ඔයා දන්නවද..?

මේ දවස් වල හිටපු හැටියෙම
හීනෙනුත් මම දොඩනවා...
මොකෝ බන් උඹ හීනයක් දැක්කද
අම්මා ඇවිදින් අහනවා...

එදා වාගෙම මගේ හීනෙක
ඔයා තවමත් සිටිනවා...
හීනෙකින් වත් නොසිතු ලෙස ඔබ
ගියේ ඇයි මම සිතනවා....

හීන අතරින් ඇවිද යන්නට
සිටී නම් නුඹ වටිනවා...
එදා මෙන් මගේ හදේ තවමත්
නුඹෙ පෙමට ඉඩ තියෙනවා...

Comments

Popular posts from this blog

Father's Day 2021