Posts

Showing posts from July, 2011
නුඹ වෙනුවෙන් තවමත් මගේ හිත ලතැවෙනවා ඒ සිත සනසගන්නට මා වෙහෙසෙනවා හුස්ම වැටෙන හැම මොහොතෙම නුඹ සිහි වෙනවා එය නැවතීමට මත්තෙන් නුඹ දැකුමට එනවා

මගේ පුර සද...

ඒ සදවතට පෙම් බැදි පෘථිවි මම වෙම් දුරින් හිද ඔබ දෙසම බැළුවෙමි ආලෝකයේ පහස ඔබෙන් ලැබුවෙමි නුඔ නැති අමාවකට අදුරේ ලතැවුනෙමි.. පුන් පෝදාට හරිම සුනදරයි නුඔ වින්දෙමි ඒ සුන්දරත්වය කාටත් හොරෙන් මම බැනවැදුන මතකද ඉද හිට එන වලාකුටත් බිදින්නට ආවාට අප පෙම් දැහැන.. මතකයි තවමත් සිටි හැටි මග බලා දකින්නට ඔබ තවත් එක වතාවක් අමතක විය මට එදා චන්ද්‍රග්‍රහනය වග එදා නැවතුනි මගේ පරිභ්‍රමනය කිසිදා යලින් නොඇරඹෙනා ලෙස නැවතුනාවත්ද ඔබ මා ඇරඹ් ඒ ගමන අනේ තව එකම එක වතාවක් දක ගන්නට හැකිනම් මගේ පුර සද...
හිතුවක්කාර කොල්ලෙක්... උදෙම නැගිට ගත්තා අමාරුවෙන්.. කුකුළටත් බැන බැන.. වෙලාව හතයි.. හැම දේටම තියෙන්නෙ පැය බාගයයි.. මේකවත් ලස්සන දවසක් වේවිද.. අනේ මන්ද ඉතින් ඕවනම් ඩඩි බිඩි ගාලා දිව්වා ලිඳ ලඟට... කෑලි පහ යන්තම් සෝදගෙන දිව්වා ආයෙත් ගෙදර... පොල් කටු ඉස්තිරික්කයෙක් මැදපු ඇඳුමත් දාගෙන කොන්ඩෙ පොඩ්ඩක් පීරගත්තා.. පොල් තෙල් පාරක් ගෑවෙ නැත්තන් ගතියක් නැ.. අක්කගෙ සෙන්ට් ටිකකුත් දාගෙන.. zz zzz.. සල්ලි ඉල්ලලත් බැ නොඉල්ලත් බැ.. අම්මෙ නැද්ද කීයක් හරි... ගේ හැමතැනම බැලුව.. නෑ වගේ මොනවත්.. කොල්ලට ඉතින් පොඩ්ඩක් මල... මොකද ඉතින් කරන්නෙ.. දෙවියන්ට කියල වැඩකුත් නෑ.. මෙ හදිස්සියෙ සල්ලි කොහෙන් හොයන්නද.. සීසන් එක නැත්තන් පයින් තම්යි.. අම්මට සිරි.. බස් එක නේද එනව ඇහෙන්නෙ.. දිව්ව පොල් රොටී කැල්ලකුත් කටෙ දාගෙන... බස් එකේ කට කපල සෙනග.. එල්ලුනා ඉතින් කොහොම හරි පිටිපස්සෙ දොරෙන්.. එක වන්ගුවයි පාස් උනේ... පාර අයිනෙ ඉස්සරහ ඉන්නව පේනව අපේ අම්මා... අනේ දෙවියනේ... ගෙදර තිබිල රුපියල් දහයක් සොයාගෙන.. කර කියාගන්න දෙයක් නැතිකමට බස් එක දිහාට එක දික් කරගෙන... මතක් වෙද්දි තවමත් ඇස් වලට කඳුලු ගලනව අම්මේ.. කිරි ටිකවත් ණයට නෙමෙයි

හිතුවක්කාර කොල්ලෙක්...

හිතුවක්කාර කොල්ලෙක්... උදෙම නැගිට ගත්තා අමාරුවෙන්.. කුකුළටත් බැන බැන.. වෙලාව හතයි.. හැම දේටම තියෙන්නෙ පැය බාගයයි.. මේකවත් ලස්සන දවසක් වේවිද.. අනේ මන්ද ඉතින් ඕවනම් ඩඩි බිඩි ගාලා දිව්වා ලිඳ ලඟට... කෑලි පහ යන්තම් සෝදගෙන දිව්වා ආයෙත් ගෙදර... පොල් කටු ඉස්තිරික්කයෙක් මැදපු ඇඳුමත් දාගෙන කොන්ඩෙ පොඩ්ඩක් පීරගත්තා.. පොල් තෙල් පාරක් ගෑවෙ නැත්තන් ගතියක් නැ.. අක්කගෙ සෙන්ට් ටිකකුත් දාගෙන.. zz zzz.. සල්ලි ඉල්ලලත් බැ නොඉල්ලත් බැ.. අම්මෙ නැද්ද කීයක් හරි... ගේ හැමතැනම බැලුව.. නෑ වගේ මොනවත්.. කොල්ලට ඉතින් පොඩ්ඩක් මල... මොකද ඉතින් කරන්නෙ.. දෙවියන්ට කියල වැඩකුත් නෑ.. මෙ හදිස්සියෙ සල්ලි කොහෙන් හොයන්නද.. සීසන් එක නැත්තන් පයින් තම්යි.. අම්මට සිරි.. බස් එක නේද එනව ඇහෙන්නෙ.. දිව්ව පොල් රොටී කැල්ලකුත් කටෙ දාගෙන... බස් එකේ කට කපල සෙනග.. එල්ලුනා ඉතින් කොහොම හරි පිටිපස්සෙ දොරෙන්.. එක වන්ගුවයි පාස් උනේ... පාර අයිනෙ ඉස්සරහ ඉන්නව පේනව අපේ අම්මා... අනේ දෙවියනේ... ගෙදර තිබිල රුපියල් දහයක් සොයාගෙන.. කර කියාගන්න දෙයක් නැතිකමට බස් එක දිහාට එක දික් කරගෙන... මතක් වෙද්දි තවමත් ඇස් වලට කඳුලු ගලනව අම්මේ.. කිරි ටිකවත් ණයට නෙමෙයි
කැමති නොවෙද ඔබත් යන්නට ඩුඅල් ඒසි කාර් එකක... මාත් එක්ක දාඩිය දාගෙන යනවා වගෙද පාරෙ බස් එකක... ලුනුයි බතුයි කාලත් ඉඳිමු කිව්වලු පරන කාලේ සින්දුවක... අම්මා උනත් කැමති නොවෙද බෑන පොඩ්ඩගෙ උපාදියට... කවුද හිතුවෙ යාවි කියල මෙහෙම කලක් ආදරයට.....
ලොකුම ගහකින් නම් වැටුනා.. ගොනා කොයි වෙලාවේ එයිද දන්නේ නෑ..

~~ මහනුවර දුම්රිය ස්ථානය 2011/07/22 02:45PM ~~

ටිමි කඳුලු සලමින් ඉකි ගසා හඬන දූම්රිය එංන්ජිමක් අලුවෙමින් දැවෙන තම සහායක මැදිරි දෙස නෙත් යොමාගෙන..... ඇසුනි හඬනගා උදව් පතනා හඞ ඒ දෙස බලා විනෝදවන මිනිසුන්ගෙන් අනේ අර දැවීයන්නේ මගේම සහෝදරයන් නොවෙද බොහෝ කාලයක් මා සමගම දුක සැප බෙදා ගත්..... නැතිද අහලක පින්වතෙක් හෙළන්නට වතුර බිඳුවක් දිවි ගලවන්නට මගේම සගයන්ගේ.... පුලුවනිද කරන්නට මට පොඞි උදව්වක් දවාලනු මැන මාද ලෙහෙසියෙන් නික්ම යන්න ට ඔවුන් සමගම මේ කුරිරු ලෝකයෙන්.....

අදරයේ වේදනාව......

සිත් අහසේනම් කොතෙක් කවි ලියවෙන්න ඇතිද එ කවි කියවමින් කොතෙක් මම හඬන්නට ඇතිද හඬන මම දෙස බලමින් කී දෙනෙක් නම් සිනා සෙන්නට ඇතිද අදරයේ වේදනාව කවදා ඔවුන් හඳුනා ගනු ඇතිද

අහිමිවු ජීවිතේ....

ජීවිතේ කොයි තරම් සුන්දරද කියල දැනුන මට ඔයාගේ අදරේ මට දැනුන දවසෙ... බලාපොරොත්තු පොදි බැඳ ගත්තා මම ඒ අදරෙ විඳින්න ගත්තට පස්සෙ.. ජීවිතෙ හැම දෙයක්ම නැති උනා වගෙ දැනුන මට එ අදරේ මට අහිමි උන දවසෙ... අත් උනෙ මෙහෙම දුකක් මට කල පව් නිසා වෙන්න අති පෙර දවසෙ...

පසු තැවීම....

දුටුවේ නැතිද මගෙ ඇස් වල කඳුලු සිතුවෙ නෑ රිදවන්නට ඔබේ හිත මා මිතුරු... සිදු වු වරද එතරම් දරුනු වීලු පසු තැවෙමින් සිටිනෙමි මා නිරතුරු...

චැට් එක....

හිතෙනවා ඇති නේද ඔයාටත් මෙහෙමත් ලෑජ්ජාවක් නෑති එකෙක් නෑතුවත් මගෙන් කිසි රිප්ලයි එකක් කොටනව නැතිව තොර තොන්චියක්..

හීනය......

හීනය සැබැ නොවුනත් දැනෙන එකක් නැ තනියක් ඉන්න නිසා ඔබත් ඒ හීනෙම......

සදවතිය..........

අහබ්බෙන් වගේ අමාවවකට පෑයූ සදවතිය ලොවෙන් සැගවෙන්නට දරන අසාර්ථක උත්සාහයක්.. නොදන්නා ලෙසින් මග බලා සිටි වග කදුලින් පිරි නෙත් අහස දෙස අයාගෙන..

දුක වැඩිකමට ඇඩුන දවසක්.......

ලැබුනා දුරකතන ඇමදුමක්.. දන්වමින් අතුරුදන් වී ඇති බව මගේ සොදුරුතම මිතුරෙක් හිතුවේ තවත් විහිළුවක් කියල අපේ කට්ටියගේ.. යමක් සිදුවි ඇති බවනම් මොනවට පැහැදිලියි කවුරුත් නොදන්නෙත් ඒකම තමයි.. ගෙවී ගියා දින දෙකතුනක්ම නොමැතිව කිසිම තොරතුරක්.. නොසෙව්ව තැනක් නොමැති තරම් එක තැනක් ඇරෙන්න, ඒ ඔයා ඉදපු තැන අපි කවුරුත්ම නොදන්න.. ලැබුනා තවක් දුරකතන ඇමතුමක් ලැබුන බව දන්වමින් මල සිරුරක් එසැනින් මගේ කටින් පිටවුනේ, මුන්ට පිස්සු... ගෙවුනා තවත් එක රැයක් සමගින් දෙගිඩියාවකුත් ඇත්තටම මොකද මේ වෙන්නේ ඇහුව ඉතින් දෙවියන්ගෙනුත් කරන්නම දෙයක් නැති කමට.. වේලාව උදෑසන අටයි, ලැබුනා තවක් කෙටි පණිවිඩයක් සූදානම් වන ලෙස දන්වමින් පසුදින පවත්වන අවමගුල් උත්සවයට..

පෙම් නොකරමි කිසි දින පෙර දැනුනා නම්.............

සිත මව මව නුඹ ලඟ පෙර සිටි හැම කල් නෙත සැලෙනව රහසින් නොදැනිම මටවත් දුක වැඩි බව ආදරෙ බිඳුනම මෙතරම් පෙම් නොකරමි කිසි දින පෙර දැනුනා නම්............. රැයෙ දිලුනට සදවත අහසක මනරම් සිත් යායම අඳුරුයි නුඹ ලඟ නැති නම් පෙර මතකය පමණක් තනියට ලඟ නම් දුක දැනුනට සොඳුරුයි මතකෙත් හැම කල්........ රැය නිදි නැති යහනක සිතිවිලි හා මං සැරිසරනව පෙර අප ආ මග ගිය තැන් පිදු ආදරෙ දුන්නට සිතකට දඬුවම් ඒ දුක මට සොඳුරුයි නුඹ දුන්නා නම්...............

හැබෑ නොවෙන හීනය.........

රහසින් වැටෙන කදුලු බිදු රහසින්ම පිසලන්නම් හිතේ පිපුන මල් කැකුල හිතයට සගවා ගන්නම් සද එළිය යට හිද සදවත ගැන හීන නොදැක ඉන්නම් හැබෑ නොවෙන හීනයක හැමදාම තනිවෙන්නම්............

මතකද එදා.........

මතකද එදා, බලෙන්ම වගේ ඇවිදින්න එක්කන් ගියා ගාළු මුව දොර හැම දෙයක්ම තිබුන ලස්සනට... සැම දෙනාම හිටිය ගොඩක් සතුටින් අපි දෙන්නා වගේම.. ඉර බහැල යන්නයි හදන්නේ, ඔයා කිවුවේ හරියට අපි හිටිය ඇති නේද කියන්න වගේ.. එත් අපි තව ටිකක් ඉමු කියනව වගේ අහුනා.. ඒක කිව්වේ මමද මන්ද.. අලි මදිවට හරක්.. අවා නේද ලොකු වැසසකුත් තිබුනේ ඉතින් ඔයාගේ පොඩි කුඩය මගේ කැප් එකට වඩා ටිකක් ලොකු චුට්ටක් වගේ තෙමුනා වතුර බේරෙන ගානට දැන් ඉතින් බැනුම් කෝටියි අමමගෙන් ඔයාට.. වෙන් වෙලා ගියා ඉතින් අපි නැවත හමු වෙන බලාපොරොත්තුවෙන්.. මෙලෙස එක්වුනා සුන්දර මතකයන් සිතේ ලියවුනු අපේ කතාවට...

මගේ සදවතිය...

සැමදාමත් මගේ සිත් අහසේ පෑයු මගේ සදවතිය... අද මගේ හිස් අහස දිහාවත් නොබලන්නේ ඇයි...

නැගිටින්න... කම්මැලියා...

හම්බ උනේ හුග කාලෙකින් නේද ඔයා කිව්වා හායි.. මමත් කිව්වා ගොඩාක් කාලෙකින් නේද.. ගත් කටටම ඔයා කියපි, හිටියා වගේම තමයි නේද මම මොන හිතකින් කියන්නද, ඔයානම් ගොඩක් වෙනස් වෙලා කියලා.. කාලය ඔයාව වෙනස් කරලද ඔයා කාලයව වෙනස් කරලද කිව්වා ඉතින් අලි බොරුවක්, ඉස්සර වගේම ඔයාව හිනස්සවන්න.. මිනිත්තු පහයි තියෙන්නේ කොයි එකටත් වෙනදට කොහොමත් පරක්කුවෙන කෝචිය ඇයි අද වෙලාවටම අපි දෙන්නා හම්බවුන නිසා වෙන්න ඇති එනව ඇහුනා යකඩ යකා, ඒක නම් යකෙක්ම තමයි යාන්තමින් ඇහුනා, බායි.. කියාගන්න උනේ, බුදු සර.. විතරයි වැදුනා පිටට පහරක්.. යන්තමින් ඇහුනා "නැගිටින්න.... කම්මැලියා..."

අක්කා FB දාපු හොද comment එකක්.......

Devdas ලස්සන love story එකක්..ආදරේ කියන්නෙ අයිති කර ගෑනිම නෙමෙයි කෑප කිරිමක්..Deva, Paro ගේ wedding ගේ එක දවසෙ ඈට මාලේකින් නළල තුවාල කරනවා Paro ට මුණ බලන හෑම වෙලෙම Deva ව මතක් වෙන්න..Paro , පුන්චි කාලේ ඉදන් පහනක් නිවෙන්න නොදි තියන් ඉන්නවා Deva වෙනුවෙන්..Paro , Deva ට drinks ගන්න එක නවත්තන්න කිව්වාම Deva 1 ක පොරොන්දුවක් වෙනවා මෑරෙණ්න මොහොතක ට කලින් Paro ව බලන්න එනවා කියලා...මෙ seen එකේ තියෙන්නෙ Deva ,Paro ව බලන්න ආපු මොහොත...එදා අර පහන නිවෙනවා...,Paro ගේ නළලේ තුවාලෙන් ලේ එනවා..මෙ හෑම දෙයක්ම බොළද වෙන්න පුලුවන්..මෙවා තියෙන්නෙ film වල විතරක් වෙන්න පුලුවන්..එත් මෙ හෑම දේම TRUE LOVE කියන එක අපිට feel කරනවා..
කිසිම සමාවක් නැතිව අපිව දෙපැත්තට ඇදල දාපු හැටි.. කිසිම දෙයක් නොදන්න ඔය අහිංසක ඇස් දෙක මගේ දිහා බලා උන්නු හැටි.. කිසිම වරදක් නොකරපු අපිට දඩුවම් දුන්නු හැටි.. කිසිම දවසක නොදැනුනු දුකක් මගේ හද වෙලාගත් හැටි.. මට අද වගේම මතකයි... ඔයාටත් එහෙමද...
සුන්දරයි කොදෙව්වම වරක් ඔබ ඇවිත් ගියාම සුන්දරයි දෙසවනම නුබේ ‍වදනක් ඇසුනාම සුන්දරයි දැසම නු‍ඹේ නේත දුටුවාම සුන්දරයි ජීවිතයම නුඹ ම‍ට ලැබුනාම...
ඔබ දුන් බලාපොරොත්තුව යලි එන බවට තවමත් ඇත මතකයෙ කිසිදා නොමියෙන ලෙසට නෙත බලා සිටින්නේ දකින්නට ඔබෙ රුව බනිමින් මගෙ සිතට තවත් බොරු නොකියන ලෙසට
දුර සිටියත් ඔබ යහතින් ඇති බව සිතමි ගතින් දුර උනත් සිත මා ලග බව දනිමි අන් සැපතට දිවි කැපකල බව දනිමි සැමදාමත් මුළු හදින්ම පෙම් කරමි...
ලොවම පිදු නිසාවෙන් ආදරෙයි පණ මෙන් පෙම පිදු නිසාවෙන් ආදරෙයි ලොව මෙන් අතරමං විය තුල ඒ ලොව ඔබ ගිය නිසාවෙන් හිතේ කහටක් නෑ ඉතින් දන්නා නිසාවෙන් ලොව පිදු ඇයට ඔබද අදාරේ කල බව මම මෙන්..
නැවක් ලෙසින් මම යාත්‍රා කලා නුඹ නම් සයුර මතින් සැඩ සුලගට හසුව රුවල බිදීගිය හැඩයි කෝ මගේ කොම්පාසුව.. කෝ මගේ ආධාරක බෝට්ටුව.. සැගවුනාවත්ද සයුරු පත්ලේ... ආ මග නම් මතකයි ඒත් මුහුදේ නැව් ගියාට පාරවල් හිටිනවද මටත් පිස්සු.. කෑම ඇති වෙයි ටික දවසකට ඉවර උන දවසට බිලි වෙනව මහ මුහුදට කුස ගිණි නිමෙයිනෙ මාළුවෙකුගෙවත්.. ඒ පිනත් මහ මුහුදටම.. ලෙසින් ම‍ගේ අවසන් කැමැත්ත කිසිදා කොතැනකවත් නොලියවුනු...