන්න ඉඩ නොදෙන්නෙ ඇයි......
හැමදාමත් ළඟ ඉදගෙන මගේ කියා මට කියන්න කල්ප කාලයත් මදි මට නුඹේ නමට කවි ලියන්න නැතත් තාල රිද්ම සොඳුරු මගෙ කටහඬ අසා ඉන්න හිතේ තාරුකා කැට ගෙන බැඳුණු කවක රස බලන්න මුමුණන තෙපුලක දහසක් ඔවදන් ඇත කළම්ඹන්න මිහිරි කවක ඇමුණුනු ගුණ නිමක් නොමැත කියාගන්න ලස්සන සඳ සාවිය ලඟ දිවි බඳුනම මුහුකරන්න ඉඩක් ඇත්ද මට කියන්න මට හිමි මල නෙළාගන්න
වස්සාන සිහිනයේ මමත් අද තනිවෙලා නුඹ නැතිව හඬා වැටෙන සිත මෙනි වැහි වලා ආයෙත් ඇවිත් නුඹ මගේ ලඟම දැවටිලා ඉන්නට එනවද සමගින්ම නිකිනි වලා
හිස්ව තිබූ මගේ සිත් අහසට නුඹයි පැයු සඳවතිය.... වියලි සුලඟින් දැවී ගිය සිත් අහසට නුඹයි ආ සිහිල් සුළන් රැල්ල.... අලෝකයක් නොමැතිව අඳුරු වු මගේ දිවියට නුඹයි පැමිනි සඳ කිරන... ඉතින් ඒ සඳ පායන තුරු බලා සිටින මමයි ඔබේ මිහිකත....
අප නිවහනේ පාලුව මැකූ රන් ටිකිරි සිනාවෙන් මුලු ගෙදරම සැනසූ ඒ සුරතලී දැන් පෙර පාසල් යනවා ටිකිරි සිනාවට ඩැන් සුරතල් කතාවත් එකතු වෙලා වචන එක ඩෙක ගලපමින් කතා කල ඈ   දැන් කවි සින්දුත් කියනවා එදා මගෙ උකුලේ දඟලපු ඈ අද බෝනික්කන් ඇගෙ උකුලෙ නලවනවා කාලය ඉක්මනින් ගෙවී ගියා වත්ද මට මේ විදියටම ඈව හැමදාමත් මගේ ලඟිම තියගන්න පුලුවන් නම්... ඒ සුරතල් කතාව මට හැමඩාමත් අහන්න පුලුවන් වෙයි.. ඒත් ඒක මහ අසාදාරන අසාවක්... හෙට දින ඈ තවත් ලොකු වෙයි තවත් ලස්සන වෙයි ලස්සන අනාගතයකට යයි එදාට මට අඬේ.... ඒ දුකට නෙමේ.. දරගන්න බරි සතුටට... ඔව් ඒ මගෙම මන්දකිනිය....
හැඟුම් පොකුරු ඉසිර විසිර රත් පියුමක එතෙන්නේ.. අහස පුරා තරු කැටගෙන පෙම් සිත්තම් අඳින්නේ.. පිණි පලසක අතොරක් නැති සීත හිතේ රැඳෙන්නේ.. මගෙ දෙව්දුව හීන අරන් එන අරුමය දැනෙන්නේ..
ඉපදුන දා ඉඳන් මට හරි මග පෙන්වුවා අද මා තනිව යන මග ගැන නුඹ නිතරම සෙව්වා පුතෙ නුඹගෙ ඩැන් වැටුප කීයද නුඹ නොවිමසුවා උදෙ එන විටත් මා අත කාසි ටිකක් තැබුවා... නුඹ විඳිනා දුක් ගැන මම නොදනිම්ද අම්මේ මම කල පව් වෙන්න අති නුඹ අද විඳවන්නේ මට හැකි කලට නුඹ හට මා සලකන්නේ මගේ ඇස් දෙක වගෙයි නුඹ මා රැක ගන්නේ මතු බුදු වන්නට මත්තෙන් ඔබ වෙනවා නේද මගෙ මව් ආයෙත් ඇත්තට මම නුඹේම පුතු වී එන්නම් එදාට රාහුල කුමරුගේ අඩුපාඩුව පුරවන්නට
අතරමන් වූ බව දනුනි යන්නට වෙන මගක් නැතිව ගිය සඳ ඔබ නොමැති බව දනුනි මගේ අත්වැලට පාලුවක් දනුන සඳ ... සිතට තනි කමක් දනුනි නුඹෙ සිතින් මා ඉවත් කල බව දනුන සඳ සිත් අහසම පාලුවෙන් තැවුනි මගේ සඳවත බැස ගිය බව දැනුන සඳ
මිනිත්තු කිහිපයක පොඩිම සතුටක් වෙනුවෙන් දිවි පුදන අපේ අයියලාට මන්ද නොතේරුනේ තවම දුම් පානයෙහි අරුම ... ඉදිරි පරපුර වත් බෙරගන්නට දුම් රකුසාගෙන් ගතයුතු පියවරක් දැන්ම ගතයුතු නොවෙද අපි
සන්සාර ගමනේ අත්වැලක් වු ඔබ මගේ දිවි ගමනේ ආලෝකයද විය ඒ අලොකයෙන් දුටු මගද ඔබම විය ඇතතටම දිවියෙ සෑම දෙයක්ම ඔබ නොවෙද..
මා උපන් පින් බර මව් බිමට කරන්නට යමක් මගේ කල පැමින ඇත නුඹෙන් ලද සෙනෙහස නම් නිමක් නැත දිවි පුදා රකිමි මගෙ මව හෙටට
ඔය නෙතින් ආදරේ කියනකම් මග බලා ඉන්නෙ මම පෙරුම් පුරන් හිත පුරා ඔබෙ ආදරේ අරන් එන්නේ කවදාද දකින්නට මන් ඇඳේ පෙරලි පෙරලි රැ එලිවෙනකන් හීන දකින්නේ නුඹ ගැනමයි මන් දකින හැම හීනෙකම නුඹ ඉතින් ඉන්නවා ආදරෙන් මා ලඟින්
අමතක නොවන මතකයන් අතරින් ගලා එයි ඔබේ සුවඳ දසතින් අවිද ගිය මග නුඹ නැති මුත් තනිව යමි ඒ මතකයද සමගින්
මට හොරා තැනුන පුන්චි පව්ල ලස්සනද ප්‍රියේ මම ඒ පුවත ලොවෙන් සඟවා ගමිද කෙසේ මා සමගින්ම හිඳින්නට දුන් සිහිනය අමතකද ප්‍රියේ ඒ සිහිනය මතින් මා වෙන් වී යමිද කෙසේ ජිවිතයේ මට අහිමි සතුට නුඹ හට ලැබෙන්නයි කිසිදා මෙවන් දුකක් නුඹ් හට නොලැබෙන්නයි සිතඟි පරිදි නුඹේ පැතුමන් සැම ඉටු වෙනනයි පතුමන් මා හදවතේ සැම්දා එලෙසින්මයි
හැර යන්නට සිතක් නොමැත මට නින්ඳ නොමැති එක රැයක් පමනි මෙය හඬමින් වලපෙන රැහැයි හඬ මැදින් නුඹගෙ හඬ මට සිහිනෙන් මෙන් ඇසේ ... දුක උරුම උනෙ ඇයි දැයි නොදනිමි වැරඩි කා අතඩ සෙවිම පල නැති දෙතැනක තනිවි හැඬුමෙන් පල නැති කල හැකි කිසිවක් ගැන සිතමුද අපි
උදා වන සැම දිනම එක වගේම සුන්දරයි පෙරදිනට වඩා යමක් අද දිනෙහි ලඟා කරගන්න
ඒ කලකට ඉහතදී දුටු සොදුරුතම සිහිනයක් පුළුවනිද දකින්නට තවත් එකම එක වතාවක් ඇත්තටම ඒක ගොඩක්ම සුන්දර කතාවක් අවසානය දරාගත නොහැකි තරම් දුක්බර උනත්
ඔබ සොයනා සොදුරු රුව එකල නම් මම තමයි දැන් ඉතින් නුඹේ සිත ගත ඔහු සතුය නුඹ හා බැදි කසාදය නම් යකඩ දම් වැල නමින්....
අනාගතේ අපේ සුභම නොවේමයි ඔබේ නෙතු දකින මටම සිතේ එක්ව යන මග කොතෙක් පැහදිලිද තවමත් ඔබ හට නොතෙරුනේ ඇයි
ඇහැකින් වැටෙන් කඳුළු බිඳු හිතකට බරක් අනට දැනූනත් නැතත්
උපන් කඳුල උනත් හොඳයි ඔබ වෙනුවෙන් උපන් දුක උනත් හොඳයි ඔබ වෙනුවෙන් නුපන් සතුට ගැනයි දුක මා වෙනුවෙන්
මහ මෙරක් සේ දුක දරා ගන්නම් දුරින් හිඳ ඔබ දෙස බලන්නම් ඔබ සතුටින් දිවි ගෙවයී නම් මමද සැන්සිමෙන් හිඳින්නම්
නුඹ අළුත් දිවියක් ඇරබි බව සැලයි එය මා දුටු නපුරුම හීනයක්මැයි සිදුවු සියළු දේ සිදුවී හමාරයි ඒ ගැන සිතා දුක් වීම මගෙ සිතට බාරයි සුභ පතමි මා හදවතින් ඔබට මගේ හිතෙ කහටක් නැ ඉතින් නොම වේවා කිසියම් දුකක් නුඹේ කවි සිතට ඉතින්
නිමා නොවනා කඳුලු අතරින් ගලා ඒ පද මගේ පන් හිඳෙන් විඩාබර මා නෙතු පියන් බලා හිඳී ඔබ දෙස නිදි වරන් ඉතින් ඒ කවි රස විඳිමින් බොහෝ අය කියයි එළකිරි මචන් දන්නෝ දනිති විරහවේ අරුමන් නොම වේවා තවත් මෙවන් හින්සනයන් පුලුවනි නම් අමතන්න එක කඳුලු කැටයකට පවසයි ඔබ මා හැර ගිය කතාවේ වග තුග අසන්නට කිසිවෙකුත් නැති එක ගැනයි දුක සිටිය එකම ශ්‍රාවිකාව ඔබයි මට
ගැහැනු ඉතින් ඔය හැට හතරෙන් දානවා හොඳ හොඳ සෙල්ලම් අපිත් එය දැන දැනම ඉතින් පනිනවා රැ වලේම මහ දවල්
නිමා නොවනා කඳුලු අතරින් ගලා ඒ පද මගේ පන් හිඳෙන් විඩාබර මා නෙතු පියන් බලා හිඳී ඔබ දෙස නිදි වරන් ඉතින් ඒ කවි රස විඳිමින් බොහෝ අය කියයි එළකිරි මචන් දන්නෝ දනිති විරහවේ අරුමන් නොම වේවා තවත් මෙවන් හින්සනයන් පුලුවනි නම් අමතන්න එක කඳුලු කැටයකට පවසයි ඔබ මා හැර ගිය කතාවේ වග තුග අසන්නට කිසිවෙකුත් නැති එක ගැනයි දුක සිටිය එකම ශ්‍රාවිකාව ඔබයි මට
ඔබෙ පන්හිඳ ගොලු වී ගිය නිසාවෙන් නෙතු නිරතුරු කඳුලින් පිරි නිසාවෙන් හදවත නිතර සුසුමන් හෙලු නිසාවෙන් භවයට දොස් නොනගනු ඒ නිසාවෙන් සැමදෙයක්ම හේතුවක් ඇතිවම සිදු වේ බුදු දහමෙන් එය මොනවට ඉගැන්වේ එය තේරුම් ගෙන විසුම කාටත් සුභ වේ නොදැන ගොසින් නොවැටෙනු මන් මුලවේ
මමත් දුටුවෙමි සිහින දහසක් මමත් පැතුවෙමු පතුම් සහසක් මමත් සෙව්වෙමි සොඳුරු දිවියක් මමත් ලිව්වෙමි සොඳුරු කවියක් ඒ සිහින මැද මා තනිවු හැඩැයි පැතු පතුමන් බොඳ වු හැඩැඉ සොඳුරු දිවියම නැවතුන හැඩැයි ලියු කවියද අතරමග නැවතුන හැඩැයි නිදි නොමැතිවම රැ පහන් වුවත් සිතද තනිවම සුසුම් හෙලුවත් ලොවට රහසින් මා හෙට දිනත් දකිමි ඒ සිහිනයම නැවත නැවතත්
ජිවිතේ හැටි මෙහෙම වෙන්න ඇති කියලා ඔයත් හිත හදාගන්න ඇති ඒ ජිවිතේ එයාට නම් කොහොමත් සුන්දර ඇති දැන් නම් ඔයා ගැන මතකයක් වත් නැතිව ඇති
පුන්චි උනත් හිත් පොඩිය අදරේ මහ මෙරටත් වැඩිය අහිමි වු දුක ඊටත් වැඩිය ඉතින් එහෙමයි බොලඳ ආදරය ඉතින් ඒ පුන්චි සාවිත් කියයි ඔය කවියම යලිත් දැනෙන එකක් නැ දුකක් කිසිත් දඩයමෙ යයි ඔහු යලි යලිත් සුන්ඳරයි නේද සිහිනය දහවලේදි උනත් අපි දකින සැබැ නොවෙනා බව දැන දැනම දකිනවා තව තවත් සිහින
පායනා නුබෙ රුවන් නුවණ් යුග දොඩමළු වේ සමගින් ම නුවණ් යුග දකින දස දහසක් අතරින් දුටු ඒ පිය කරු බව රැන්දේද කවදා වන තුරු මා සිත් අහස තුල.....
ලැබෙනවනම් අපි කැමති හැම දෙයක්ම නොලැබෙනවනම් අපි අකමැති හැම දෙයක්ම සුඳර වෙයි නේද මුළු ජිවිතයම එත් එහෙම වෙනවද ලොව කිසිම තැන
කඳුලක් උනත් ඇරබුම පැවත්මක් තිබුනි ලස්සන සිතුවෙ කෙලෙසකද කිව මැන දෙන්නට මෙවන් දුකක් අපමන සිටියා මතකද ඔබ ලඟින්ම පෙරදින සෙවනැල්ල සේ ඔබ පසු පසම යන විමසන්නෙ කිමද සැමදෙන එ ගැනම සිහිවෙන සැම විටම විඳවයි මගේ මන
කිසිවකට සමනොවන නුබේ ඔය කවි සිතද එයින් ගලා එන කවි වැල්ද පවසාවි සොඳුරුතම අදරේ අප බැඬුන එවන් කවි නැසෙන දිනක් නොම වේවා කිසිත් ගෙදර අග හිඟ කම් මැදින් පලා යන සිරි කත දුටිමි කල හැකි දෙයක් නොමැති කමින් මමද අසරණ උනිමි විසඳුමක් සොයන්නට පියවරක් නුම්බ තබුවා ගියත් දුර රටක නුබ නොම දැනෙවා කිසි දුකක් නුබෙ ඔය කවි සිතට....
යලි ඇරබුමක් නැති අවසනක් ද නැති අප පෙම් කතාවේ ඔබ මා සිටිනා තැන කොතැන..?
පැතු පැතුම් මෙලෙසින් බොද වී යද්දී මගේ ආදරය මා සිත තුලම ගොළු වෙද්දි නුඹෙ ආදරය වෙනකෙකු වෙත දිව යද්දී මම සිටිනෙමි සිතයට සිරකර මේ සිද්දී නුඹ ගැන අසන අය හට මට කියන්නට නුඹට හැකිද බොරුවක් මට කියන්නට නුඹ සමගින් සැමදා මට සිටින්නට එදා පෙලට ආවා උන් මට සුබ පතන්නට මගේ ආදරය සදහට අද ගොළු වූවා යලි නොම එන ‍ලෙසින් ඔබ මාගෙන් වෙන් වුවා දිවියේ අරුම මෙය යයි නුඹ පැවසුවා එය එලෙසදැයි දෙවියන්ගෙන් මා විමසූවා මගේ දිවියට දැන් කිසි වටිනා කමක් නැතී ඔබ නොමැතිව ගෙවන දිවියෙන් පලක් නැතී මා පැතු පැතුම් මසිතෙම ගොළු වෙලා යතී නුඹ දිවි පොතෙනේ මගේ වත දියවෙලා යතී හැකිනම් නුඹට තව එකවරක් වත් මා අමතන්න සිදුවුයේ කිමද මට පහදා දී යන්න වරදක් සිදුවුනා නම් එය මට පවසන්න දඩුවම මදක් වත් ලිහිල් කර යන්න
ඔබ ගියා දුර ඈත නොදන්වා ලග සිටි මටද පුළුවනිද හිනැහෙන්න බලමින් මගේ කදුළු දෙස නුඹට මදි උනා වත්ද මගෙන් ලද ආදරය සිතුනේ නැතිද මදකට විමසන්නට මගේ වත ඔබට මතකද අද වැනිම දවසක සතුටු උනා මම දිනු ලෙස ලොවම අද වගෙම මතකයි මටද නුඹෙ ආදරය දිනු දවස දිවියේ පලමු වතාවට වින්දෙමි ආදරයේ මිහිර එකතු කලා ඔබ දිවියට මතකයන් අති සුන්දර සිතුවේ කෙලෙසකද නුඹ මෙලෙස යන්නට මා හැර දරා ගන්නේ කෙලෙස මේ විරහව අසුන්දර නොමදැනේවා කිසි දිනක ඔබට මා විදිනා මේ දුක නොමදැනේවා මෙවන් දුකක් අන් කිසිවෙකුට නොමරැදේවා කදුළු කිසිදිනක නුඹේ නෙතු මත නොමවේවා නුඹට වරදක් කිසි විටෙක
අහිමි නුබෙ නෙත දකිමි මම - නුබ තිලිණ කල පුතු ඇසින් අහිමි නුබෙ සිනහව දකිමි මම - නුබ තිලිණ කල පුතු මුවින් අහිමි නුබෙ ප්‍රිය වදන අසමි මම - නුබ තිලිණ කල පුතු හඩින් අහිමි නුබෙ මව් සෙනෙහෙ දෙමි මම - පුතුට කෙලෙසක ඉතින්...
මහැර ඔබ ගොස් ඇත බොහෝ දුර එක්ව ආ මග මෙතෙක් කල් අප තනිව යන්නේ කෙලෙස කිව මැන කෙසේ පිලිගනිමිද තනිවු බව මම කෙලෙස ඔබ නෙතු පියා ඉන්නේ නොදුටු ලෙසින් මා නුවන් යුග කුරිරු වුනේ කිම අපේ දෛවය වෙන්කර ගන්නට මගෙන් රන් කද කෙසේ පිලිගන්නද ඔබ යන වග ඔබ මෙලෙස කර පිටින් මගේ මතින් සුදු පලස ඔබත් සමු ගන්නේ නෑ මමත් සමු දෙන්නේ නෑ සදු වුයේ කිමද තවම මම දන්නේ නෑ
සෝබරව ගෙවන ජීවිතේ හරිම විඩා බරයි ඔබ සමග ගෙවූ ජීවිතේ හරිම ආදර බරයි හිමි වුනා නම ඒ ජීවිතේ හරිම සුන්දරයි විදවමින් ගෙවන ජීවිතේ හරිම දුක් බරයි
මමත් හිතුවේ නෑ සිහිනෙකින් වත් ගෙවන්නට ඔබ නැතිව එක මොහොතක්වත් සිහිවෙනවාද මට මෙන් ඔබටත් අප දෙදෙනාම දුටු ඒ සිහිනය ගැනවත්.
නොමියෙනා මුත් ඒ මතකයන් නොමියෙනා මුක් ඒ සිහිනයන් මැරි මැරී උපදින අපේ ජීවිත පිරෙයිද කවදා සුන්දරත්වයෙන්.. නිදා සිටිනා අපේ ජීවිත අවදි වේවිද කවදා ඒ මතකයන් මතින් ඇවිද යන්නට මදහසින්.. තවත් දවසක් උදා වෙනවා සුපුරුදු පැතුමන් මතින් මගේ හදවත් විඩා වෙනවා එවන් දේ ගැනම සිතමින්..
එදා තමයි ජීවිතේ සතුටුම දවස එදා තමයි ජීවිතේ දැනුන දවස එදා තමයි ජීවිතේ ලස්සනම දවස ඉතින් කවදද මේ එදා දවස... ඔබට මතකද තවම...

අහිංසක ජීවිතයක්.....

වැටි වැටී නැගිටින්න හදන අහින්සක ජීවිතේකට මිරිගුවක් මුණගැහෙන එක මොන තරම් අවාසනාවක්ද දුවලා දුවලා හොදටම හති වැටිල තියෙද්දිත් ආපහු හැරෙන්න බැරි වෙද්දි ඒ අහිංසක ජීවිතේ මොනතරම් අසරණද ඒ අහිංසක ජීවිතේට ලස්සනයි කියන මේ ලෝකේ මොනතරම් නපුරුවට දැනෙනවද කියලා හිතාගන්නවත් පුළුවන්ද
සනසමින් සැම සිත් සැනසෙනු මැනවි නුඹත් නොසිතමින් මා ගැන කිසිත් ජය ගනු මැනවි ජීවිතය පරිදි නුඹ සිත්...

අද මා ලග නැත නුඹ.........

නුඹෙන් පණ ලද මගේ පණ්හිදෙන් කවි ලියවෙනා සද එය දකින්නට අද මා ලග නැත නුඹ මතකද අපි දොඩමළු උනා ගොතමින් කවි සන්හිද පාමුල හිද එය විදින්නට අද මා ලග නැත නුඹ එවන් කවියක් යලි ඔබෙන් යලි නොලියවෙනා සද දුක කියන්නට අද මා ලග නැත නුඹ ඹබ දුන් ඒ කවියේ අරුත තවමත් ‍මට නොතේරෙන සද එය පසිදන්නට අද මා ලග නැත නුඹ
නුඹ වෙනුවෙන් තවමත් මගේ හිත ලතැවෙනවා ඒ සිත සනසගන්නට මා වෙහෙසෙනවා හුස්ම වැටෙන හැම මොහොතෙම නුඹ සිහි වෙනවා එය නැවතීමට මත්තෙන් නුඹ දැකුමට එනවා

මගේ පුර සද...

ඒ සදවතට පෙම් බැදි පෘථිවි මම වෙම් දුරින් හිද ඔබ දෙසම බැළුවෙමි ආලෝකයේ පහස ඔබෙන් ලැබුවෙමි නුඔ නැති අමාවකට අදුරේ ලතැවුනෙමි.. පුන් පෝදාට හරිම සුනදරයි නුඔ වින්දෙමි ඒ සුන්දරත්වය කාටත් හොරෙන් මම බැනවැදුන මතකද ඉද හිට එන වලාකුටත් බිදින්නට ආවාට අප පෙම් දැහැන.. මතකයි තවමත් සිටි හැටි මග බලා දකින්නට ඔබ තවත් එක වතාවක් අමතක විය මට එදා චන්ද්‍රග්‍රහනය වග එදා නැවතුනි මගේ පරිභ්‍රමනය කිසිදා යලින් නොඇරඹෙනා ලෙස නැවතුනාවත්ද ඔබ මා ඇරඹ් ඒ ගමන අනේ තව එකම එක වතාවක් දක ගන්නට හැකිනම් මගේ පුර සද...
හිතුවක්කාර කොල්ලෙක්... උදෙම නැගිට ගත්තා අමාරුවෙන්.. කුකුළටත් බැන බැන.. වෙලාව හතයි.. හැම දේටම තියෙන්නෙ පැය බාගයයි.. මේකවත් ලස්සන දවසක් වේවිද.. අනේ මන්ද ඉතින් ඕවනම් ඩඩි බිඩි ගාලා දිව්වා ලිඳ ලඟට... කෑලි පහ යන්තම් සෝදගෙන දිව්වා ආයෙත් ගෙදර... පොල් කටු ඉස්තිරික්කයෙක් මැදපු ඇඳුමත් දාගෙන කොන්ඩෙ පොඩ්ඩක් පීරගත්තා.. පොල් තෙල් පාරක් ගෑවෙ නැත්තන් ගතියක් නැ.. අක්කගෙ සෙන්ට් ටිකකුත් දාගෙන.. zz zzz.. සල්ලි ඉල්ලලත් බැ නොඉල්ලත් බැ.. අම්මෙ නැද්ද කීයක් හරි... ගේ හැමතැනම බැලුව.. නෑ වගේ මොනවත්.. කොල්ලට ඉතින් පොඩ්ඩක් මල... මොකද ඉතින් කරන්නෙ.. දෙවියන්ට කියල වැඩකුත් නෑ.. මෙ හදිස්සියෙ සල්ලි කොහෙන් හොයන්නද.. සීසන් එක නැත්තන් පයින් තම්යි.. අම්මට සිරි.. බස් එක නේද එනව ඇහෙන්නෙ.. දිව්ව පොල් රොටී කැල්ලකුත් කටෙ දාගෙන... බස් එකේ කට කපල සෙනග.. එල්ලුනා ඉතින් කොහොම හරි පිටිපස්සෙ දොරෙන්.. එක වන්ගුවයි පාස් උනේ... පාර අයිනෙ ඉස්සරහ ඉන්නව පේනව අපේ අම්මා... අනේ දෙවියනේ... ගෙදර තිබිල රුපියල් දහයක් සොයාගෙන.. කර කියාගන්න දෙයක් නැතිකමට බස් එක දිහාට එක දික් කරගෙන... මතක් වෙද්දි තවමත් ඇස් වලට කඳුලු ගලනව අම්මේ.. කිරි ටිකවත් ණයට නෙමෙයි

හිතුවක්කාර කොල්ලෙක්...

හිතුවක්කාර කොල්ලෙක්... උදෙම නැගිට ගත්තා අමාරුවෙන්.. කුකුළටත් බැන බැන.. වෙලාව හතයි.. හැම දේටම තියෙන්නෙ පැය බාගයයි.. මේකවත් ලස්සන දවසක් වේවිද.. අනේ මන්ද ඉතින් ඕවනම් ඩඩි බිඩි ගාලා දිව්වා ලිඳ ලඟට... කෑලි පහ යන්තම් සෝදගෙන දිව්වා ආයෙත් ගෙදර... පොල් කටු ඉස්තිරික්කයෙක් මැදපු ඇඳුමත් දාගෙන කොන්ඩෙ පොඩ්ඩක් පීරගත්තා.. පොල් තෙල් පාරක් ගෑවෙ නැත්තන් ගතියක් නැ.. අක්කගෙ සෙන්ට් ටිකකුත් දාගෙන.. zz zzz.. සල්ලි ඉල්ලලත් බැ නොඉල්ලත් බැ.. අම්මෙ නැද්ද කීයක් හරි... ගේ හැමතැනම බැලුව.. නෑ වගේ මොනවත්.. කොල්ලට ඉතින් පොඩ්ඩක් මල... මොකද ඉතින් කරන්නෙ.. දෙවියන්ට කියල වැඩකුත් නෑ.. මෙ හදිස්සියෙ සල්ලි කොහෙන් හොයන්නද.. සීසන් එක නැත්තන් පයින් තම්යි.. අම්මට සිරි.. බස් එක නේද එනව ඇහෙන්නෙ.. දිව්ව පොල් රොටී කැල්ලකුත් කටෙ දාගෙන... බස් එකේ කට කපල සෙනග.. එල්ලුනා ඉතින් කොහොම හරි පිටිපස්සෙ දොරෙන්.. එක වන්ගුවයි පාස් උනේ... පාර අයිනෙ ඉස්සරහ ඉන්නව පේනව අපේ අම්මා... අනේ දෙවියනේ... ගෙදර තිබිල රුපියල් දහයක් සොයාගෙන.. කර කියාගන්න දෙයක් නැතිකමට බස් එක දිහාට එක දික් කරගෙන... මතක් වෙද්දි තවමත් ඇස් වලට කඳුලු ගලනව අම්මේ.. කිරි ටිකවත් ණයට නෙමෙයි
කැමති නොවෙද ඔබත් යන්නට ඩුඅල් ඒසි කාර් එකක... මාත් එක්ක දාඩිය දාගෙන යනවා වගෙද පාරෙ බස් එකක... ලුනුයි බතුයි කාලත් ඉඳිමු කිව්වලු පරන කාලේ සින්දුවක... අම්මා උනත් කැමති නොවෙද බෑන පොඩ්ඩගෙ උපාදියට... කවුද හිතුවෙ යාවි කියල මෙහෙම කලක් ආදරයට.....
ලොකුම ගහකින් නම් වැටුනා.. ගොනා කොයි වෙලාවේ එයිද දන්නේ නෑ..

~~ මහනුවර දුම්රිය ස්ථානය 2011/07/22 02:45PM ~~

ටිමි කඳුලු සලමින් ඉකි ගසා හඬන දූම්රිය එංන්ජිමක් අලුවෙමින් දැවෙන තම සහායක මැදිරි දෙස නෙත් යොමාගෙන..... ඇසුනි හඬනගා උදව් පතනා හඞ ඒ දෙස බලා විනෝදවන මිනිසුන්ගෙන් අනේ අර දැවීයන්නේ මගේම සහෝදරයන් නොවෙද බොහෝ කාලයක් මා සමගම දුක සැප බෙදා ගත්..... නැතිද අහලක පින්වතෙක් හෙළන්නට වතුර බිඳුවක් දිවි ගලවන්නට මගේම සගයන්ගේ.... පුලුවනිද කරන්නට මට පොඞි උදව්වක් දවාලනු මැන මාද ලෙහෙසියෙන් නික්ම යන්න ට ඔවුන් සමගම මේ කුරිරු ලෝකයෙන්.....

අදරයේ වේදනාව......

සිත් අහසේනම් කොතෙක් කවි ලියවෙන්න ඇතිද එ කවි කියවමින් කොතෙක් මම හඬන්නට ඇතිද හඬන මම දෙස බලමින් කී දෙනෙක් නම් සිනා සෙන්නට ඇතිද අදරයේ වේදනාව කවදා ඔවුන් හඳුනා ගනු ඇතිද

අහිමිවු ජීවිතේ....

ජීවිතේ කොයි තරම් සුන්දරද කියල දැනුන මට ඔයාගේ අදරේ මට දැනුන දවසෙ... බලාපොරොත්තු පොදි බැඳ ගත්තා මම ඒ අදරෙ විඳින්න ගත්තට පස්සෙ.. ජීවිතෙ හැම දෙයක්ම නැති උනා වගෙ දැනුන මට එ අදරේ මට අහිමි උන දවසෙ... අත් උනෙ මෙහෙම දුකක් මට කල පව් නිසා වෙන්න අති පෙර දවසෙ...

පසු තැවීම....

දුටුවේ නැතිද මගෙ ඇස් වල කඳුලු සිතුවෙ නෑ රිදවන්නට ඔබේ හිත මා මිතුරු... සිදු වු වරද එතරම් දරුනු වීලු පසු තැවෙමින් සිටිනෙමි මා නිරතුරු...

චැට් එක....

හිතෙනවා ඇති නේද ඔයාටත් මෙහෙමත් ලෑජ්ජාවක් නෑති එකෙක් නෑතුවත් මගෙන් කිසි රිප්ලයි එකක් කොටනව නැතිව තොර තොන්චියක්..

හීනය......

හීනය සැබැ නොවුනත් දැනෙන එකක් නැ තනියක් ඉන්න නිසා ඔබත් ඒ හීනෙම......

සදවතිය..........

අහබ්බෙන් වගේ අමාවවකට පෑයූ සදවතිය ලොවෙන් සැගවෙන්නට දරන අසාර්ථක උත්සාහයක්.. නොදන්නා ලෙසින් මග බලා සිටි වග කදුලින් පිරි නෙත් අහස දෙස අයාගෙන..

දුක වැඩිකමට ඇඩුන දවසක්.......

ලැබුනා දුරකතන ඇමදුමක්.. දන්වමින් අතුරුදන් වී ඇති බව මගේ සොදුරුතම මිතුරෙක් හිතුවේ තවත් විහිළුවක් කියල අපේ කට්ටියගේ.. යමක් සිදුවි ඇති බවනම් මොනවට පැහැදිලියි කවුරුත් නොදන්නෙත් ඒකම තමයි.. ගෙවී ගියා දින දෙකතුනක්ම නොමැතිව කිසිම තොරතුරක්.. නොසෙව්ව තැනක් නොමැති තරම් එක තැනක් ඇරෙන්න, ඒ ඔයා ඉදපු තැන අපි කවුරුත්ම නොදන්න.. ලැබුනා තවක් දුරකතන ඇමතුමක් ලැබුන බව දන්වමින් මල සිරුරක් එසැනින් මගේ කටින් පිටවුනේ, මුන්ට පිස්සු... ගෙවුනා තවත් එක රැයක් සමගින් දෙගිඩියාවකුත් ඇත්තටම මොකද මේ වෙන්නේ ඇහුව ඉතින් දෙවියන්ගෙනුත් කරන්නම දෙයක් නැති කමට.. වේලාව උදෑසන අටයි, ලැබුනා තවක් කෙටි පණිවිඩයක් සූදානම් වන ලෙස දන්වමින් පසුදින පවත්වන අවමගුල් උත්සවයට..

පෙම් නොකරමි කිසි දින පෙර දැනුනා නම්.............

සිත මව මව නුඹ ලඟ පෙර සිටි හැම කල් නෙත සැලෙනව රහසින් නොදැනිම මටවත් දුක වැඩි බව ආදරෙ බිඳුනම මෙතරම් පෙම් නොකරමි කිසි දින පෙර දැනුනා නම්............. රැයෙ දිලුනට සදවත අහසක මනරම් සිත් යායම අඳුරුයි නුඹ ලඟ නැති නම් පෙර මතකය පමණක් තනියට ලඟ නම් දුක දැනුනට සොඳුරුයි මතකෙත් හැම කල්........ රැය නිදි නැති යහනක සිතිවිලි හා මං සැරිසරනව පෙර අප ආ මග ගිය තැන් පිදු ආදරෙ දුන්නට සිතකට දඬුවම් ඒ දුක මට සොඳුරුයි නුඹ දුන්නා නම්...............

හැබෑ නොවෙන හීනය.........

රහසින් වැටෙන කදුලු බිදු රහසින්ම පිසලන්නම් හිතේ පිපුන මල් කැකුල හිතයට සගවා ගන්නම් සද එළිය යට හිද සදවත ගැන හීන නොදැක ඉන්නම් හැබෑ නොවෙන හීනයක හැමදාම තනිවෙන්නම්............

මතකද එදා.........

මතකද එදා, බලෙන්ම වගේ ඇවිදින්න එක්කන් ගියා ගාළු මුව දොර හැම දෙයක්ම තිබුන ලස්සනට... සැම දෙනාම හිටිය ගොඩක් සතුටින් අපි දෙන්නා වගේම.. ඉර බහැල යන්නයි හදන්නේ, ඔයා කිවුවේ හරියට අපි හිටිය ඇති නේද කියන්න වගේ.. එත් අපි තව ටිකක් ඉමු කියනව වගේ අහුනා.. ඒක කිව්වේ මමද මන්ද.. අලි මදිවට හරක්.. අවා නේද ලොකු වැසසකුත් තිබුනේ ඉතින් ඔයාගේ පොඩි කුඩය මගේ කැප් එකට වඩා ටිකක් ලොකු චුට්ටක් වගේ තෙමුනා වතුර බේරෙන ගානට දැන් ඉතින් බැනුම් කෝටියි අමමගෙන් ඔයාට.. වෙන් වෙලා ගියා ඉතින් අපි නැවත හමු වෙන බලාපොරොත්තුවෙන්.. මෙලෙස එක්වුනා සුන්දර මතකයන් සිතේ ලියවුනු අපේ කතාවට...

මගේ සදවතිය...

සැමදාමත් මගේ සිත් අහසේ පෑයු මගේ සදවතිය... අද මගේ හිස් අහස දිහාවත් නොබලන්නේ ඇයි...

නැගිටින්න... කම්මැලියා...

හම්බ උනේ හුග කාලෙකින් නේද ඔයා කිව්වා හායි.. මමත් කිව්වා ගොඩාක් කාලෙකින් නේද.. ගත් කටටම ඔයා කියපි, හිටියා වගේම තමයි නේද මම මොන හිතකින් කියන්නද, ඔයානම් ගොඩක් වෙනස් වෙලා කියලා.. කාලය ඔයාව වෙනස් කරලද ඔයා කාලයව වෙනස් කරලද කිව්වා ඉතින් අලි බොරුවක්, ඉස්සර වගේම ඔයාව හිනස්සවන්න.. මිනිත්තු පහයි තියෙන්නේ කොයි එකටත් වෙනදට කොහොමත් පරක්කුවෙන කෝචිය ඇයි අද වෙලාවටම අපි දෙන්නා හම්බවුන නිසා වෙන්න ඇති එනව ඇහුනා යකඩ යකා, ඒක නම් යකෙක්ම තමයි යාන්තමින් ඇහුනා, බායි.. කියාගන්න උනේ, බුදු සර.. විතරයි වැදුනා පිටට පහරක්.. යන්තමින් ඇහුනා "නැගිටින්න.... කම්මැලියා..."

අක්කා FB දාපු හොද comment එකක්.......

Devdas ලස්සන love story එකක්..ආදරේ කියන්නෙ අයිති කර ගෑනිම නෙමෙයි කෑප කිරිමක්..Deva, Paro ගේ wedding ගේ එක දවසෙ ඈට මාලේකින් නළල තුවාල කරනවා Paro ට මුණ බලන හෑම වෙලෙම Deva ව මතක් වෙන්න..Paro , පුන්චි කාලේ ඉදන් පහනක් නිවෙන්න නොදි තියන් ඉන්නවා Deva වෙනුවෙන්..Paro , Deva ට drinks ගන්න එක නවත්තන්න කිව්වාම Deva 1 ක පොරොන්දුවක් වෙනවා මෑරෙණ්න මොහොතක ට කලින් Paro ව බලන්න එනවා කියලා...මෙ seen එකේ තියෙන්නෙ Deva ,Paro ව බලන්න ආපු මොහොත...එදා අර පහන නිවෙනවා...,Paro ගේ නළලේ තුවාලෙන් ලේ එනවා..මෙ හෑම දෙයක්ම බොළද වෙන්න පුලුවන්..මෙවා තියෙන්නෙ film වල විතරක් වෙන්න පුලුවන්..එත් මෙ හෑම දේම TRUE LOVE කියන එක අපිට feel කරනවා..
කිසිම සමාවක් නැතිව අපිව දෙපැත්තට ඇදල දාපු හැටි.. කිසිම දෙයක් නොදන්න ඔය අහිංසක ඇස් දෙක මගේ දිහා බලා උන්නු හැටි.. කිසිම වරදක් නොකරපු අපිට දඩුවම් දුන්නු හැටි.. කිසිම දවසක නොදැනුනු දුකක් මගේ හද වෙලාගත් හැටි.. මට අද වගේම මතකයි... ඔයාටත් එහෙමද...
සුන්දරයි කොදෙව්වම වරක් ඔබ ඇවිත් ගියාම සුන්දරයි දෙසවනම නුබේ ‍වදනක් ඇසුනාම සුන්දරයි දැසම නු‍ඹේ නේත දුටුවාම සුන්දරයි ජීවිතයම නුඹ ම‍ට ලැබුනාම...
ඔබ දුන් බලාපොරොත්තුව යලි එන බවට තවමත් ඇත මතකයෙ කිසිදා නොමියෙන ලෙසට නෙත බලා සිටින්නේ දකින්නට ඔබෙ රුව බනිමින් මගෙ සිතට තවත් බොරු නොකියන ලෙසට
දුර සිටියත් ඔබ යහතින් ඇති බව සිතමි ගතින් දුර උනත් සිත මා ලග බව දනිමි අන් සැපතට දිවි කැපකල බව දනිමි සැමදාමත් මුළු හදින්ම පෙම් කරමි...
ලොවම පිදු නිසාවෙන් ආදරෙයි පණ මෙන් පෙම පිදු නිසාවෙන් ආදරෙයි ලොව මෙන් අතරමං විය තුල ඒ ලොව ඔබ ගිය නිසාවෙන් හිතේ කහටක් නෑ ඉතින් දන්නා නිසාවෙන් ලොව පිදු ඇයට ඔබද අදාරේ කල බව මම මෙන්..
නැවක් ලෙසින් මම යාත්‍රා කලා නුඹ නම් සයුර මතින් සැඩ සුලගට හසුව රුවල බිදීගිය හැඩයි කෝ මගේ කොම්පාසුව.. කෝ මගේ ආධාරක බෝට්ටුව.. සැගවුනාවත්ද සයුරු පත්ලේ... ආ මග නම් මතකයි ඒත් මුහුදේ නැව් ගියාට පාරවල් හිටිනවද මටත් පිස්සු.. කෑම ඇති වෙයි ටික දවසකට ඉවර උන දවසට බිලි වෙනව මහ මුහුදට කුස ගිණි නිමෙයිනෙ මාළුවෙකුගෙවත්.. ඒ පිනත් මහ මුහුදටම.. ලෙසින් ම‍ගේ අවසන් කැමැත්ත කිසිදා කොතැනකවත් නොලියවුනු...