__අපේ නොවන අපේම අය.

අපි..

අනුන් ගැන
කතා නොකරමු
අපි ගැන කතා
කලයුතු දෑ ඇති නිසා...

අනුන්...

අපි ගැන
කතා කරනු ඇත..
උන් ගැන කතා
කලයුතු දෑ නැති නිසා....

අපි..

අනුන්ගේ ගැන
නොසොයමු...
අපිට කරන්නට
වැඩ බෙහෝ ඇති නිසා..

අනුන්..

අපේ වැඩ ගැන
සොයනු ඇත....
උන් හට කරන්නට
වැඩ කිසිවක් නොමැති නිසා...

Comments

Popular posts from this blog

Father's Day 2021