නැවක් ලෙසින් මම
යාත්‍රා කලා නුඹ නම් සයුර මතින්
සැඩ සුලගට හසුව රුවල බිදීගිය හැඩයි
කෝ මගේ කොම්පාසුව..
කෝ මගේ ආධාරක බෝට්ටුව..
සැගවුනාවත්ද සයුරු පත්ලේ...
ආ මග නම් මතකයි
ඒත් මුහුදේ නැව් ගියාට පාරවල් හිටිනවද
මටත් පිස්සු..
කෑම ඇති වෙයි ටික දවසකට
ඉවර උන දවසට බිලි වෙනව මහ මුහුදට
කුස ගිණි නිමෙයිනෙ මාළුවෙකුගෙවත්..
ඒ පිනත් මහ මුහුදටම..
ලෙසින් ම‍ගේ අවසන් කැමැත්ත
කිසිදා කොතැනකවත් නොලියවුනු...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...