දුක වැඩිකමට ඇඩුන දවසක්.......

ලැබුනා දුරකතන ඇමදුමක්..
දන්වමින් අතුරුදන් වී ඇති බව මගේ සොදුරුතම මිතුරෙක්
හිතුවේ තවත් විහිළුවක් කියල අපේ කට්ටියගේ..
යමක් සිදුවි ඇති බවනම් මොනවට පැහැදිලියි
කවුරුත් නොදන්නෙත් ඒකම තමයි..
ගෙවී ගියා දින දෙකතුනක්ම
නොමැතිව කිසිම තොරතුරක්..
නොසෙව්ව තැනක් නොමැති තරම්
එක තැනක් ඇරෙන්න,
ඒ ඔයා ඉදපු තැන අපි කවුරුත්ම නොදන්න..
ලැබුනා තවක් දුරකතන ඇමතුමක්
ලැබුන බව දන්වමින් මල සිරුරක්
එසැනින් මගේ කටින් පිටවුනේ, මුන්ට පිස්සු...
ගෙවුනා තවත් එක රැයක් සමගින් දෙගිඩියාවකුත්
ඇත්තටම මොකද මේ වෙන්නේ ඇහුව ඉතින් දෙවියන්ගෙනුත්
කරන්නම දෙයක් නැති කමට..
වේලාව උදෑසන අටයි,
ලැබුනා තවක් කෙටි පණිවිඩයක්
සූදානම් වන ලෙස දන්වමින් පසුදින පවත්වන අවමගුල් උත්සවයට..

Comments

Popular posts from this blog

Father's Day 2021