Posts

Showing posts from July, 2014
සඳේ නුඹ ඈත අහසේ සැඟවිලා වලාකුලු ඇත නුඹේ දෑසත් වසා
නපුන්සකයකු අත රැඳි තුවක්කුව දණ ගසා මැරී වැටී ඇත් රජ
Everybody wants to be your sun, the brightest thing in you life, but i will be your moon, giving light when the sun has faded and gone coz I Love you because no one else in the world can make me feel the way you do ______________________________ _______ Begin of the every and end of the every day you are person who I remembering...
ගෙදර එකෙක් මලත්  බලන්නේ නැති උන් ටෙලියේ ඉන්න උන්ගේ  උණ හෙම්බිරිස්සාවටත් අඬනවා...
ජීවිතේට සතුට උනත් එන්නේ දුක පොඩ්ඩක් සැන්ඩි කරලා.. හැබැයි සැන්ඩි වැඩි උනාම බොන එකෙන් වැඩක් නෑ..
බොහෝ දේ අමතක කොට නුඹ මා හදේ නිදන් කොට නුඹට වඩා මා දෙවනි කොට ආදරේ කරමි තව තවත් නුඹට
සඳ එලියේ ඇවිද යන්න නුඹත් එක්ක ප්‍රියේ ඇඟිලි ගනින හිත තවමත් නුඹේ නමට තියේ හිතට නැගෙන හැම වාරේම සුසුම පවා මගේ නුඹ සොයන්නේ පෙර සසරේ පුරුද්දකට වගේ හද සැනසෙයි එක ආදර වදනකිනුත් නුඹේ එයම තමයි මගේ හිතට සැනසිල්ලක් උනේ
බෙදාගත නොහැකිව මහ පොලව යුද්ධ වැදී පැරදුන මිනිසුන් සේම දිනූ මිනිසුන්ද මේ මහපොලවටම දිරාපත්වෙයි... එකම බිමක් වෙනුන්වෙන් මිනිසුන් කී දෙනෙක් කීවරක් යුධ වැදී ඇතිද
කට්ට කාලා වැරදීම් වෙලා අන්තිමේදි හිතට හරියන එකම ලැබුනම ඒකේ වටිනකම වැඩියෙන් දැනෙනවා... ඔව් ඒක එහෙම වෙන එක හොඳයි එක අතකට.. එතකොට ආයෙ කවදාවත් වරදින්නේ නෑ.. . __________________________ L I F E
හරි මගක් නොමැතිව අයාලේ ගිය හිතට ජීවිත කාලයටම නැවතී සිටින්නට හදවතෙහි ඉඩදුන් නුඹ මට දෙවඟනකි..
ජීවිතයේ මට මගහැරුණ තැන්... සොයාදුනි නුඹ මට ලොවට රහසින්.. අඳුරු ලොවට එලිය දෙන *සඳු මෙන්... සිටිනු මැන මා සිත් අහසේ ඉතින්...
සඳුනේ නුඹ වැසෙන විට වලාවට අඳුරුයි මේ ලෝකයම පාලුයි මේ ජීවිතය ඈත් මෑත් කර අඳුරු වලාකුල සිපගනිමි නුඹේ මුව විඳි සියලු දුක් අමතක කර
හදවතෙන් අනවශ්‍ය දේ අයින් කරලා ඔයාව ඇතුලට අරගෙන දොර ලොක් කරලා යතුර ඔයාගේ අතටම දුන්නේ ආයෙත් ගන්න නෙමෙයි
හඳේ හාවා මමයි නුඹ මගේ හඳ තමයි දැනෙන සිසිලස අපමණයි උණුසුමට වුව නුඹ තමයි මගේ ලොව හිරු*සඳු නුඹ තමයි
මගේ හිතට දුක නැතිවා නෙමෙයි පසු තැවිලි අහසට වැඩි උසයි නුඹට පිදු ආදරේ හෙටටත් එහෙමමයි මොහොතකට වත් මගෙන් මිදෙනවා හෙම නෙමෙයි
අනවසරයෙන් තමන්ගෙන් දෙයක් බලාපොරොත්තු වූ කෙනෙකු, සාදාරන හේතුවක් මත එම බලාපොරොත්තු නැති වුනු තැන, ඔබගේ බලාපොරොත්තුවලටද ඔවුන් අකුල්හෙලනු ඇත... ජීවිතය යනු මිනිසුන්ගේ ඔරොත්තුදීමේ හැකියාව පරීක්ෂා කරන විභාගයකි...
තාම ටෙස්ට් කරනවා මගේ ජීවිතේ .. දෙවියොද මන්දා
ප්‍රශ්නවලට කරගහන්න වෙන්නේ ගෝනිත් නැතිව ________+ ජීවිතය
අපිට ඉස්සරහට යන්න මොරාල් එක දෙන්නෙ, පිටි පස්සේ ඉන්න උන්, ඉස්කෝලෙදි, අපිට වඩා පස්සෙන් ඉන්න උන්.. බස් එකේදි, කොන්දා, කලර් ලයිට් එකේදි, පිටිපස්සේ ඉන්න වාහන කාරයෝ, ඔෆිස් එකේදිත් එහෙමයි, . ඒ ඔක්කොගෙන්ම හොඳම එක, ගෙදරදි, වයිෆ්
ගුරු පාරේ මතක මැකී ගියා අලුතෙන් දැමූ කාපට් එකට...
වෙදකමට වඩා හොඳයි හෙදකම.. . *හිතේ ලෙඩ වලට
බඳින්න කලින් My car my petrol . බැඳපු අලුත our car my petrol . කාලයක් ගියාට පස්සේ.. her car my petrol . ____________________ හැබැයි හැමදාම මම Driver
එකෙක් මට කියනවා, "ආච්චිට හාල් ගරපන්" ලු _______________ ගරලා, උයලත් දෙනවා යකෝ උන්දෑ හිටියා නම්
හිතක් නිවන්නත් රිදවන්නත් වචන වලට පුලුවන්... ඊතල වගේ තමයි.. හාවටම නැතත් පඳුරට හරි වදිනවා... . විදින්නේ පරිස්සමෙන් *වචන . තුවාල හොඳ වෙන්න ගොඩක් කල් යනවා *හිතේ
අපේ ගෙදර උන් සිංහල කතා කරපු නිසා මමත් සිංහල පුරුදු උනා.. අපේ ගෙදර උන් පන්සල් එක්ක ගිය නිසා මමත් බුද්ධාගම් කාරයෙක් උනා.. අපේ ගෙදර උන් ඉස්කෝලේ යවපු නිසා මම ඉගෙනගත්තා.. ජීවත්වෙන්න ඕන නිසා දැන් රස්සාවක් කරනවා.. වෙන ජාතියක, ආගමක ඉඳලා සිංහල හෝ බෞද්ධ උන එකෙක් ඇරෙන්න, අවබෝධෙකින් මේ දේවල් කරපු එකෙක් ඇති කියලා මං හිතන්නේ නෑ..
ධනවාදී වෙළඳපොලේ.. සමාජවාදී පාරිබෝගිකයන්ට.. අති සාර්ථක ලෙස කුණුකොල්ලෙට විකිණෙනවා *Che
හිතක් නිවන්නත් රිදවන්නත් වචන වලට පුලුවන්... ඊතල වගේ තමයි.. හාවටම නැතත් පඳුරට හරි වදිනවා... . විදින්නේ පරිස්සමෙන් *වචන . තුවාල හොඳ වෙන්න ගොඩක් කල් යනවා *හිතේ
අඳොනාවල් දස අත.. තුවාලකරුවන් ඇත එමට... දේපල හානි එමට... ජයග්‍රහණයේ කොඩිය ලෙලදෙයි මිණී කන්ද උඩ... . අනෙකාගේ පරාජය තවෙකෙකුගේ ජය _____________ මතුසම්බන්දයි
දනින් වැටි මහා හස්තිරජ... නිදහස ඉල්ලයි බුදුන්ගේ දෙපා වැඳ... පසෙක හිඳ අන්ද බැතිමතුන් සාදුකාරදෙයි... අර බලන් සැදැහැවත් හස්තිරජ...
ඉස්සර නයාට දුටු තැන පහර දෙනවා... . දැන් කිරි පොවලා, ඇති කරලා... අහිංසක මිනිස්සුන්ව කන්න දෙනවා...
සමහරු ආසයි පොල් අතු පැලක දවසක් ඉන්න... සමහරු ආසයි හොඳ ගෙදරක දවසක් *හරි ඉන්න...
තමන්ගේ වැඩක් වෙන කෙනෙකුට කරන්න බාර දීලා, වැඩේ අල උනාම, දුක් වෙනවට වඩා හොඳයි.. පුලුවන් විදියට තමන්ම කරගන්න එක...
ධනවාදී වෙළඳපොලේ.. සමාජවාදී පාරිබෝගිකයන්ට.. අති සාර්ථක ලෙස කුණුකොල්ලෙට විකිණෙනවා *Che