සඳු හොරැහින් මුකුළු කරන සීත සොඳුරු රැයේ.....
මං ආසයි රණ්ඩුවෙන්න නුඹත් එක්ක ඔහේ.....
විසකටු වැනි වදන්වලට උතුරන දුක ළයේ.....
යාළුවෙලා සුසුම් මැදින් කියන්න මගෙ ප්‍රියේ.....


බෝල ගෙඩිය වගේ ඇවිත් දඟකරන්න ඔහේ.....
මට ඩිංගක් ඉඩ තියන්න ඒ ටික මට අගේ.....
තොරක් නැතුව ආදරයෙන් ළඟින් ඉන්න නුඹේ.....
අමනාපය තමයි ප්‍රියේ සෙත් කවියක් වුණේ.....

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021