__වරද කාගේද...

ඉස්සර
මගේ අතේ
තුවක්කුව තියෙද්දි,
රට ජාතිය
බේරගෙන එද්දි,

ජාතික වීරයෝ කියලා
උපහාර දක්වපු එවුන්.....

අද,
උදැල්ල, මේසන් හැන්ද
අතින් අරගෙන
රට හදන්න දායක වෙන
අපි දිහා
හැරිලා වත්
බලන්නේ නැත්තේ ඇයි...?

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021