පැතු පැතුම් මෙලෙසින් බොද වී යද්දී
මගේ ආදරය මා සිත තුලම ගොළු වෙද්දි
නුඹෙ ආදරය වෙනකෙකු වෙත දිව යද්දී
මම සිටිනෙමි සිතයට සිරකර මේ සිද්දී

නුඹ ගැන අසන අය හට මට කියන්නට
නුඹට හැකිද බොරුවක් මට කියන්නට
නුඹ සමගින් සැමදා මට සිටින්නට
එදා පෙලට ආවා උන් මට සුබ පතන්නට

මගේ ආදරය සදහට අද ගොළු වූවා
යලි නොම එන ‍ලෙසින් ඔබ මාගෙන් වෙන් වුවා
දිවියේ අරුම මෙය යයි නුඹ පැවසුවා
එය එලෙසදැයි දෙවියන්ගෙන් මා විමසූවා

මගේ දිවියට දැන් කිසි වටිනා කමක් නැතී
ඔබ නොමැතිව ගෙවන දිවියෙන් පලක් නැතී
මා පැතු පැතුම් මසිතෙම ගොළු වෙලා යතී
නුඹ දිවි පොතෙනේ මගේ වත දියවෙලා යතී

හැකිනම් නුඹට තව එකවරක් වත් මා අමතන්න
සිදුවුයේ කිමද මට පහදා දී යන්න
වරදක් සිදුවුනා නම් එය මට පවසන්න
දඩුවම මදක් වත් ලිහිල් කර යන්න



Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021