__අහිමි දුක

මඩෙහි සුපිපුන
නෙළුම් මල දැක
ආදරේ කරන්නට
සිත් වුනා

මලෙහි සුන්ඳර
රුව දුටුව සඳ
හැඩ බලන්නට
සිත් වුනා

නුඹේ දිදුලන
සිනා දුටු සඳ
එය මටම යැයි
සිත් වුනා

නෙලාගනු බැරි
දුරක පිපි නුඹ
අහිමි දුක නෙත්
තෙත් කලා..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...