ලස්සනයි සඳවතියේ නුඹේ සිනා මුව මඩල
අහබ්බෙන් මෙන් මගේ සිත් අහසට පැමිනි
විඳිමි මම ඒ ජීවිතයේ මිහිර කාටත් හොරෙන්
මෙතෙක් කිසිදා නොවිඳි..
දුකක් නොම වෙයි කිසිත්
නුම්බ මටද මම නුඹටඩ ආදරේ නිසාවෙන්
අන් කිසිවකටත් වඩා....
මතකයේ රැඳෙයි සැමදා නුඹේ මුවින් පිටවූ දින
ආදරෙයි නුඹ හට අන් සැම දේටත් වැඩියෙන් ලෙස..
නුම්බට හිතැති මගේ සිතද නුඹවම සොයයි
ගෙවෙන හැම මොහොතක්ම හරිම සුන්ඳරයි
ඔබ සැමගම රැඳෙමින්...
යන්නට දිගු ගමනක් නුඹේ සඳ කිරනින්
නැගෙන ආලෝකයෙන් මා දකින මාවත මතින්...
ඉතින් නුඹවම සොයන සිත
සනසවන්නට ආදරයෙන්....
බලාසිටිමි යලිත් වරක් වඩින තුරු
මගේ අහස් ගැබට නුඹ ඉතින්...
හිතුවක්කාර කොල්ලෙක්...
Popular posts from this blog
Father's Day 2021
පුතේ යම් මතු දිනෙක මෙය කියවා බැලුවොතින් මා පිය සෙනේ කොතෙක්දැයි දැනෙයි නුඹටත් ඉතින් පුතේ විහේන්, අද 2021-06-20 ලෝක පියවරුන්ගේ දිනය. මට අද වාගෙම මතකයි කලුපාට තිරයේ සුදු පාට චූටි බෝලයක් වගේ පෙනුන ඡායාව පුතුගේ බව කිව්වා. ඇස්වල කඳුලු හන්ගගෙන අම්මගෙ ඇස් දිහා මම හොරෙන් බැලුවා. අම්මත් හිටියේ ඇස්වල කඳුලු පුරවන්. දවස් ගෙවීගෙන යද්දි කොරෝන වයිරස් එක ලෝකෙම ගිලගෙන එද්දි මගෙ පුතාව ආයෙත් බලන්න එන්න මට බැරිවුනා. ඩොක්ටර් ඇතුලට අරගත්තෙ අම්මව විතරයි. ඒ විනාඩි කිහිපය මම ගතකරේ පුදුමාකාර බයකින්. ඒ වගේම ලොකු දුකකුත් මගෙ හිතේ තිබ්බත් මම කවදාවත් අම්මටවත් ඒක පෙන්නුවේ නෑ. පුතේ ඔයාගෙ අම්මත් මේ ලෝකේ ඉන්න ශක්තිවන්තම ගැහණියක්. ඒ ඇස් වල මම කවදාවත් බයක් කියලා දෙයක් දැක්කේ නෑ. ඩොක්ටර් අන්කල් කියන කරන හැම දේකටම තනියම මුහුන දුන්නේ පුතාගේ අම්මා. ඇඳිරි නීතිය රට පුරාම තිබ්බ නිසා, අම්මගෙයි පුතාගෙයි ලන්ග්නටවෙලා ඉන්න අවස්තාව ලැබුන එකත් මම ලබපු වාසනාවක් කියලත් මට වෙලාවකට හිතුනා. පුතේ අම්මගෙ බන්ඩිය ටික ටික ලොකුවෙද්දි, අම්මා ලොකු බරක් උහුලගෙන හිටියා පුතේ. වෙලාවකට අම්මව දකිද්දි මට දැනුනේ මහා බයක්. ඒ බරින් ටිකක් හරි මටත් ගන්න
Comments
Post a Comment