මතකයිද මාව ගෙනාපු උජාරුව
මගේ ලස්සන ගැන වර්ණනා කර කර
මම ඔයත් එක්ක කොහෙද නොගියේ
සමහර දවසට
මම තෙම්මලා ඔය නොතෙමි ගියා
සමහර දවසට
මම අව්වෙ වේලි වේලි යනවා
ඔයා හෙවනෙ යනවා
ඔයාට විහිළු කරන අයට
ගහුවෙත් මම තමයි ඉතින්
ඒ දවස් වල ඉතින් මම චන්ඩියා
දැන් ඒ කිසි දෙයක් මතක නෑ නේද
මගේ දිහාවත් බලන්නෙ නෑ ඔයා
ඔව්
මම දැන් වයසට ගිහින්නේ
ඉස්සර තිබ්බ ලස්සන මගේ නැහැනේ
කුනු දූවිලි පිරිලා
හරියට මම කර ගත්තු දෙයක් වගේ
අලුතෙන් ගෙනාපු කෙනා ලස්සනයිද
මටත් වඩා ලස්සනයිද
කමක් නෑ ඉතින්
ඔයාට හොඳ නම් ඉතින්
මගේ හිතට දුකක් නෑ
මම ඉතින් කුනු මුල්ලට වෙලා ඉන්නම්
තව වැඩි කල් ජීවත් වෙන්නෙ නෑ
මං කොහොමත්

ඇත්තටම මම කව්ද...?

Comments

Post a Comment

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...