මට එපා නුඹ ගැන තවත්..


ලියවෙන්නේ නෑ 
කිසිම ලෙසකින්
විඳින්නට හැකි 
පදවැලක්...

කියවෙන්නේ නෑ 
සිහිනයකවත්
නුඹ ගැන 
කිසිවක් තවත්...

එදා සිට ලිව් 
කවි එකින් එක
බැලුවොතින්
මම තව වරක්...

නැවත නැවතත් 
අඬන්නට හැකි
නොනැවතී තව 
හත් දොහක්...

අන්න තියෙනවා 
කාමරේ මුල්ලේ
මට වඩා ලොකු 
පෙට්ටියක්...

විසිකරමි මම 
ඒකෙ මුල්ලට
නුඹට ලිව් කවි 
පොත් හත අටක්..

ආවොතින් නුඹ 
වැරදිලාවත් 
ඇවිත් යන්නට
තව වරක්..

අරන් පලයන් 
තියෙන ඔක්කොම
මට එපා නුඹ 
ගැන තවත්..

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021