ඉතින් මම මෙහි තනි වෙලා
විඳින දුක් ඔබ දන්නෙ නෑ
හිතින් නුඹට පෙම් කරමින්
දුරින් හිඳ ඔබ දෙස බලනවා
එයද ඔබ දන්නෙ නෑ

මගෙ හිස් අහස දෙස
බලා ගත් නෙතු මතින්
ගලා එන කඳුලු කැට
මගෙ දෙකොපුල් තෙමන නිතර
එයද ඔබ දන්නෙ නෑ

පායන්න සඳ වතියේ
එකම එක වතාවක්
විඳින්නට ආසයි මමත්
දිවිය එකම එක වතාවක්
සුඳරත්වයෙන් සපිරුනු

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021