හිතුවක්කාර කොල්ලෙක්...

හිතුවක්කාර කොල්ලෙක්...
උදෙම නැගිට ගත්තා අමාරුවෙන්.. කුකුළටත් බැන බැන..
වෙලාව හතයි.. හැම දේටම තියෙන්නෙ පැය බාගයයි..
මේකවත් ලස්සන දවසක් වේවිද..
අනේ මන්ද ඉතින් ඕවනම්
ඩඩි බිඩි ගාලා දිව්වා ලිඳ ලඟට...
කෑලි පහ යන්තම් සෝදගෙන
දිව්වා ආයෙත් ගෙදර...
පොල් කටු ඉස්තිරික්කයෙක් මැදපු ඇඳුමත් දාගෙන
කොන්ඩෙ පොඩ්ඩක් පීරගත්තා..
පොල් තෙල් පාරක් ගෑවෙ නැත්තන් ගතියක් නැ..
අක්කගෙ සෙන්ට් ටිකකුත් දාගෙන.. zz zzz..
සල්ලි ඉල්ලලත් බැ නොඉල්ලත් බැ..
අම්මෙ නැද්ද කීයක් හරි...
ගේ හැමතැනම බැලුව.. නෑ වගේ මොනවත්..
කොල්ලට ඉතින් පොඩ්ඩක් මල...
මොකද ඉතින් කරන්නෙ.. දෙවියන්ට කියල වැඩකුත් නෑ..
මෙ හදිස්සියෙ සල්ලි කොහෙන් හොයන්නද..
සීසන් එක නැත්තන් පයින් තම්යි..
අම්මට සිරි.. බස් එක නේද එනව ඇහෙන්නෙ..
දිව්ව පොල් රොටී කැල්ලකුත් කටෙ දාගෙන...
බස් එකේ කට කපල සෙනග..
එල්ලුනා ඉතින් කොහොම හරි පිටිපස්සෙ දොරෙන්..
එක වන්ගුවයි පාස් උනේ...
පාර අයිනෙ ඉස්සරහ ඉන්නව පේනව අපේ අම්මා...
අනේ දෙවියනේ...
ගෙදර තිබිල රුපියල් දහයක් සොයාගෙන..
කර කියාගන්න දෙයක් නැතිකමට
බස් එක දිහාට එක දික් කරගෙන...

මතක් වෙද්දි තවමත් ඇස් වලට කඳුලු ගලනව අම්මේ..
කිරි ටිකවත් ණයට නෙමෙයි දුන්නෙ මට..

Comments

  1. ඇඩෙ බං මේවට නම්
    වෙන කියන්න දෙයක් එන්නෙ නෑ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...