කවදා හරි බිඳෙන බව දැන දැනත්
රැක ගනියි බඳුන වීදුරු උනත්
සියල්ල තාවකාලික බව දැන දැනත්
සිත බැඳුනේ ඇයිද මෙහෙමත්

දුක කොතරම් අමිහිරි උනත්
දැන දැනම වටෙනවා නැවත නැවතත්
සතුට කොතරම් ම්හිරිද යත්
ඒ මත්තෙම නහිනවා පරිදි සිත්

දිවියට කොතරම් ප්‍රශ්න ආවත්
ජය ගැනුමයි වඩා වැදගත්
මොන දේ නොලැබී ගියත්
ලද දෙයින් සතුටු වීමයි වැදගත්


~~වස්සාන සිහින~~

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021