පුතේ යම් මතු දිනෙක මෙය කියවා බැලුවොතින් මා පිය සෙනේ කොතෙක්දැයි දැනෙයි නුඹටත් ඉතින් පුතේ විහේන්, අද 2021-06-20 ලෝක පියවරුන්ගේ දිනය. මට අද වාගෙම මතකයි කලුපාට තිරයේ සුදු පාට චූටි බෝලයක් වගේ පෙනුන ඡායාව පුතුගේ බව කිව්වා. ඇස්වල කඳුලු හන්ගගෙන අම්මගෙ ඇස් දිහා මම හොරෙන් බැලුවා. අම්මත් හිටියේ ඇස්වල කඳුලු පුරවන්. දවස් ගෙවීගෙන යද්දි කොරෝන වයිරස් එක ලෝකෙම ගිලගෙන එද්දි මගෙ පුතාව ආයෙත් බලන්න එන්න මට බැරිවුනා. ඩොක්ටර් ඇතුලට අරගත්තෙ අම්මව විතරයි. ඒ විනාඩි කිහිපය මම ගතකරේ පුදුමාකාර බයකින්. ඒ වගේම ලොකු දුකකුත් මගෙ හිතේ තිබ්බත් මම කවදාවත් අම්මටවත් ඒක පෙන්නුවේ නෑ. පුතේ ඔයාගෙ අම්මත් මේ ලෝකේ ඉන්න ශක්තිවන්තම ගැහණියක්. ඒ ඇස් වල මම කවදාවත් බයක් කියලා දෙයක් දැක්කේ නෑ. ඩොක්ටර් අන්කල් කියන කරන හැම දේකටම තනියම මුහුන දුන්නේ පුතාගේ අම්මා. ඇඳිරි නීතිය රට පුරාම තිබ්බ නිසා, අම්මගෙයි පුතාගෙයි ලන්ග්නටවෙලා ඉන්න අවස්තාව ලැබුන එකත් මම ලබපු වාසනාවක් කියලත් මට වෙලාවකට හිතුනා. පුතේ අම්මගෙ බන්ඩිය ටික ටික ලොකුවෙද්දි, අම්මා ලොකු බරක් උහුලගෙන හිටියා පුතේ. වෙලාවකට අම්මව දකිද්දි මට දැනුනේ මහා බයක්. ඒ බරින් ටිකක් හරි මටත් ගන්න ...
මචං මේ කෙටි කවි හරි ලස්සනයි........... ඒත් සින්ඩි වල නැත්තේ ඇයි.... ඒවා පැත්තට යන්න විරෝධයක්වත් තියෙනවාද?????
ReplyDeleteඅපි සින්ඩියට දා ගත්තා... අවුලක් නැහැනේ.....
http://kurutugegeepawra1.blogspot.com/