මතකද එදා.........

මතකද එදා,
බලෙන්ම වගේ ඇවිදින්න එක්කන් ගියා ගාළු මුව දොර
හැම දෙයක්ම තිබුන ලස්සනට...
සැම දෙනාම හිටිය ගොඩක් සතුටින්
අපි දෙන්නා වගේම..
ඉර බහැල යන්නයි හදන්නේ, ඔයා කිවුවේ හරියට අපි හිටිය ඇති නේද
කියන්න වගේ..
එත් අපි තව ටිකක් ඉමු කියනව වගේ අහුනා..
ඒක කිව්වේ මමද මන්ද..
අලි මදිවට හරක්.. අවා නේද ලොකු වැසසකුත්
තිබුනේ ඉතින් ඔයාගේ පොඩි කුඩය මගේ කැප් එකට වඩා ටිකක් ලොකු
චුට්ටක් වගේ තෙමුනා වතුර බේරෙන ගානට
දැන් ඉතින් බැනුම් කෝටියි අමමගෙන් ඔයාට..
වෙන් වෙලා ගියා ඉතින් අපි
නැවත හමු වෙන බලාපොරොත්තුවෙන්..
මෙලෙස එක්වුනා සුන්දර මතකයන්
සිතේ ලියවුනු අපේ කතාවට...


Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021