Posts

Showing posts from March, 2013
මට නම් 
එපා උඹ 
සින්නක්කර...

ගෙවන්නම් 
කුලිය වේලාව
ගනන් කර...

ආදරේ කලාද මන්
නුඹට
කොච්චර...

කෝ ඉතින්
දැන් උඹේ
සූත්තර...
ඊයේ හවස 
බස් එකේ යද්දි
මට හම්බුනා 
පට්ට කෑල්ලක්

දන්නවද.....

මම නිදාගත්තේ
එයත් එක්ක
...
ඇහැරුනේ උදේ අම්මා
කෑගහන සද්දෙට..

අද ඔෆිස් යන්නේ නැද්ද යකෝ...
පොඩි කාලේ 
ඔංචිලි පැදපු
චූ දාපු
පොරවගෙන නිදාගනිපු
කොනක එල්ලිලා රවුම් ගහපු
සුවඳටත් මම ආදරේ කරපු
තද උන වෙලාවට අම්මත් කියන...
..
..
අම්මගේ රෙද්ද

මට එපා නුඹ ගැන තවත්..

ලියවෙන්නේ නෑ 
කිසිම ලෙසකින්
විඳින්නට හැකි 
පදවැලක්...

කියවෙන්නේ නෑ 
සිහිනයකවත්
නුඹ ගැන 
කිසිවක් තවත්...

එදා සිට ලිව් 
කවි එකින් එක
බැලුවොතින්
මම තව වරක්...

නැවත නැවතත් 
අඬන්නට හැකි
නොනැවතී තව 
හත් දොහක්...

අන්න තියෙනවා 
කාමරේ මුල්ලේ
මට වඩා ලොකු 
පෙට්ටියක්...

විසිකරමි මම 
ඒකෙ මුල්ලට
නුඹට ලිව් කවි 
පොත් හත අටක්..

ආවොතින් නුඹ 
වැරදිලාවත් 
ඇවිත් යන්නට
තව වරක්..

අරන් පලයන් 
තියෙන ඔක්කොම
මට එපා නුඹ 
ගැන තවත්..
මුහුදේ ඉඳලා

දැලට අහුවෙලා

බෝට්ටුවේ
ෆ්‍රිජ් එකේ ඉඳලා

ගොඩට ඇවිත්

හාබර් එකෙන්
ලොරියට ඇවිත්

ලොරියෙන්
ලෑල්ලට ඇවිත්

ලෑල්ලෙන්
ගෙදර ඇවිත්

හට්ටියේ ලුණු මිරිස් එක්ක
තැම්බිලා

පස්සේ තෙල් තාච්චියේ
බැදිලා

දීසියෙන්
මේසෙට ඇවිත්

පිඟානට එන
මා
ලු...

ගොඩ ජීවත්වෙන එකෙක් වතුරේ ගිලිලා මැරෙන එකත්.. වතුරේ ජීවත් වෙන එකෙක් ගොඩට ඇවිත් මැරෙන එකත් පුදුමාකාර දුකක්...

ඔයා දන්නවද..?

මේ දවස් වල හිටපු හැටියෙම
හීනෙනුත් මම දොඩනවා...
මොකෝ බන් උඹ හීනයක් දැක්කද
අම්මා ඇවිදින් අහනවා...

එදා වාගෙම මගේ හීනෙක
ඔයා තවමත් සිටිනවා...
හීනෙකින් වත් නොසිතු ලෙස ඔබ
ගියේ ඇයි මම සිතනවා....

හීන අතරින් ඇවිද යන්නට
සිටී නම් නුඹ වටිනවා...
එදා මෙන් මගේ හදේ තවමත්
නුඹෙ පෙමට ඉඩ තියෙනවා...

පාර්ලිමේන්තුව අවට ජොගින් කිරීමට අවශ්‍ය අවම සුදුසුකම්...

1. අයිපෝන් විත් හෑන්ඩ්ස් ෆ්‍රී..

2. හොඳ වර්ගයේ බල්ලෙක්..

3. පට්ට සපත්තු දෙකක්..

4. හොඳ ස්පෝර්ට් කිට් එකක්..  (අඩුම තරමින් ඇඩිඩාස් වත් වියයුතුයි )

5. ගෙදර සිට ජොගින් කරන ස්ථානය තෙක් යාමට හොඳ වාහනයක්...

6. ලොකු බඩක් තිබීම අනිවාර්ය නැත..

7. යන්තමින් හෝ කඩ්ඩ පුලුවන් වියයුතුය..


බඩ නම් කොහොමත් නෑ... ඒත් ෆස්ට් ඉන්ටවිව් එකෙන්ම අපි රිජෙක්ට්.. :(

හුටා එතකොට මේ කියන බබා කාගෙද...

පොඩ්ඩක් පරක්කු වෙලා ඇහැරුන නිසා ස්ටෑන්ඩ් එකට ආවේ හාෆ් ඩේ දාලා ඔෆිස් යන්න හිතාගෙන,

වෙලාව 9:30ට වගේ ඇති.. ඇල්පිටියෙ ඉඳන් කොළඹ එන බස් එකක යන්න හිතාගෙනයි මම ස්ටෑන්ඩ් එකට ගොඩ උනේ..

ටික වෙලාවකින් මම හිටපු තැනට ටිකක් එහාට වෙන්න තිබ්බ බංකුවේ ඉඳගත්තා ගැහැණු ළමයෙක්,
හොඳට දැකලා පුරුදු ගතියක් තිබ්බත් මම කතා කරන්න කලින් පොඩ්ඩක් හිතලා බැලුවා ඇත්තටම මම දන්න කෙනෙක්ද කියලා..

වැරදිලාවත් නොදන්න කෙනෙක් උනොත් ලෝක නඩුවක්, මොකද ටවුන් එකේ කෙල්ලොන්ගේ කටවල් හොඳ නෑ..

පස්සේ මට මීටර් උනා, ඉස්සර දහම් පාසල් යන කාලේ මාත් එක්ක එකට පන්තියේ ඉඳපු නංගි කෙනෙක්.. ඒ කාලේ ආදරේට අපි කිව්වේ සිඟිති කියලා..

එයා දැක්කා මම එයා දිහා බලන් ඉන්නවා කියලා.. ඒත් එක්කම හිනාවක් දැම්මා.. ඒ හිනාවේ මම ගොඩක් හුරුපුරුදු බවක් දැක්කා..

මම ලඟට ගිහින් ඇහුවා ආ කොහොමද සිඟිති, ගොඩක් කාලෙකින් ......

හොඳින් ඉන්නවා අයියේ...

කොහේද ගියේ..

පෝස්ට් ඔෆිස් එකට පොඩ්ඩක් ආවා..

නංගි දැන් මොකද කරන්නේ...

මන් එහෙම ඇහුවේ තවම ඉගෙන ගන්නවා හරි, මොකක් හරි රස්සාවක් කරනවා ඇති කියලා හරි හිතාගෙන..

ඒත් මට හම්බුනේ වෙන උත්තරයක්...

බබාව බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා අයියේ..

මගේ හිත මොහොතකට එක තැන නතර…
අවුලක් වෙලා පෝන් එකේ සේව් කරලා තිබ්බ නම්බර්ස් ටික මිසින්ග් වී ඇත...

පලවෙනි කෝල් එක බයෙන් අන්සර් කලේ....

හෙ..හෙලෝ.. අඩෝ කස්සා කොහේද ඉන්නේ...

හුහ්.... යාලුවෙක්...
නම්බර් එක සේව් කරගත්තා

දෙවනි එක ටිකක් බයෙන්

හෙලෝ.... කස්සා මොකෝ වෙන්නේ...

ඒත් යාලුවෙක් නම්බර් එක සේව් කරගත්තා..

පස්සේ ආයෙත් කෝල් එකක්... යාලුවෙක්ම වෙන්න ඇති...

මම ගත්තු ගමන්.. ඔව් මචං කියපන්.....

අනිත් පැත්තෙන්..
මම සීඊඕ, ඔහොමද පෝන් අන්ස්වර් කරන්නේ.... @#$#%^#%@

හුටා... O:)
අහල පහල ඉන්න උන්ගෙන් දියේ ගැඹුර අහ අහ ඉන්නවට වඩා හොඳයි... පැනලම බලන එක...
අපේ එකෙක් දවසක් කතා කරලා කිව්වා...

අපේ ගෙදර දානයක් මචං.. වරෙන් ඇහ්...

මාත් ගියා දත කට මැදගෙන

උදේම දානේට..

ගිහින් බැලින්නම්
..
..
..
..
..
..
..
..

ශ්‍ර


දානයක්....
තාමත්
සුවඳයි
හදවතේ
රැඳි මතකේ...

වියලී ගියත්
පන අදින
ආදරේ...

යලි
පන ගහයි
සුසුමකින් පවා
ඔබේ...