ලියන්නට හිතෙනවා මට
මහා කවි පොතක්...
ඒත්.....
පන්හිඳ මගේ ලඟ
කවි සිත නුඹේ ලඟ....

ගයන්නට හිතෙනවා මට
ලෝකෙටම අහෙන්නට
ඒත්....
ගීතය මගේ ලඟ
තනුව නුඹෙ ලඟ....

දිනන්නට හිතෙනවා මට
මුලු ලෝකයම
ඒත්....
ඇරඹුම මගෙ ලඟ
දිනුම් කනුව නුඹෙ ලඟ....

ඉතින්...
මා සැනසුම
නුඹ ලඟම නොවෙද...


Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021