මහැර ඔබ ගොස් ඇත බොහෝ දුර
එක්ව ආ මග මෙතෙක් කල් අප
තනිව යන්නේ කෙලෙස කිව මැන
කෙසේ පිලිගනිමිද තනිවු බව මම

කෙලෙස ඔබ නෙතු පියා ඉන්නේ
නොදුටු ලෙසින් මා නුවන් යුග
කුරිරු වුනේ කිම අපේ දෛවය
වෙන්කර ගන්නට මගෙන් රන් කද

කෙසේ පිලිගන්නද ඔබ යන වග ඔබ මෙලෙස
කර පිටින් මගේ මතින් සුදු පලස
ඔබත් සමු ගන්නේ නෑ මමත් සමු දෙන්නේ නෑ
සදු වුයේ කිමද තවම මම දන්නේ නෑ

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021