Posts

Showing posts from February, 2012

__පසුවදන

Image
අපි උන්ට රිදෙන්න ගැහුවා... උන් අපිට ඇඬෙන්න ගැහුවා... ඊලඟ පාර අපි, උන්ට දුවන්න ගහනවා...

__බැද්දට පායපු හඳ.

බස් එක සීටීබී උනාට මොකද ඉතින් හිටියා සුපිරිම එකක්... හරියට නිකන් බැද්දට හඳ පෑව්වා වගෙයි... මමත් ඉතින් ශේප් එකේ ඔයාගෙ පිටි පස්සේ සීට් එකෙන් වාඩි උනා... ඇස් දෙකවත් පිං කරලා ඇති කියලා හිතාගෙන.. නොදකින්, පාත් උනේ නැතැයි හෙනහුරෙක් උන්ඳෑගේ වයසෙ හැටියට නෙමේයි වැඩ... ලඟින් වාඩි උනා මදිවට සෙවල බැල්මත් දානවා... කෙල්ල දිහා බලනවට වඩා ආතල් අංකලා දාන සෙල්ලම් ටික බලන එක.... තව ටිකක් පරක්කු වෙලා ඉපදුනා නම් කියලා හිතෙනවා ඇති.... හිකිස්ම තමයි.... අපි නැග්ගොත් ඉතින් මොකද්ද ගහෙත් දෙබලක් කිව්වලු...

:O

ඔයා කොච්චර කඩන්න කිව්වත් මට කඩන්න හිතුනේම නෑ.... ඒත් රතු පාටට ඉස්සිලා තියෙනවා දකිද්දී මට ඉන්නම බෑ ඉතින් කඩනකන්.... ඔයා දවස් ගානක් තිස්සේ කියනවා මට ඔයා කඩන්නකෝ අනේ.. මට කඩාගන්න බෑ කියලා... කැඩුවට පස්සේ අනම් මනම් කියන්නේ නෑ කියලා ඔයා පොරොන්දු උන නිසාම ඔන්න මම අද ඒක කඩලා දැම්මා... කොහොමද දැනෙන සනීපෙ ඕකනෙ මම කිව්වේ කඩන්න කලින්ම.. කෝ අහුවද ඉතින්... ඉවසගෙන ඉන්න ඉතින්.... ටික දවසකින් හරි යයි... මම කිව්වනේ ඉතින් කඩන්න කලින්ම ඕක කඩපු ගමන් ලේ එයි කියලා... දන් ඉතින් ඔය ලේ ටික සෝදගන්නකො.. අපොයි ආයෙත් නම් මතක ඇති කාලෙකදි කඩන්නේ නෑ මම කෙල්ලෙක්ගේ .. .. .. .. .. .. .. .. .. . කුරුලෑවක් නම්

__කිසාගෝතමීලා

නොමල ගෙයින් අබ නොසෙව්වත්... තවමත් ඇත කිසාගෝතමීලා... දරු රැකුමට ජීවිතය නමැති මහා ගිරි දුර්ගය තරණය කරන....

__හීනයක්

තවමත් ආදරෙයි ඒ හීනෙට මම ඔයයි මමයි විතරමයි... කවුරුවත්ම නැති පලාතකට ගිහින්.. කන්දක් උඩ කඩයක් දාගෙන.... ලුනුයි බතුයි කාලා ජීවත් උනා අපි.... ඉතින්.. ඒක නම් හීනයක්ම තමයි....

__නුඹ නමින්

දුරක ඉඳගෙන පෙම් කරන්නට අවසරයි දෝ සඳවතී දරා ගනු බැරි කමට ඉඳ හිට බැන වැදුනේ මම සඳවතී පෙර පරිදි නුඹ සිත් අහසෙ ඉඳ කවි කියනවද සඳවතී නුඹ නමින් මම පිදූ සෙනෙහස තවම එහෙමයි හිතවතී

__අහිමි දුක

මඩෙහි සුපිපුන නෙළුම් මල දැක ආදරේ කරන්නට සිත් වුනා මලෙහි සුන්ඳර රුව දුටුව සඳ හැඩ බලන්නට සිත් වුනා නුඹේ දිදුලන සිනා දුටු සඳ එය මටම යැයි සිත් වුනා නෙලාගනු බැරි දුරක පිපි නුඹ අහිමි දුක නෙත් තෙත් කලා..

__දුව නාකිද නැතිනම් අම්මද තරුණ උනේ

මග තොට ඇවිදන් යන වෙලේ... දෑස පිනවන දසුන් ඇත දස අතේ.. ඒ සැම අතරින් මා සිත ඇදිලා ගියේ.. සුලඟට දඟලනා නුඹේ ගව්ම් කොටේ.... අමාරුවෙන් පෙන්නපු නුඹේ ගතේ.. පැහැයට මගේ සිත දිව යයි නගේ... ඒ මගේ වල් කම නිසාදෝ මට සිතේ.. ඉතින් නුඹ ගැන තව මොන කතාද නගේ.. දුවට දෙවනි නැත නුඹ දුවගේ අම්මේ... හඳුනා ගන්නට බැරිව මම අසරණ උනේ.. දුව නාකිද නැතිනම් අම්මද තරුණ උනේ... මේකප් අක්කලා කරන්නෙත් හරි වැඩ තමයිනේ..

__මිතුරුදම සහ නුහුරු පෙම

ඊයෙ පෙරේදා හම්බවුන මම නිසා පොඩි කාලෙ ඉඳන් එකට ඉඳපු මුන් දෙන්නා මෙහෙම මරා ගන්නවා නම්... මාත් එක්ක කොහොම රන්ඩු වෙයිද... දැන්ම වෙන අතක් බලාගන්න එක ඇඟට ගුණයි...

__වැලන්ටයින්.

කඩවල් වල තිබ්බ මල්, චොකලට්, පාට පාට සුකුරුත්තම් ඔක්කොම විකිණිලා ඉවරයි... ෆිල්ම් හෝල් වල සීට් ඔක්කොම බුක්.... හෝටල් කාමර හවුස්ෆුල්.... අතේ තිබ්බ සල්ලි ටිකත් ඉවරයි... ඔන්න ඔහොමයි වැලන්ටයින්....

__ජනතා නායක වත.

තෙල් මිල සොච්චමකින් වැඩි කොලා... ඒ ගමන බස් කාරයෝ ස්ට්‍රයික් ගාස්තු වැඩි කොරන්න කියලා... ඔන්න එහෙනම් මම ඒකත් කොරලා දෙන්නම්.. ජනතාවගෙ නායකයා විදියට... දැන් ඔන්න සන්ඩු නොකර ඉන්න ඕනේ.. දෙගොල්ලන්ටම සාධාරනයිනේ දැන්... තමන්ගේ වාහනයක ගියත් එකයි... පාරේ බස් එකේ ගියත් එකයි...

__ජනතා නායක වත.

තෙල් මිල සොච්චමකින් වැඩි කොලා... ඒ ගමන බස් කාරයෝ ස්ට්‍රයික් ගාස්තු වැඩි කොරන්න කියලා... ඔන්න එහෙනම් මම ඒකත් කොරලා දෙන්නම්.. ජනතාවගෙ නායකයා විදියට... දැන් ඔන්න සන්ඩු නොකර ඉන්න ඕනේ.. දෙගොල්ලන්ටම සාධාරනයිනේ දැන්... තමන්ගේ වාහනයක ගියත් එකයි... පාරේ බස් එකේ ගියත් එකයි...

__මල කෝලම්.

හැංඟි හැංඟි වෙස් බැඳලා.. එලියේ නටන එක සම්ප්‍රදාය... එතකොට, නටන්න බැරි එවුන් එලියේ, බාගෙට වෙස් බැඳලා එලියෙම ජව්සම් නටන එක... සම්ප්‍රදායෙන් පිට අලුත්ම සොයාගැනීමක්ද..

__අපේ නොවන අපේම අය.

අපි.. අනුන් ගැන කතා නොකරමු අපි ගැන කතා කලයුතු දෑ ඇති නිසා... අනුන්... අපි ගැන කතා කරනු ඇත.. උන් ගැන කතා කලයුතු දෑ නැති නිසා.... අපි.. අනුන්ගේ ගැන නොසොයමු... අපිට කරන්නට වැඩ බෙහෝ ඇති නිසා.. අනුන්.. අපේ වැඩ ගැන සොයනු ඇත.... උන් හට කරන්නට වැඩ කිසිවක් නොමැති නිසා...

__කාකු වත.

කන්න බොන්න දීලා බොහොම මහන්සියෙන් රැකබලාගෙන... මුන්ව උස් මහත් කලා... ගෑණි කියන්නෙම, මුන්ට තියෙන්නේ මගේ මූණමලු.... ඒත්.. ඇයි යකෝ... ආසාවට එකෙක් වත් කාක්.. කියන්නේ නැහැනේ...

__හිතේ දුකට

බස් ගාස්තු සැමදා ඉහලටමයි යවන්නේ... ඒ කරලත් මදිද වැඩ වර්ජන කරන්නේ... යන මගියොයි ඉන් හොඳ හැටි බැට කන්නේ.. ප්‍රාඩෝ වල යන අයියලා නෑ ඕවා දන්නේ... අඩ කහුරු ඇතිව ඇයි ගාස්තු වැඩි කරන්නේ.. රුපියල දෙක මාරු කොන්දා නිතරම ඉල්ලන්නේ... දුන්නේ නැතොත් බැලන්ස් එක අඩුවෙනි හම්බෙන්නේ සල්ලි අපි ගෙදර හදනවා කියලයි ඌ හිතන්නේ... අනේ සර් පඩිය පොඩ්ඩක් වැඩි කරන්නේ.. කිව්ව ගමන් ඌ හොඳටම රවලයි බලන්නේ.. අපේ දුක ඉතින් අපි කාටද දැන් කියන්නේ... උඩ ඉන්නා දෙවියොත් දැන් හරි ගනන්නේ... අනේ සර් පඩිය පොඩ්ඩක් වැඩි කරන්නේ.. කිව්ව ගමන් ඌ හොඳටම රවලයි බලන්නේ.. අපේ දුක ඉතින් අපි කාටද දැන් කියන්නේ... උඩ ඉන්නා දෙවියොත් දැන් හරි ගනන්නේ... ඇමතිගේ පුතා හමර් එකෙනුයි දැන් යන්නේ.. උගේ වටේට එස් එෆ් එකෙනුත් යන්නේ... උන් යනකොට කානුවට බැහැලයි අපි බේරෙන්නේ... ඉඩ දුන්නේ නැතොත් යට කරගෙන හරි යන්නේ.. ලොකු ලොකු ප්‍රොජෙක්ට් රට වටේට කරගෙන යන්නේ... ඒවත් ඉතින් රටකට වැදගත් වැඩ බව අපි දන්නේ... ප්‍රොජෙක්ට් කරන උන් විතරයි වගේ ඉන් ගොඩ යන්නේ.. අනේ අපේ සල්ලි නොවෙද මුන් හූරන් කන්නේ...

__අඩුවක් නැති බස්.

මං එහෙනම් බහින්නම් සුදු.. මෙතන ඉඳන් වෙන බස් එකක යන්නම්..

__පන්සල් ගියෙමි.

ටයිට් ජීන්ස්... ස්කිනර්ස්... ශෝර්ට් ස්කර්ට්ස්... ෆුල් මේකප්..... සුදු කෑලි.. කලු කෑලි... කොයි එක දිහා බලන්නද මන්දා... .. .. ආව්.. අම්මේ කන කන... .. .. .. ඕකනෙ අම්මේ මම එද්දිම කිව්වේ.... පන්සල් යන්න බෑ කියලා... අම්මනේ බලෙන්ම එක්කන් ආවේ..

__සැලුමා

වැඩ නැතිව හැමදාම වේලෙන සැලුමා මම යන දවසටම වෙරි බිසී....

__සැලුමා

වැඩ නැතිව හැමදාම වේලෙන සැලුමා මම යන දවසටම වෙරි බිසී....
ගමේ කොල්ලොත් දැන් ටව්මෙ ඇපල් මිදි කන්න පුරුදු වෙලා... ගමේ වැල වරකා වේලෙනවා...

__සිපිරිගෙයි මම.

ඉස්සර එක එකාගෙන් පොකට් ගහලා... ගුටි කකා අමාරුවෙන් ජීවිතේ ගැටගහගනිපු.. මට දැන් හරියට වෙලාවට කෑම් ටික එහෙම හම්බෙනවා... බොහොම පිං හාමුදුරුවනේ..

__ බූට්.

ආයෙත් කාට හරි තියන්න ඕනේ උනොත් කියන්න... ඔයා තියලා ගිහිපු බූට් එක තාමත් මගේ ලඟ...

__දවල් හීන.

පයින් ගහලා ඇඳෙන් බිමට දැම්මේ නැත්නම්.. තාමත් දකිනවා මම හීනේ... අපරාදේ කීද්දුවේ.... තාමත් මම ඔයාගේ ලව් එකනේ නැත්නම්.... දැක්කේ පට්ට දවල් උනත්... තාමත් ආදරෙයි ඒ හීනේට මම...

__අහිමි ආදරය.

අහිමි කර මා දිවියටම... අහිමි වූ එක දවසකට..... හඬා වැටෙයි නුඹ ජීවිතයම අහිමි ලෙස... ඉතින්.. කවර කතාද මම ගැන...

ඇත්ත - බොරුව

බොරු කියන්න බොරු කරන්න පට්ටම අමාරුයි... අදහස් එකිනෙක ගලපගන්න ගියාම ඇඬෙනවා... ඇත්ත කියන්න ඇත්ත කරන්න පට්ටම ලේසියි අදහස් ගලපන්න පට්ටම ලේසියි...... ඒත්... අපේ එවුන් වැඩිපුරම කියන්නේ කරන්නේ බොරු.... එක බොරුවක් වහගන්න තවත් බොරු කීයක්නම් කියන්න වෙනවද.. කොච්චර අමාරු දෙයක් උනත් කරන්නේම ඒකම තමයි ඉතින්..

__අහිමි සඳ

හැරී බැලුවා නම් එකම එක වතාවක් බැස යන්නට මත්තෙන් මා සිත් අහසෙන්..... අඳුරුයි මුලු අහසම අතැර ගොසින් කවි කම දුක පමනක්මද මට උරුම දෙනවද එක සිනාවක් මට...
දානකොට ජපන්නු සීරුවෙන්... අනිත් එවුන් හෙළුවෙන්.... .. .. .. .. .. කොඩිය

__වේස ගෑණි.

හැම්දාම හැම නිතරම එක එකා අතට යන... පොසොසත් එකා ලඟ වැඩිපුර ගැවසෙන.... කොච්චර හිටියත් හිතට මදි.. වැඩි ආසාව තියෙන උන්ට කෙලවන.. වේස ගෑණි .. .. .. .. .. සල්ලි

__මගේ නිදහස (ජාතික කොඩිය)

ගෙදර මුල්ලක දුම් වැදී වැදී උන්නු මාව සුළං ටිකක් වදින්න එලියට ගන්න දවස හෙටයි...

__නැවතුන තැන.

පුළුවන් උපරිමයෙන් දීලා... ගොඩාක් බලාපොරොත්තු වෙලා... ඒත්.... හම්බුනේ සොච්චමයි... දැන්.. ඒකත් නෑ..