සඳ එලියේ ඇවිද යන්න
නුඹත් එක්ක ප්‍රියේ
ඇඟිලි ගනින හිත තවමත්
නුඹේ නමට තියේ

හිතට නැගෙන හැම වාරේම
සුසුම පවා මගේ
නුඹ සොයන්නේ පෙර සසරේ
පුරුද්දකට වගේ

හද සැනසෙයි එක ආදර
වදනකිනුත් නුඹේ
එයම තමයි මගේ හිතට
සැනසිල්ලක් උනේ

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...