ඔබ වෙනුවෙන් අපි....

කතා කරගන්න
බැරි උනාට
කියාගන්න බැරිව
හිතේ
දහසකුත් දේවල්
හිරවෙලා ඇති...

දැකගන්න
බැරි උනාට
දකින්න
ආස කරන
දෙවල්
හිතේ
දහසකුත් ඇති...

ඇවිදගන්න
බැරි උනාට
ඇවිදින්න යන්න
ආස තැන්
දහසකුත්
හිතේ
ගොඩ ගැහිලා
ඇති...

කතා කරන්න
මුව දෙන්න
බැරි උනත්..

ලොව දැකගන්න
දැස දෙන්න
බැරි උනත්...

සවන් දෙන්න
දෙසවන
දෙන්න බැරි උනත්....

කලහැකි යමක්
ඔවුන් වෙනුවෙන්
ඉටුකිරීමට
කාටත් සිත් දේවා.....

~~වස්සාන සිහින~~

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021