සිත හිමි මට අහිමි නුඹ...

තබා
සිත පමණක්
මගේ ලඟ..

නොපෙනී ගියා
නුඹ
මට අහිමි
ලෝකයක් වෙත....

දුර සිට
නුඹ
මා හට
අත වැනුවිට....

යලි
තෙමුනා දෙනෙත
යලිත්
මට නොදැනීම....

දැනෙයි
මහ දුකක්
මගෙ සිතට
වාගේම නුඹට...

ලැබුණා
නොවෙද
දඬුවම්
අපට...

කවුරුන් හෝ
කල
වරදකට....

සාප
කරනු එපා
ප්‍රියේ
උන් හට...

එයම
හේතුවක් වෙයි
වෙන් වන්නට
ලබන මතු
භවයෙද අපහට...

අහිමි වූයේ
නුඹ හට...
මා පමණක්
නොවෙද...

නුඹට දුන්
මගේ හිත...
තවමත් නුඹේ
ලඟ නොවෙද...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021