ඇත්ත - බොරුව

බොරු කියන්න
බොරු කරන්න
පට්ටම අමාරුයි...

අදහස්
එකිනෙක
ගලපගන්න ගියාම
ඇඬෙනවා...

ඇත්ත කියන්න
ඇත්ත කරන්න
පට්ටම ලේසියි

අදහස්
ගලපන්න
පට්ටම
ලේසියි......

ඒත්...

අපේ එවුන්
වැඩිපුරම
කියන්නේ කරන්නේ
බොරු....

එක බොරුවක්
වහගන්න
තවත් බොරු කීයක්නම්
කියන්න වෙනවද..

කොච්චර
අමාරු දෙයක් උනත්
කරන්නේම ඒකම
තමයි ඉතින්..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...