__හිතේ දුකට
බස් ගාස්තු සැමදා ඉහලටමයි යවන්නේ...
ඒ කරලත් මදිද වැඩ වර්ජන කරන්නේ...
යන මගියොයි ඉන් හොඳ හැටි බැට කන්නේ..
ප්‍රාඩෝ වල යන අයියලා නෑ ඕවා දන්නේ...
අඩ කහුරු ඇතිව ඇයි ගාස්තු වැඩි කරන්නේ..
රුපියල දෙක මාරු කොන්දා නිතරම ඉල්ලන්නේ...
දුන්නේ නැතොත් බැලන්ස් එක අඩුවෙනි හම්බෙන්නේ
සල්ලි අපි ගෙදර හදනවා කියලයි ඌ හිතන්නේ...
අනේ සර් පඩිය පොඩ්ඩක් වැඩි කරන්නේ..
කිව්ව ගමන් ඌ හොඳටම රවලයි බලන්නේ..
අපේ දුක ඉතින් අපි කාටද දැන් කියන්නේ...
උඩ ඉන්නා දෙවියොත් දැන් හරි ගනන්නේ...
අනේ සර් පඩිය පොඩ්ඩක් වැඩි කරන්නේ..
කිව්ව ගමන් ඌ හොඳටම රවලයි බලන්නේ..
අපේ දුක ඉතින් අපි කාටද දැන් කියන්නේ...
උඩ ඉන්නා දෙවියොත් දැන් හරි ගනන්නේ...
ඇමතිගේ පුතා හමර් එකෙනුයි දැන් යන්නේ..
උගේ වටේට එස් එෆ් එකෙනුත් යන්නේ...
උන් යනකොට කානුවට බැහැලයි අපි බේරෙන්නේ...
ඉඩ දුන්නේ නැතොත් යට කරගෙන හරි යන්නේ..
ලොකු ලොකු ප්‍රොජෙක්ට් රට වටේට කරගෙන යන්නේ...
ඒවත් ඉතින් රටකට වැදගත් වැඩ බව අපි දන්නේ...
ප්‍රොජෙක්ට් කරන උන් විතරයි වගේ ඉන් ගොඩ යන්නේ..
අනේ අපේ සල්ලි නොවෙද මුන් හූරන් කන්නේ...

Comments
Post a Comment