නැගිටින්න... කම්මැලියා...

හම්බ උනේ හුග කාලෙකින් නේද
ඔයා කිව්වා හායි.. මමත් කිව්වා ගොඩාක් කාලෙකින් නේද..
ගත් කටටම ඔයා කියපි, හිටියා වගේම තමයි නේද
මම මොන හිතකින් කියන්නද, ඔයානම් ගොඩක් වෙනස් වෙලා කියලා..
කාලය ඔයාව වෙනස් කරලද
ඔයා කාලයව වෙනස් කරලද
කිව්වා ඉතින් අලි බොරුවක්, ඉස්සර වගේම ඔයාව හිනස්සවන්න..
මිනිත්තු පහයි තියෙන්නේ කොයි එකටත්
වෙනදට කොහොමත් පරක්කුවෙන කෝචිය ඇයි අද වෙලාවටම
අපි දෙන්නා හම්බවුන නිසා වෙන්න ඇති
එනව ඇහුනා යකඩ යකා, ඒක නම් යකෙක්ම තමයි
යාන්තමින් ඇහුනා, බායි..
කියාගන්න උනේ, බුදු සර.. විතරයි
වැදුනා පිටට පහරක්.. යන්තමින් ඇහුනා
"නැගිටින්න.... කම්මැලියා..."

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021