හුටා එතකොට මේ කියන බබා කාගෙද...


පොඩ්ඩක් පරක්කු වෙලා ඇහැරුන නිසා ස්ටෑන්ඩ් එකට ආවේ හාෆ් ඩේ දාලා ඔෆිස් යන්න හිතාගෙන,

වෙලාව 9:30ට වගේ ඇති.. ඇල්පිටියෙ ඉඳන් කොළඹ එන බස් එකක යන්න හිතාගෙනයි මම ස්ටෑන්ඩ් එකට ගොඩ උනේ..

ටික වෙලාවකින් මම හිටපු තැනට ටිකක් එහාට වෙන්න තිබ්බ බංකුවේ ඉඳගත්තා ගැහැණු ළමයෙක්,
හොඳට දැකලා පුරුදු ගතියක් තිබ්බත් මම කතා කරන්න කලින් පොඩ්ඩක් හිතලා බැලුවා ඇත්තටම මම දන්න කෙනෙක්ද කියලා..

වැරදිලාවත් නොදන්න කෙනෙක් උනොත් ලෝක නඩුවක්, මොකද ටවුන් එකේ කෙල්ලොන්ගේ කටවල් හොඳ නෑ..

පස්සේ මට මීටර් උනා, ඉස්සර දහම් පාසල් යන කාලේ මාත් එක්ක එකට පන්තියේ ඉඳපු නංගි කෙනෙක්.. ඒ කාලේ ආදරේට අපි කිව්වේ සිඟිති කියලා..

එයා දැක්කා මම එයා දිහා බලන් ඉන්නවා කියලා.. ඒත් එක්කම හිනාවක් දැම්මා.. ඒ හිනාවේ මම ගොඩක් හුරුපුරුදු බවක් දැක්කා..

මම ලඟට ගිහින් ඇහුවා ආ කොහොමද සිඟිති, ගොඩක් කාලෙකින් ......

හොඳින් ඉන්නවා අයියේ...

කොහේද ගියේ..

පෝස්ට් ඔෆිස් එකට පොඩ්ඩක් ආවා..

නංගි දැන් මොකද කරන්නේ...

මන් එහෙම ඇහුවේ තවම ඉගෙන ගන්නවා හරි, මොකක් හරි රස්සාවක් කරනවා ඇති කියලා හරි හිතාගෙන..

ඒත් මට හම්බුනේ වෙන උත්තරයක්...

බබාව බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා අයියේ..

මගේ හිත මොහොතකට එක තැන නතර උනා වගේ දැනුනා...
නෑ මේ කියනවා ඇත්තේ අක්කාගෙ බබා ගැන වෙන්න ඕනේ....

අක්කලා තාම ඉන්නේ ඔයාලගේ ගෙදරමද...

නෑ අයියේ එයාලා වෙනම ගේකට ගියා, දැන් ගොඩක් කල්..

හුටා එතකොට මේ කියන බබා කාගෙද...
මං හිතන්නේ කෙල්ලට මට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා තේරුනා..

හස්බන්ඩ් රට ගියා, ඉතින් මම බබාව බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා..

එයා මෙහෙම කිව්වේ අහිංසක අසරණ හිනාවකුත් එක්ක...

ඒත් එක්කම බස් එක ඇවිත්, මම යන්නම් සිඟිති කියාගෙන මම බස් එකට ගොඩ වුනා... මග දිගට එනගමනුත් මම කල්පනා කලේ, හොඳට ඉගෙනගෙන තැනකට එන්න තිබුන ළමයෙකුගේ ජීවිතයක ඉරණම විසඳෙන හැටි...

Comments

  1. ඇයි අවුල්ද ඈ ?

    හිහි.. උඹටත් කොහෙ හරි ඉන්න සිඟිතියෙක් සෙට් වෙනවනේ..
    :පී

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...