යන්න ගියා නුඹ
මටත් නොකියාම
තවමත් සොයනවා
හිත නුඹව පෙර සේම..

දකින්නට වෙර දරමි
සිතින් වත් අහිමි නුඹව
සිහිනෙන් වත් එන්න
නවතින්න මගේ ලඟ...

ආදරේ කවියක් වග
කියාදුන්නේ නුඹයි මට
ආදරේ විරහවද
දැනෙනවා තමි මට අද...

දැනේනා දුක කවියක් කර
ලියනවා පොතක මම
කවි සිතත් ගොළු වෙලා
නුඹ රැගෙන ගියා වත්ද...

තවත් මා හඬන්නද
නොලැබෙනා නුඹ මතම
තිත්තයි කොහොමත් ඇත්ත
එහෙත් මුහුන දිය යුතුය හෙට...

පතන්නෙමි මම...

තබනා සැම පියවරම
ජය කනුව වෙතම යන්නයි
ගතවෙනා සැම මොහොතක්ම
සතුටින් පිරී ඉතිරී යන්නයි...

නොදුටු "~~වස්සාන සිහින~~"

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021