Posts

Showing posts from 2016
සාර්තක මිනිහා පස්සේ හිටියේ මම කියාගෙන ගෑණු පෝලිමේ ආවට, අමාරුවෙ වැටුන එකා පිටිපස්සේ උගේ හෙවනැල්ලවත් නෑ මචං..
අපිට වැරදුනාම දුර ඉඳන් හිනාවෙන මිනිස්සු, අපිට හරි ගියාම ලඟ ඉඳන් හිනාවෙනවා මචං...
දැන් ප්‍රශ්න ගොඩකින් තැලිලා පොඩි වෙලා හිටියට, ඉපදෙනකොට අපි අරන් ආවේ බඩගිණ්න විතරයි මචං..
කතන්දර හදන අය ඕන තරම් හිටියට, කතන්දර ලියන මිනිස්සු අඩුයි මචං..
Image
පෝයටත් රටේ මහ එකා දඩයමේ ගිය රටකට ඇවිත් ඇස් පෑදුවාට බොහොම ස්තූතියි..
මිනිස්සු හඳුනගන්නවාට වඩා මිනිස්සු හඳුනාගන්න එකයි වටින්නෙ... ---- දෙකම එකයි වගේ පෙනුනට, ලොකු වෙනසක් තියෙනවා..
අන්තිම පේලියේ උන් අතර තියෙන සහෝදරකම් ඉස්සරහා පේලියේ උන් අතර බලාපොරොත්තු වෙන්න එපා මචං මොකද ඒ පේලි දෙක අතරේ තවත් පේලි ගොඩක් තියෙනවා..
උඹ මම විතරක් නෙමෙයි මචං අපිත් හරි වෙනස්...
හැමෝම කැමති වීරයට, දුෂ්ටයට කවුරුත් කැමති නෑ. කතාවේ රඟපාන උන් විතරක් නෙමෙයි, බලන උනුත් එහෙමයි..
ගොයම් පාගා අස්වනු ගෙට ගත්දා හැමෝන්ටම කන්නට බත තම්බා දුන්නේ නුඹයි මැණිකේ.. ගංවතුරට කුඹුර යටවී කුඹුරට උඩින් ගම්මු ඔරු පදින අතරේ තිබුන දෙයක් තම්බා කුසගිණි නිව්වේ නුඹයි මැනිකේ... නියඟෙට අහුවෙලා කුඹුරු ඔක්කෝම වේලී ගියදා ගම්මුන්ගේ එල්ලේ ගහන අතර දුක බෙදාගන්නට ලඟ හිටියේ නුඹයි මැණිකේ..
පෝය ලබනකන් බලන් ඉන්නවට වඩා අමාරුයි.. එදාට හඳ පායනකන් බලන් ඉන්න එක.. මං කොහොමත් ආදරේ කරේ හඳට මිසක්  පෝයට නෙමෙයි..

1st anniversary...

තැලී පොඩිවී රිදුන හද වෙත එබී බැලුවේ නුඹයි සඳවත ජීවිතේ නොපෙනෙනා ඉම වෙත යාමටයි නුඹ ගත්තේ මගේ අත සිනහවට වැඩියෙන් කඳුලු ඇත ජීවිතේ අප ආ ගමන් මග යාමටද තව බොහෝ දුර ඇත රැගෙන යමි නුඹ අනන්තය වෙත මසිත ලැතැවුල් නිවන ඔසුවකි නුඹ අඳුරු මාවතෙ පහන් සිල නුඹ දිවි ගමනේ පවසට සිහිල් පැන් නුඹ මා වටේ ගැවසෙන සිහිල් සුළඟයි නුඹ මා දකින සිහිනයක් වේ නම් මා විඳින යම් සුවක් වේ නම් මා දිනන යම් දෙයක් වේ නම් ඒ නුඹම බව හඬගා කියමි මං