පෙම් නොකරමි කිසි දින පෙර දැනුනා නම්.............

සිත මව මව නුඹ ලඟ පෙර සිටි හැම කල්
නෙත සැලෙනව රහසින් නොදැනිම මටවත්
දුක වැඩි බව ආදරෙ බිඳුනම මෙතරම්
පෙම් නොකරමි කිසි දින පෙර දැනුනා නම්.............

රැයෙ දිලුනට සදවත අහසක මනරම්
සිත් යායම අඳුරුයි නුඹ ලඟ නැති නම්
පෙර මතකය පමණක් තනියට ලඟ නම්
දුක දැනුනට සොඳුරුයි මතකෙත් හැම කල්........

රැය නිදි නැති යහනක සිතිවිලි හා මං
සැරිසරනව පෙර අප ආ මග ගිය තැන්
පිදු ආදරෙ දුන්නට සිතකට දඬුවම්
ඒ දුක මට සොඳුරුයි නුඹ දුන්නා නම්...............

Comments

Popular posts from this blog

Father's Day 2021