__නොහැඳිනූ සහෝදර පෙම

නුඹෙ වයසට නොතේරෙනා
දහසක් දේ මට දැනෙනා
ආදරයෙන් නුඹ අමතා
ඔවදන් ලෙස මම දුන්නා

කී වචනෙට සිත රිදිලා
මගෙ නංගිය තරහා වෙලා
නුඹෙ අයියට බැන වැදිලා
යන්න ගියා නිවහන හැරලා


විභගයත් ඉවර වෙලා
දැන් සතියක් ඉක්මවෙලා
නුඹ එනතුරු පාර බලා
සිටිනෙමි මම දැසත් නොසලා

සිටිනා තැනක නුඹ සතුටින් ඉඳහන්
හමනා සුලඟෙ හෝ පනිවිඩ එවාපන්
නුඹ යන මග දෙපස දහසක් මල් පිපීයන්
පින් ගත් දෙවියනේ චූටියා ගැන බලාපන්

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...