නුඹේ සිතත් දිය ඇල්ල වගෙයි
ගලන සෙනෙහෙ ජල කඳක් වගෙයි
මගේ සෙනෙහෙ ඒ තුල සැඟවෙයි
ලොවට හොරා අපි පෙම් කෙරුවයි

විටෙක නුඹ වැසි දිය හා සම වෙයි
විඩාබර මගේ හද සනසයි
නුඹේ සෙනෙහෙ මහ මෙරක් වගෙයි
සැම විටකදි මා ලඟම රැඳෙයි

මා ලඟ නුඹ සඳ සාවි වගෙයි
නුඹෙ සිරියෙන් මගෙ මුලු ලොව නැහැවෙයි
දෝරෙ ගලා යන මගෙ සෙනෙහෙ ඔබයි
මගෙ ආදර සඳ සාවි නුඹයි

හුස්ම පවා අපි ගත්තේ එකටයි
නුඹෙ සුසුමේ සුව මටද දැනෙයි
මගේ ලොවට ඔබ මිනි කිරණයි
ඒ කිරනින් මගෙ ලොව සැරසෙයි



Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021