මගේ පුර සද...

ඒ සදවතට පෙම් බැදි පෘථිවි මම වෙම්
දුරින් හිද ඔබ දෙසම බැළුවෙමි
ආලෝකයේ පහස ඔබෙන් ලැබුවෙමි
නුඔ නැති අමාවකට අදුරේ ලතැවුනෙමි..

පුන් පෝදාට හරිම සුනදරයි නුඔ
වින්දෙමි ඒ සුන්දරත්වය කාටත් හොරෙන් මම
බැනවැදුන මතකද ඉද හිට එන වලාකුටත්
බිදින්නට ආවාට අප පෙම් දැහැන..

මතකයි තවමත් සිටි හැටි මග බලා
දකින්නට ඔබ තවත් එක වතාවක්
අමතක විය මට එදා චන්ද්‍රග්‍රහනය වග
එදා නැවතුනි මගේ පරිභ්‍රමනය

කිසිදා යලින් නොඇරඹෙනා ලෙස
නැවතුනාවත්ද ඔබ මා ඇරඹ් ඒ ගමන
අනේ තව එකම එක වතාවක්
දක ගන්නට හැකිනම් මගේ පුර සද...



Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...