~~ මහනුවර දුම්රිය ස්ථානය 2011/07/22 02:45PM ~~

ටිමි කඳුලු සලමින් ඉකි ගසා හඬන
දූම්රිය එංන්ජිමක්
අලුවෙමින් දැවෙන තම
සහායක මැදිරි දෙස නෙත් යොමාගෙන.....

ඇසුනි හඬනගා උදව් පතනා හඞ ඒ දෙස බලා
විනෝදවන මිනිසුන්ගෙන්
අනේ අර දැවීයන්නේ මගේම සහෝදරයන් නොවෙද
බොහෝ කාලයක් මා සමගම දුක සැප බෙදා ගත්.....

නැතිද අහලක පින්වතෙක්
හෙළන්නට වතුර බිඳුවක්
දිවි ගලවන්නට මගේම සගයන්ගේ....

පුලුවනිද කරන්නට මට පොඞි උදව්වක්
දවාලනු මැන මාද ලෙහෙසියෙන්
නික්ම යන්න ට ඔවුන් සමගම
මේ කුරිරු ලෝකයෙන්.....

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021