රැකියාවට ආවත් මම කොළඹ රටේ
මා සිත නුඹ වෙත දිව යයි හොර රහසේ
දැනෙනා පාලුව තනිකම නම් ඉමක් නැතේ
නුඹ දකිනා දින තෙක් අතැඟිලි ගනිමි මෙසේ

කාලය හෙමිහිට දිව යයි හොර රහසේ
නුඹ මගෙන් උදුර ගන්නට තවෙකෙකු සැරසේ
කාටත් වැඩියෙන් නුඹ මට විශ්වාසයි පණ සේ
දිවි මෙන් රකිමි දුන් සෙනෙහස නුඹ කාටත් රහසේ

නෙතඟින් ගලන්නට උනු කඳුලක් සැරසේ
පිහදා දමමි මම කාටත් හොර රහසේ
නුඹ දැකුමට එන්නට මට නිතර සිතේ
සෙනෙහෙ විඳින්නට ඔබගේ මා සිත් සේ

~~වස්සාන සිහින~~

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021