ගොයම් පාගා

අස්වනු ගෙට ගත්දා

හැමෝන්ටම කන්නට

බත තම්බා දුන්නේ

නුඹයි මැණිකේ..


ගංවතුරට කුඹුර යටවී

කුඹුරට උඩින් ගම්මු ඔරු පදින අතරේ

තිබුන දෙයක් තම්බා

කුසගිණි නිව්වේ

නුඹයි මැනිකේ...


නියඟෙට අහුවෙලා

කුඹුරු ඔක්කෝම වේලී ගියදා

ගම්මුන්ගේ එල්ලේ ගහන අතර

දුක බෙදාගන්නට ලඟ හිටියේ

නුඹයි මැණිකේ..

Comments

Popular posts from this blog

Father's Day 2021