Sunday, July 28, 2013

බෙහෙත් ඕනේ
අසනීප වෙලාවට...

ආදරෙත්
බෙහෙතක්
තමයි,

සමහර ලෙඩ වලට....

Thursday, July 4, 2013

ස ඳ ව ති ය | ඔ බ යි

හරි ඉතින් මම මග තොටෙදී
හඳ ගැනම හිත හිතම උන්නා..
හිතට එන කවි එකින් එක මම
හදෙහි පිටුවක ලිය ලියා උන්නා..
මගේ සඳවත නුඹ බවට මම
සිත් කොනේ හන්ගාන උන්නා..
තරු ඇවිත් කී බස් අසා අසා නුඹ
වලාකුලු අතර හැන්ගීම උන්නා..

ආදරේ මිස වෙන දෙයක් නෑ

එකම එක වතාවක් 
මේ අහිංසක ඇස් දිහා 
හොරෙන් හෝ ඔබ බැලුවොතින්...

ආදරේ මිස 
වෙන දෙයක් නෑ 
සිතෙයි සත්තයි නුඹ හට ඉතින්....

නුඹේ ගැන මම 
සිතන්නේ කෙලෙස 
වැරදිලා හෝ නුඹ සිතූවොතින්...

දැනෙයි නුඹ හට
මම ඇස් පියන් ගසනා වාරයන්
ගනන් කර බැලුවොතින්

බැඳලා අවුරුදු හතරකට පස්සේ මේච්චර ආදරයක්...





බැඳලා අවුරුදු හතරකට පසේ මෙච්චර ආදරයක්.... 

ඔයා එහෙම එක පාරටම අහද්දී මගේ මතකය අවුරුදු හතරකට නෙමෙයි, පහ හයක් ඈතට දුවලා ගියා.. අපි හම්බුන හැටි, කතා කරපු හැටි, ආදරේ කරපු හැටි, ඔයා නැති එක මොහොතක් මම අමාරුවෙන් කාගෙන ඉඳපු හැටි..
ඇත්ත, වෙනදා වගේ දැනෙන්න ආදරේ කරන්න මට බැරි උනා..

"අද මොකද මෙච්චර පරක්කු, ඔෆිස් එකේ කෙල්ලෝ එක්ක කියව කියව හිටියද, ඇයි මම ගත්තු වෙලාවේ අන්සර් නොකලේ, කෙල්ලෙක් වත් ලඟ හිටියද..."

මම දන්නව ඔයා මේ දේවල් මගෙන් අහන්නෙ මං ගැන ඇතිවුන සැකයක්ම නිසා නොවන වග.

"මම කිව්වේ උයන්න මොනවා හරි ගේන්න කියලනේ, ඇයි මේ කඩෙන් කෑමත් උස්සන් ආවේ, බලන්න වෙලාව කීයද කියලා, කීයට උයලද දැන් කන්නේ.."

"මම කාලා ආවේ, ඔයා කන්න.."

"මම මෙහේ බඩගින්නේ ඔයා එනකන් බලන් හිටියා, ගේන මොනවා හරි උයන්න.... මෙයා හොඳට කාලා ඇවිත්.."

ඇත්තටම මම එදා හිටියේ ලොකු බඩගින්නකින්.. ඔෆිස් එකේ වැඩ එක්ක එන්න පරක්කු උනා.. මම හොඳටම දන්නවා ඔයා මං එනකන් බඩගින්නේ බලන් ඉන්න ඉව්ත්තිය. උයන්න ගියොත් තවත් රෑවෙන හින්ද්දයි කෑම අරන් ආවේ. ඒත් ඔයා ඉඳපු කේන්තියත් එක්ක මට ඒක කියන්න පුලුවන් කමක් තිබ්බේ නෑ..

අද ඔයාගේ උපන්දිනේ, දහසක් වැඩ රාජකාරි අස්සේ මම ඒක හිතේ ඉහලින්ම තියාගෙන උන්නේ, ඔයා වෙනදටත් වැඩි තරහකින් මේ දවස්වල ඉන්නවා කියලා මට දැනුනා, ඒ ඔයාගේ උපන්දිනේ මට අමතකවීම සම්බන්දව කියලා මට දැනුනා, මොකද කාටත් වඩා ඔයාව තේරුම් ගත්තු කෙනෙක් විදියට මට ඔයාව හොඳින්ම දැනෙනවා...

"හෙට මොකද කරන්නේ..."

"මොනවා කරන්නද ඉතින්, වෙනදා වගේම වැඩ තමයි.."

මම දන්නවා, මගෙන් හම්බුනේ ඔයා බලාපොරොත්තු වෙන උත්තරේ නෙමෙයි.. උපන්දිනේ දවසේවත් ඔයා එක්ක කොහේ හරි යන්න එයි කියලා හිතෙන්න ඇති..

මම උදෙන්ම ඇහැරුනේ ඔයාට නොදැනෙන්නම.. කලින් දවසේ ගෙනල්ල හන්ගලා තිබ්බ කේක් එක අරගෙන, සාලේ පුටු සැටි එක ඉස්සරහින් හදලා තිබ්බා. මල් වලින්, පාට රිබන් වලින් මට පුලුවන් විදියට සරසුවා..

ඔයාගේ පෝන් එකට මැසේජ් එකක් තිබ්බා, මම අද ටිකක් කලින් යනවා වැඩ වගේකට කියලා...

එහෙන්ම, ඉස්සරහා කාමරේට වෙලා හැංගිලා හිටියා.. ඔයා උදේම නැගිටලා, පෝන් එකේ මැසේජ් එක දකින්න ඇති, ඔයාගේ මූණ මුල් වතාවට දකිද්දි, තිබුන ඉරියව් වලින් මට ඒක තේරුනා.. ඒත් එක්කම සාලේමැද තිබ්බ දේවල් දකිද්දිම ඔයාගේ මූන පුදුමයෙන් වෙනස් වෙන හැටි මං බලන් හිටියා.. ඒත් එක්කම හැංගිලා ඉඳපු තැනින් එලියට ඇවිත්,

"සුභ උපන්දිනයක් මගේ මැණික කියලා නලලට හාදුවක් දුන්නා..."

ටික වෙලාවක් ගල් වෙලා වගේ ඉඳපු ඔයා..

"බැඳලා අවුරුදු හතරකට පස්සේ මේච්චර ආදරයක්...  "
 — at ඔබට දැනෙන්නට ආදරේ කරන්නට ඔබෙන්ම උගනිමි.

සල්ලි Vs ලියුම්

අපේ අතට එන 
සල්ලිත් 
අනුන්ගේ නමට එන 
ලියුම් වගේ.... 

ගත්තා... 

Address එක බැලුවා... 

දුන්නා....

හමුවේවිද ආයෙත් ඔබ


අදත් මම එනකොට පන්සල පාරෙ
දුර තියාම එයා ඉන්නවා පෙනුනා බස් හෝල්ට් එකේ...
ඒ වෙලාවට සමනල්ලු ඉන්නවා මල් ගස්වල පාර දෙපැත්තේ...
උන්ගේ පොටෝ ගන්න එකත් මගේ පුරුද්දක් වෙලා තිබුනේ...
පොටෝ ගන්නවද, එයාව බලන්න යනවද...
මම පලවෙනි ඔප්ශන් එක තෝරගත්තා,
දැන්ම බස් එකක් එන එකක් නෑ කියලා හිතාගෙන...
පොටෝ එකක් අරගෙන බස් හෝල්ට් එක දිහා බලද්දිම
නවත්තලා තිබ්බ බස් එකක් ඇද්දා...
හුටා..
එයත් පේන්න නෑ..
බස් එකේ ගියා වත්ද..
හිත හදාගෙන බස් හෝල්ට් එකට එද්දිම මෙන්න එයා ඉන්නෝ..
හම්බුන දෙවනි දවස නිසා
අදත් හිනාවක් දෙකක් විතරක් දාලා ශේප් උනා...
හෙටත් ඒ වෙලාවටම එයා එයි නේහ්...?